යෂ්මෙක්

විකිපීඩියා වෙතින්
යෂ්මෙක් පැළඳි හාලිඩ් ඉඩිප්
යෂ්මෙක් පැළඳ සිටින අරාබි කාන්තාවක් (19වන සියවසෙහි අවසාන භාගයෙහි)

යෂ්මෙක්හෝ යෂ්මාක් ( කුර්කි yaşmak, "මොට්ටැක්කිලියක්" වෙතින්[1]) යනු, සමහරක් මුස්ලිම් ස්ත්‍රීන් විසින් ප්‍රසිද්ධ ස්ථානයන්හීදී ඔවුන්ගේ මුහුණ ආවරණය කර ගැනීමට පළඳිනු ලබන තුර්කි ආකාරයෙහි මොට්ටැක්කිලියක් හෝ නිකාබයකි. වර්තමානයෙහි මෙම ඉස්ලාමීය වස්ත්‍රය තුර්කියෙහි භාවිතය නැති තරම්ය.

විස්තරය[සංස්කරණය]

සාමාන්‍ය මොට්ටැක්කිලියක් මෙන් නොවන යෂ්මෙකයෙහි, එක් ඒකකයක් ලෙසින් පැවතෙන හිසට-පැලඳෙන-මොට්ටැක්කිලියක් සහ මුහුණ-වැසෙන-මොට්ටැක්කිලියක් අඩංගු වන අතර, එබැවින් නාසයට පහළින් මුහුණ හරහට ගැට ගැසෙන සහ අනෙක හිස වසමින් රැළි වැටෙන පරිදී නලල හරහට ගැටගැසෙන යන්නාවූ තුනී මස්ලින් කැබලි දෙකකින් සමන්විත වෙයි.

කළු පැහැ අශ්වකෙඳි භාවිතයෙන් වියන ලද සහ කම්මුල් අසබඩ සවි කොට පහළට වැටෙන වියනක් ලෙසින් මුහුණ ආවරණය කෙරෙන පෙචෙනමින් හැඳින්වෙන චතුරස්‍රාකාර රෙදි කැබැල්ලක් හෝ ඇස් නිරාවරණය වන දික් සිදුරු සහිතව පටි ආශ්‍රයෙන් හිස පිටුපස බැඳි සහ නාසය මතින් කුඩා රන් කැබලි මගින් ආධාරකයක් සැපයුනු ලේස් කැබලි වලින් තැනුනු මොට්ටැක්කිලියක් හෝ යෂ්මෙකයක අඩංගු විය හැක.

මෙයද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "ආවරණය කිරීමට, සැඟවීමට" යන අර්ථය දුන් සර්වසම පැරණි තුර්කි ක්‍රියා පදයක් වෙතින්. මුල් ක්‍රියාපදය භාවිතයෙන් බැහැරව ඇති අතර නව ක්‍රියාපදයක් , යෂ්මාක්-ලා-මක් "මොට්ටැක්කිලිය පැලඳීමට" යන්න විකාසිත වී ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

Yashmak හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

"https://si.wikipedia.org/w/index.php?title=යෂ්මෙක්&oldid=398963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි