ට්‍රන්ක් (ඇඳුම්)
ට්‍රන්ක් යනුවෙන් හැඳින්වෙන්නේ ලිහිල්ව-සිරවන හෝ ඇඟතදවන කෙටි කලිසම් වශේෂයකි. මේවා බොක්සිං, පිහිනීම සහ ධාවන ක්‍රීඩා වැනි ක්‍රීඩාවල දී භාවිතා වේ.[1][2]
පිහිනුම් වස්ත්‍රයක් ලෙස හැඳි විට ට්‍රන්ක්, බොහෝ අවස්ථාවල පිහිනුම් ට්‍රන්ක් හෝ නානා ට්‍රන්ක් (හෝ වඩාත් ආචාරශීලී යෙදුමක් අනුව නාන ඇඳුම් කට්ටලය වැනි) ලෙස හඳුන්වන අතර සාමාන්‍යයෙන් මේවා දණහිස තෙක් දිවෙන බෝඩ් කොට කලිසම්වලට වඩා කෙටි ය. ට්‍රන්ක් උතුරු ඇමරිකාවේ පිරිමන් අතර වඩාත් ජනප්‍රියම පිහිනුම් ඇඳුම් ප්‍රභේදය වේ. මේවා මෝස්තරය සහ ශෛලිය අනුව විවිධත්වයක් ගන්නා අතර බොහෝවිට වියළීමේ පහසුව පිණිස ආස්තරණය කළ නයිලෝන්වලින් තනා ඇත.
වෙනත් භාවිතා
[සංස්කරණය]බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියේ දී ට්‍රන්ක් යන යෙදුම ඉහත විස්තර කළ පරිදිම ඇමරිකන් ඉංග්‍රීසි යෙදුම ලෙසම යෙදේ. නමුත් එය කලවාවල මැදි ප්‍රදේශය තෙක් විහිදෙන පිරිමි යට කලිසම් ප්‍රභේදයක් වන බොක්සර් කොට කලිසම් හැඳින්වීම සඳහා ද භාවිතා කළ හැක.[2]
ඇමරිකානු ඉංග්‍රීසියේ දී, මෙම යෙදුම ඇතැම් අවස්ථාවල ට්‍රන්ක් හෝස් සඳහා ද භාවිතා වූ බැව් කොලින්ස් ඇමරිකානු ඉංග්‍රීසි ශබ්දකෝෂයේ දැක්වේ. එහි පැවසෙන්නේ "16වන සහ 17වන සියවස්වල පැළඳි ජංඝා පෙදෙසෙන් අර්ධයක් පමණ පහළට විහිදුණු සම්පූර්ණ, එල්ලා වැටෙන සරුවාලයක් බවයි."[3]