යටකමිසය

විකිපීඩියා වෙතින්
(යට කමිසය වෙතින් යළි-යොමු කරන ලදි)
A-ෂර්ට් යට කමිසයක්
ටී-ෂර්ට් යට කමිසයක් සඳහා නිදසුනක්; මෙය සාමාන්‍යයෙන් පිටත ඇඳුමක් ලෙස අඳිනු නොලැබේ.

යටකමිසයක් යනුවෙන් හැඳින්වෙන්නේ කමිසයට යටින් අඳිනු ලබන යට ඇඳුම් ප්‍රභේදයකි.‍ මෙමගින් කමිසය දේහයේ දහඩිය සහ ගන්ධයෙන් ආරක්ෂා කරනු ලබයි. මීට අමතරව එය පුද්ගලයකුට අඳින්නට සිදුවන රළු හෝ අපහසු වස්ත්‍රවලින් (අනුගම්‍ය වැඩ නිලඇඳුම වැනි) සිරුර ආරක්ෂා කිරීම ද සිදුකරනු ලබයි. මෙයට අත් තිබීමට හෝ නොතිබීමට හැක. මෙම වදන බොහෝවිට භාවිතා වන්නේ පිරිමින් විසින් අඳිනු ලබන සිරුරේ ඉහළ පෙදෙස වැසෙන වස්ත්‍රයටයි. මෙම ඇඳුම සතුව සාමාන්‍යයෙන් පහළ රවුම් කරක් දක්නට ලැබේ. එය ක්‍රීඩා කටයුතුවල දී භාවිතා කළ හැක.

මෙමගින් කමිසයේ පාරදෘශ්‍ය ස්වාභාවය අඩු කෙරේ. ශීත මාසවල දී මෙය උණුසුම ලබා ගැනීමට අමතර ස්තරයක් ලෙස ද පැළඳිය හැක.[1]

ඉතිහාසය[සංස්කරණය]

යූනියන් සූට් නැමැති ඇඳුම ඉහළ සහ පහළ දේහය ලෙස කොටස් දෙකකට වෙන්වීමත් සමග, 20වන සියවසේ මුල්කාලයේ බටහිර රටවල කර්මාන්තශාලාවල නිෂ්පාදිත යටකමිස සුලබ විය.

යටකමිස ප්‍රභේද[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Esquire: the handbook of style : a man's guide to looking good (English බසින්). New York, NY: Hearst Books. 2009-01-01. ISBN 9781588167460.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  2. "NVSBL: Undershirt | The Best Undershirts For Men". NVSBL Undershirt. සම්ප්‍රවේශය 28 අFebruary 2017. {{cite web}}: Check date values in: |accessdate= (help)


සැකිල්ල:Clothing-stub

"https://si.wikipedia.org/w/index.php?title=යටකමිසය&oldid=394881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි