යූ. බී. වන්නිනායක

විකිපීඩියා වෙතින්

උක්කු බණ්ඩා වන්නිනායක (1905 නොවැම්බර් 23 - 1973 අගෝස්තු 21) යනු ලංකා දේශපාලනඥයෙකි. ඔහු 1965 සිට 1970 දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

උක්කු බණ්ඩා වන්නිනායක 1905 නොවැම්බර් 23 වන දින කුරුණෑගලදී උපත ලැබූ අතර අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස එස්. තෝමස් විද්‍යාලයෙනි . ඔහු ගුරුවරයෙකු වූ අතර 1930 සිට 1947 දක්වා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය.

මන්ත්‍රී ජෝන් හර්බට් ඉලංගන්තිලක මහතාගේ අභාවයෙන් පසු වන්නිනායක මහතා 1943 දී පුත්තලම ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයට තරග කර ලංකාවේ 2 වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නිකවැරටිය අසුනට තරග කර ස්වාධීනව ඉදිරිපත් වූ කවිසේන හේරත් මහතාට ඡන්ද 582 කින් පරාජයට පත්විය. [1] [2]

වන්නිනායක මහතා 1955 දී ලංකා සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වූ අතර 1954 සිට 1956 දක්වා මුදල් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

1960 මාර්තු 19 වන දින පැවති 4 වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යාපහුව මැතිවරණ දිස්ත්‍රික්කයේ අලුතින් නිර්මාණය කරන ලද ආසනයට තරඟ කළේය. වන්නිනායක මහතා ඡන්ද 6,961ක් ද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආර් බී තෙන්නකෝන් මහතා ඡන්ද 8,536ක් ද ලබා ගත්හ. [3] ඉන් අනතුරුව 1960 ජූලි 20 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආර්.බී.තෙන්නකෝන් පරාජය කිරීමට ඔහු සමත් වූයේ ඡන්ද 612කින් (ඡන්ද 9,420 ට ඡන්ද 8,808) පමණි. [4]

1965 මාර්තු 22 දින පැවති 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක තිස්ස ආර්. බලල්ල ඡන්ද 13,079 ට ඡන්ද 11,882 ක් පරාජය කරමින් ආසනය රඳවා ගත්තේය. [5] ඔහු 1965 මාර්තු 27 සහ 1970 මාර්තු 25 අතර තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඔහු 1973 අගෝස්තු 21 කොළඹදී මිය ගියේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Result of Parliamentary General Election 1947" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
  2. "University of Ceylon Review". 6–8. University of Ceylon. 1948: 153. {{cite journal}}: Cite journal requires |journal= (help)
  3. "Result of Parliamentary General Election 19 March 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
  4. "Result of Parliamentary General Election 20 July 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
  5. "Result of Parliamentary General Election 1965" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
"https://si.wikipedia.org/w/index.php?title=යූ._බී._වන්නිනායක&oldid=601809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි