යක්කල

විකිපීඩියා වෙතින්
යක්කල
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දුරකථන කේතය(න්)033

යක්කල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ගම්පහ නගරයට ආසන්නව පිහිටා තිබෙන නගරයකි. යක්කල නගරයේ ආසන්නතම විශාල නගරය ගම්පහ වන අතර, එය කිලෝ මීටර 4.5 ක් පමණ දුරින් පිහිටයි. කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වික්‍රමාරච්චි ආයුර්වේද මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේද යක්කල තුලයි.

ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වන වාරණ, පිළිකුත්තුව, ඌරුවල සහ මාළිගාතැන්න යන රජමහා විහාර වෙත ගමන් ගන්නා සමහරක් මාර්ග වැටී තිබෙන්නේද යක්කල නගරය හරහා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=යක්කල&oldid=352683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි