මොල්ලිගොඩ
මොල්ලිගොඩ නැමති ග්‍රාමය පිහිටා තිබෙන්නේ පානදුර ප්‍රාදේශීය සබා භූමියට අයත් වූ කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයේය.කොළඹ සිට කිලෝමීටර් තිස් හතරක් පමණ ගාලුපාරේ පැමිණි කළ මෙම ප්‍රදේශයවෙත ලඟා විය හැකිය. බෞද්ධ සහ කතෝලික ප්‍රජාව ඉතා සාමකාමී ලෙසින් වෙසෙන ග්‍රාමයකි. ග්‍රාමයේ එක් සීමාවක් සයුර දෙසටය. වාද්දුව, හබරලගහලන්ද,මාවල, මැස්ටිය, කොරොස්දූව , දෙල්දූව පොතුපිටිය සහ පොහද්දරමුල්ල යන ග්‍රාමයන් මොල්ලිගොඩට මායිම් වේ.
හැදින්වීම
[සංස්කරණය]මොල්ලිගොඩ ග්‍රාමයේ අතීතය ගම්පල සහ කෝට්ටේ රජ සමය දක්වාම ඈතට දිවේ. ප්‍රවචනෝදය පිරිවෙන, දෙගම්මද මහා විහාරය ආදී සුවිශේශී බෞද්ධ මධ්‍යස්ථාන රැසකට සෙවණ සපයන්නා වූ භූමියකි. දුම් රිය මාර්ගයට මායිම්ව අහස පරයා ඉහලට එසවුනු ප්‍රාකාරයෙන් යුතු රමණීය කතෝලික දේවස්ථානයක් ද ග්‍රාමයේ පිහිටා තිබේ. මොල්ලිගොඩ මංසන්දිය යනූ අතීතයේ සිට ගාළු පාරේ ප්‍රකට නවාතැනකි. විසිවන සියවසේ ඇරඹි මොල්ලිගොඩ ආයුරුවේද රෝහල ප්‍රදේශයේ විශාල පිරිසකට සේවය සපයන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
ඉතිහාසය
[සංස්කරණය]මොල්ලිගොඩේ යන ග්‍රාමය අතීතයේ ප්‍රදේශ පහකින් සෑදී තිබූ බව සඳහන් වේ. එනම් මොල්ලිගොඩේ, සුසෙව්ගොඩේ, කෝණ්ගහපතිරගොඩේ, එගොඩගොඩේ සහ හින්නගොඩේ වශයෙනි.
මොල්ලිගොඩ යන ග්‍රාමයේ නාමය නිර්මාණය වීම සම්බන්ධයෙන් ජනප්‍රවාද ද්විත්වයක් පවතී. ඉන් එකක් නම් මහනුවර සිට පැමිණියා වූ මොල්ලිගොඩ නිලමෙතුමාගේ ඥාතීන් පදිංචි වූ බැවින් මොල්ලිගොඩ නම් වූ බවය.එනමුදු එම ප්‍රවාදයේ පැහැදිලි පරස්පරතා පවතින බැවිනුත් කිසිඳු ප්‍රාථමික හෝ ද්විතීය මූලාශ්‍රයක එම මතය පැහැදිලි කරවීමක් නොවන බැවින් පිළිගත හැකි පුවතක් නොවේ. දෙවන ජනප්‍රවාදය මෙම භූමියේ අතීතයේ පැවති බව කියන සුදර්ශන නැමති දෙම් මැදුර සම්බන්දයෙනි. සුදර්ශන යනුවෙන් හඳුන්වා තිබෙන්නේ විශ්ණු දෙවියන් බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රයේ සඳහන් වේ. පානදුර සහ පොතුපිටිය ග්‍රාම ද්විත්වය මධ්‍යයේ පැවතියා වූ සුදර්ශන නැමති දෙව් මැඳුර කෝට්ටේ ගම්පල ආදී යුගවල රචිත බොහෝ සංදේශ කාව්‍ය වල සඳහන් වේ. තිසරයේ දැක්වෙන්නේ,නොකාලයේ ඇසිරූ කළ ලොවැස්සන උ දා ල යේ කුළු දී තොස සලස්සන ලොපාල යේ බැඳ සිතු නොපසු බස්සන දෙ වා ල යේ ඉඳ යා ගන් සුදස්සන යනුවෙනි . එසේම පරවි සංදේශ කාව්‍යයේ දැක්වෙන්නේ ත ද තෙ ද පැවති යුගතග විලසින් නිබ ඳස ඳ න ඳ කරන විලසින් මද රද පබ ඳබ ඳ අ ද රින් වැඩ සිදුවන ලෙස ලොබ ඳයැ ද සු ද සුන් දෙවිඳුට යාගන් සබ ද යනුවෙනි. සුදස්සන වන්දනාව ඉපැරණි වන්දනාවක් වූ බව වස්කඩුබද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වේ. එම කෲතියට අනුව කතෝලික දහම වැලඳගැනීමට පෙර බොහෝ සලගම කුලයේ පිරිස් වැඳපුදා තිබෙන්නේ සුදස්සන දෙවිඳුටය. මෙම සුදස්සන දෙව් මැදුර පිහිටි භූමිය රයිගම් රාජ සමය වන විට පාලනය කළේ මාලවතී මහදේවිය නැමති ප්‍රාදේශීය නායිකාව විසින. ජනප්‍රවාදයට අනුව නම් ඇය රයිගම යකුන්දූවේ විසූ තෙන්නකෝන් මුඩිත්ත බණ්ඩාර රාළහාමිගේ දියණීයකි. ඇගේ අනෙක් සොයුරිය රයිගම බණ්ඩාර රජුගේ අගබිසෝ තනතුර හෙබවීය. ඇය ආලවතී බිසෝ බණ්ඩාර නම් විය. ඇයට බොහෝ කාලයක් යනතුරු කිසිඳු දරුගැබක් නොපිහිටිය.ඇය ගැබිණියක් වූවේ විවාහා වී දස වසරකට පසුවයි. ආඬිගුරුන් පැවසූවේ කුමාරයෙකු ගැබ්ගෙන ඇති බවය. රජතුමා ඉන් බොහෝ සන්තෝශයට පත් විය. මෙසේ දස මසක් ගෙවීගියේය. ආලවතී කුමරිය දරුවා ප්‍රසූත කළේය. ලැබී තිබුණේ ගැහැණු දරුවෙකි. මෙම ශෝකය සහ බලාපොරොත්තු කඩවීම විඳදරාගත නොහැකි වූ ආලවතී දේවිය ඉක්මනින්ම කළුරිය කළේය. කුඩා දියණියගේ වගකීම ලැබුණේ සුළු මව වූ මාලවතී බිසෝ බණ්ඩාර වෙතටයි. නමුදු ඇයට රජමාළිගය තහනම් කලාපයක් විය. එයට හේතුව ඇය වඳ ස්ත්‍රියක් වීමය. එවක වඳ ස්ත්‍රියක් දර්ශනය වීම දුර්භාග්‍යක් ලෙසින් සැලකූ නමුදු රාජකුලේ උපන් බැවින් මාලවතිය එසේ කෙලෙසා හැර නොහැකි වීලු. එබැවින් රයිගම රට කෙරවලක ඇයට නින්දගම් ලබාදුන්නේලූ. මාලවතී දේවිය විසින් ආලවතී අක්කණ්ඩියගේ දියණිය තම ග්‍රාමයට රැගෙන ගොස් ඇති දැඩි කරන ලදී. කුඩ වයසේදීම ඇගේ පිටේ මොල්ලියක් නැමති ගෙඩියක් ආවේලු . එබැවින් ඇය ප්‍රකට වූවේ මොල්ලිනා බිසෝ බණ්ඩාර ලෙසිනි. යෞවන අවධියේදීම මොල්ලිනා සිල්වත් දිවියක් ගත කිරීම අරඹා තිබේ. ඒ සඳහා ඇය තෝරා ගත්තේ සුදර්ශන දෙව් මැදුරයි. මෙම සමය වන විට ප්‍රතිගාලුන් විසින් රයිගමට අයත්ව පැවති මූදුබඩ භූමි සූක්ශමව අත්පත් කරගත් අතර සුදස්සන භූමිය පවා ඈඳාගන්නා ලදී. රජ පරපුරට අයත් වූවෙකු බැවින් මොල්ලිනා කුමරියට ප්‍රතිගාලුන් අඩම්තේට්ටම් කළේ නැතිලු. නමුත් සුදර්ශන දෙව්මැදුරේ කතෝලික භූමියක් සැකසීම අරඹා තිබේ. කුමරියව ප්‍රතිගාලුන් විසින් බෞතීස්ම කළේය. පසුව ඈ හඳුන්වන ලද්දේ දෝන මොල්ලීන පෙරේරා ලෙසින. වස්කඩුබද්ද විවරණය කෲතියේ සඳහන් වන්නේ මෙදවස වළිමුණි නම් අයෙකු වෙතට කතෝලික දේවස්ථානය සැකසීමේ වගකීම ප්‍රතිගාලුන් විසින් පවරා දුන් බවය. ඔහු වළිමුණි පරපුරෙන් පැවතෙන සලාගම වංශිකයෙකි. වලිමුණි විසින් කතෝලික දේවස්ථානයේ අල්තාරය සහිත වේදිකාව තැනුවේ සුදර්ශන දෙවියන්ගේ මූර්ථිය මධ්‍යයට කරවමිනි,බැලූ බැල්මට කතෝලික වුවත් අභ්‍යන්තරය ස්වදේශීය දහමම විය. ඒ අනුව හොර රහසේ සුදස්සන දෙවියන් පිදීමට අවශ්‍ය නොවීය. එය සුදස්සන බැතිමතුන් අතර ප්‍රකට වූත් කතෝලිකයන්ට තහනම් වූත් රහසක් විය. දේවස්ථානය සාදා කාලයක් ගතවන තුරුම මෙය ප්‍රතිගාලුන් නොදන්නා ප්‍රකට රහසක් විය. නමුදු එම රහස එසේම බොහෝකාලයක් පවත්වා ගැනීම දුශ්කර විය. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රයේ සඳහන් වන්නේ මෙම රහස ප්‍රතිගාලුන්ට පැවසූ අය දේශපාලුවන් වශයෙනි. එහිම එම පාවාදීම සිදුකළ පුද්ගලයාගේ නාමයද සඳහන් වේ, ඒ තල්පිටිබද්දපත්තුවේ ලියනරාළලාගේ අද්‍රියන් නම් අයෙකු බවය. එහි තවදුරටත් සඳහන් වන්නේ මෙම පාවාදීමෙන් පසුව මෙම පුද්ගලයා මොල්ලිගොඩ ප්‍රදේශයට මුහන්දිරම් වරයෙකු ලෙසින් පත්කරවා ඔහුට පෙරේරා ජයසේකර සෙනවිරත්න නමින් ගරු නම්බුනාම ලබාදුන් බවය.වලිමුණි නැමැත්තාව සොහොනේ තබා මැටිගැසූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙසමයේම පොතුපිටිය ප්‍රදේශයට කොළබ කොටුවේ වුල්ෆන්ඩාල් නම් පෙදෙසේ සිට පැමිණි ප්‍රතිගාල් විරෝදියෙකු මොල්ලිනා කුමරියගෙන් උදව් පැතීය. ඔහු දොන් සුසෙව් නම් විය. කතෝලික දහම වැලඳගෙන සිටියා වූ ඔහු රහසේ ප්‍රතිගාලුන්ට විරුද්ද පිරිස් වෙතට ආධාර සැපයුවේය.ඔහුගේ පියා සමඟ ඔහු කුඩාකාලයේ පොතුපිටියට පැමිණ් සිටියේ වීදියේ බණ්ඩාරට උපකාට කිරීමටලු. වරෙක ඔහු නිකපිටියේ බැණ්ඩාර නම් මිනිසුන් මුලාකළ රැවටිලිකාරයෙකුට පවා මුලාවිය. මොල්ලිනා කුමරිය සුසෙව් නැමැත්තා දෙව්මැඳුරට ගෙන්වා ගත්තේය. වස්කබඩු බද්ද විවරණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ මොල්ලිනා කුමරිය සුසෙව්ගේ දරුවන් තම දරුතනතුරේ තබා රැකි බවය. කරාව කුලයේ ප්‍රකට මූලාශ්‍ර වල සහ වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රයේත්, නාරි සංදේශයට අරුත් ග්‍රන්ථයේත් සඳහන් වන්නේ මෙම පිරිස් නිසාවෙන් මෙම පළාතේ බොහෝ ප්‍රකට “සුසෙව්හේවාගේ” වාසගම සහිත පෙළපත ඇරඹුණූ බවය. ධර්මසේන පුවත කෲතියේ සඳහන් වන්නේ කරාව කුලයට අමතරව මොල්ලිගොඩ ප්‍රදේශයේ සුසෙව්හේවගේ යනුවෙන් පෙළපත් නාම සහිත වෙනත් කුලවල පිරිස් ද වෙසෙන බවය. ඔවුන් අතීතයේ සුසෙව් හින්නගේ වාසගම් දැරූවන් වූ බව එහි තව දුරටත් විවරණය වේ. මොල්ලිනා කුමරියගේ නින්දගම යන අරුතින් මොල්ලිගොඩ නම් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.මොල්ලිගොඩ ග්‍රාමයේ නාමය නිර්මාණය වූ සමය සමග මෙම පුවතේ කාලවකවානු සමානවේ. එනම් ගම්පල සහ කෝට්ටේ යුගවල මුල්සමයේදී එතරම් ප්‍රකට ලෙසින් සුදස්සන මැඳුර විවරණය කලත් මොල්ලි නාමය භාවිතා වී නැත්තේ එවන්නාමයක් නොමැති නිසාවෙනි. නමුදු ඉන් වසර එකසිය පණහකට පමණ පසු කෝට්ටේ තෝම්බු යුගයේදී මොල්ලිගොඩ නාමය භාවිතාකර තිබේ. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් සඳහන් කරන පරිදි ඒ අනුව මොල්ලිගොඩ යන නාමය ඇරඹෙන්නට සැකසී ඇත්තේ ප්‍රතිගාල් යුගයේබව සත්‍යයකි.,
තවත් මෙම පලාතේ ප්‍රකට වාසගම් ඇති වීමට මෙම පුවත බලපෑවේලු. එනම් දොන් සුසෙව්හේවායාගේ දියණියන් තිදෙනා ගේ විවාහා නිසාවෙනි. ඉන් පළමු වැන්නා විවාහා වූවේ නිකපිටියේ බණ්ඩාර නමින් පෙනී සිටියා වු රැවටිලි කාරයාවයි. දෙවැන්නා වුල්ෆන්ඩාල් වීදිය නම් ග්‍රාමයේ සිට පැමිණියා වූ දොන් ඇලෙක්සැන්ඩර් නම් දේවපල්ලා සමඟ විවාහ විය. ඔහු කෝණ්ගහපතිරගම නම් ස්ථානයේ පැළපදියම් වූ අතර ඔහුගේ පරිවාරයේ පෙලපත් නාමය කෝණ්ගහපතිරගේ උනේලු. තුන් වැන්න විවාහා වී ඇත්තේ වස්කඩුවේ කොබෝදූවවත්තේ විසූ වළිමුණිගේ දානියල් ප්‍රණාන්දු සමගය. එනිසාවෙන් වලිමුණි පරිවාරයන් මොල්ලිගොඩට පැමිණියේලු. ලන්දේසි සමයේ පොතුපිටියේ වාලුකාරාම විහාරය ඉදිකළ භික්ෂුව මොල්ලිගොඩ ගම්වාසියෙකු විය. ඔහු දොන් සුසෙව් හේවායාගේ පරපුරේ අයෙකු විය.ඔහුගේ ගිහි නාමය වූවේ සුසෙව්හේවාගේ දොන් පිලිප් කොරනේලිස් පෙරේරා අප්පුහාමි නම් විය. පැවිදි වූ පසු ඔහු නන්දසිරි ගණින්නාන්සේ යනුවෙන් ප්‍රකට විය. ඔහු පෙරාතුව ලන්දේසි හමුදාවට වෙඩික්කාරයෙකු ලෙසින් බැඳී උඩරට යුද්ධයක් වෙනුවෙන් පිටත් වී තිබේ. සටණෙන් පැරදී ඔහු උඩරට මල්වතුපාර්ශවයේ භික්ෂුවක් සමීපයේ පැවිදි වුවද වසර ගනනාවක් සිල්වත් තැනක් ලෙසින්ම දිවිගෙවා උපසම්පදා නොවී තම ගමට ආවේලු. නමුත් ගමේ ආරච්චි විසින් තෙරණමකට සෙවන සැලසීම ලන්දේසි ආණ්ඩුවට කරනා අකටයුතුකමක් බව පවසා සිල්වත් තැන පලවාහරින ලදී. ඔහු පොතුපිටියට පැමිණ එවක පොතුපිටියේ විසුවා වූ ධර්මසේන නැමති මුදියන්සේගෙන් අවසර ලබා පොතුපිටියේ පදිංචි වී තිබේ. ක්‍රිස්තුවර්ශ 1770 පමණ වන විට ප්‍රකට සිල්වත් තෙරණමක් වූ නන්දසිරිගනින්නාන්සේ මොල්ලිගොඩ වලව්වක සිට පොතුපිටියේ ධර්මසේන මුදියන්සේට විවාහපත් කරවාදී සිටියා වූ දෝන ඉල්ලේනා(රංපන්හිඳ වලිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ) ළමාතැනී සමඝ එක්වී බොදු විහාර තැනවීමේ ව්‍යාපාරයක් අරඹාතිබේ. ඉන් එක් විහාරයක් වූවේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන යනුවෙන් වර්ථමානයේ ප්‍රකට මොල්ලිගොඩ විහාරයයි. වස්කඩුබද්ද විවරණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙම විහාරය පළමුව සලාගම වංශය විසින් අත්පත් කරගත්තා වුවත් කාලයෙන් කාලය බලවත් වන වංශ විසින් එකී එකී කාලයට බලය ගොඩනගා ගත් බවය. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් සඳහන් කරන පරිදි මෙම විහාරයට ගම්වාසීන් ඉඩ සලසා දෙන ලද්දේ ඉපැරණි සුදර්ශන දේවාල භූමියේය. කතෝලික දේවස්ථානයක් වූ පසුව සියවසක් පමණ ඇවෑමෙන් දේවස්ථානය අතැහැර දමා තිබේ. එයට බලවත් හේතුවක් වූවේ ලන්දේසීන් විසින් සිදු කල දරුනු කතෝලික මැඩීම් ය. අතහැරදමා පැවති පල්ලියේ 1775 වසරේ දී පමණ විහාරය ඉදිකරන සමයේ පැවත ඇත්තේ නටබුන් පමණකි, එසේම මෙසමය වන විට බෞද්ධයෙකු මෙම පළාතේ නොවූ තරම් ය . සියල්ලෝම කතෝලික නැතහොත් රෙපරමාදු විය. පසු කාලයේ ඇතිවූ බොදු පුනර්ජීවන ව්‍යාපාර විසින් වර්ථමානයේ කුඩා කිතුණුවන් පිරිසකට සීමා කරවා තිබේ. එසේ වුවද වර්ථමානයේදී පවා සැලකිය යුත්තා වූ කිතුණුවන් පිරිසක් මෙම ග්‍රමයේ වාසය කරයි.මොල්ලිගොඩ විහාරය නොහොත් වත්මන් පිරිවෙන් විහාරය ඒකාලෝක කළ යතිවරයෙකු වූවේ මහදම්පේ මාහිමියෝය. එනම් මාදම්පේ ධම්ම රක්ඛිත හිමියෝය. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් සමඟ එකට පොතුපිටියේ ධම්මසේන හිමි සමීපයේ පාලි භාශාව හැදෑරූවෙකු විය. සුභූති හිමියන් සමඟ එක්වී පානදුරාවාදයට පවා අනුශාසනා සිදුකළ අයෙකු විය. පිරිවෙන් මහා විහාරය වශයෙන් ආරම්භ කළ යතිවරයාණන් වූවේ ධම්මරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුව වූ රයිගම ඉන්ද්‍රජෝති හිමියෝය.එතුමානෝ 1896 වසරේ දී පලාතේ සිටි සුවිශාල ධානපතියන් වූ දොන් චාලිස් පෙරේරා සමරසේකර මහතා, ඇම්. පිනෙස් ප්‍රණාන්දු මහතා සහ එස්. සීමන් ධර්මසේන වීරසිංහ පොතුපිටිය විදානේ මහතා සමග එක්ව පානදුර බොදු සමිතිය පිහිටවා ගත් අතර පානදුර ප්‍රදේශයේ බොහෝ බොදු විහාර සංවර්ධනය සඳහා එමගින් අත හිත ලබා දුන්නේය,
මොල්ලිගොඩ පිරිවෙන් විහාරය නැතහොත් මොල්ලිගොඩ විහාරය තනවා වසර පණහක් යාමටත් මත්තෙන් තවත් විහාරයක් මොල්ලිගොඩ ග්‍රාමයේ අරඹන ලදී. එය හැඳින්වූවේ මොල්ලිගොඩ දෙගම්මැද විහාරය යනුවෙනි. මොල්ලිගොඩ සහ වද්දුව ග්‍රාමයන් ගේ සීමාවේ පිහිටි බැවින් එම විහාරය දෙගම්මැද විහාරය නම් වූවේලු. වාද්දුවේ දම්මානන්ද හිමියන් විසින් මල්වතු විහාර පාර්ශවයේ පැවිද්ද ලබා පැමිණ තම මුල් ගම වූ මොල්ලිගොඩේ මෙම විහාරය තැනුවේලු. ඒ දහනවවන සියවසේ මුල් සමයේය. ඉතා අල්පේච්ඡ දිවියක් ගතකළ උන් වහන්සේ විහාර මන්දිර තැනවීමට වඩා උත්සුක වූවේ උගත් සංඝ පරපුරක් බිහි කරවීමටලු. එනිසාම වර්ෂ 1850 පමණ වන තුරුම විහාරයේ පැවතියේ මැටි ගැසූ ගොඩනැගිලි පමණකි. විහාර මන්දිර, ධර්මශාලා, ඝණ්ඨාර කුළුණු සහ ආවාස මන්දිර පවා පසු කාලයට අයත් වන්නේ එබැවිනි.
වසන්තාරාමය යනුවෙන් ප්‍රකට විහාරය මොල්ලිගොඩ පිරිවෙන් විහාරයට අයත් වන කුඩා විහාරයකි. විසිවන සියවසේ මධ්‍ය දශකයකදී පමණ ප්‍රවචනෝදය පිරිවෙනෙහි විසූ දායක දායිකාවන් විසින් කරවා ශාසනයට පූජා කළා වූ විහාර මන්දිරයක් වේ. එසේම ප්‍රවචනෝදය පිරිවෙනට අයත්ව ලංකාව පුරා ශාසනයට පූජා කළා වූ විහාර රැසක් වේ. ඒ අතරින් අනුරාධ පුර පූජානගරයේ පවා මොල්ලිගොඩ ආරාමයක් පවතී.
මූලාශ්‍ර
[සංස්කරණය]වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රය-1875වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි/ජයවර්ධනපුර ඉතිහාසය-1925ඩබ්ලිව්.ඒ.එෆ්.ධර්මවර්ධන/ධර්මසේන පුවත-1917