කොරොස්දූව
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය සභා භූමියේ වාද්දුව තැපැල් බල ප්‍රදේශයේ කොරොස්දූව පිහිටා තිබේ. ගාළුපාරේ මොල්ලිගොඩ මංසන්ධියේ සිට පිරිවෙන මාර්ගයේ කිලෝමීටර් එකක් පමණ ගමන් කළ පසුව මෙම ග්‍රාමයට ලඟා විය හැක. කොරොස්දූව ග්‍රාමය වර්ථමානය වන විට ග්‍රාම දෙකක් අතර බෙදී පවතී. එක් කොටසක් පොතුපිටිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමට සහ අනෙක් කොටස මොල්ලිගොඩ ග්‍රාමයට අයත් ව තිබේ.කොරොස්දූව වාද්දුව,පොහද්දරමුල්ල ,දෙල්දූව,කොළබද ආදී ග්‍රාම වලටද මායිම්වේ. වසර එක්දහස් අටසියය අගබාගයේ නිර්මාණය වූ කොරොස්දූව විහාරය මෙම පළාතට ආභරණයක් බඳුය.
ඉතිහාසය
[සංස්කරණය]කොරොස්දූව යන නාමය නිර්මාණය වර්ෂ එක්දාස් හත්සියය දක්වා ඈතට දිවයයි. එසේ් එම නාමය නිර්මාණය කුල ද්විත්වයක් සමඟ බැඳී පවතී.සලගම කුලයේ මූලාශ්‍ර වල සඳහන් වන්නේ මෙම ග්‍රාමයේ නාමය නිර්මාණය වී ඇත්තේ සලාගම කුලයේම එක් අනුකොටසක් වූ හින්න කුලයේ ජනතාව විසූ බැවින. එය වර්ෂකණ්ඩරාෂ්ට්‍රයේද සඳහන් වේ. ජනප්‍රවාදයට අනුව නම් හින්න කුලයේ පිරිස් රෙදි සේදීම සිදු කරන්නේ සලාගම කුලය සඳහා පමණි.සලාගම කුලයේද කුරුඳුකාර සහ හේවාකාර පිරිස් සඳහා ඇපිල්ලීම විරිතක් වශයෙන් මෙහි ජනතාව සිදුකළේ නැත. වර්ෂ 1700 ශතවර්ෂයේ මොල්ලිගොඩ ග්‍රාමයේ වාසය කළා වු ප්‍රකට ගම්පති සලාගම පරපුරක් වූවේ වලිමුණිගේ ඩි සිල්වා ජයසිංහ පවුලයි.ධර්මසේන රාළලාගේ රිචඩ් ප්‍රේරා මුහන්දිරම්තුමාගේ කාළාත්‍රයා වූ ප්‍රකට වලිමුණිගේ දෝන ඉල්ලේනා රෂෙල් ඩි සිල්වා ජයසිංහ කුමාරිහාමි එම පවුලේ පසුකාලීන පුරුකකි. වලිමුණි පරපුර ප්‍රමුක කරගත් මොල්ලිගොඩ සහ පොතුපිටිය ප්‍රදේශයේ සලාගම පිරිස් සඳහා ආවතේව කරන පිරිස් වාසය කළේ වත්මන් කොරොස්දූව ප්‍රදේශයේ ය. ඔවුන් බොහෝ විට සලාගම ප්‍රභූන්ගේ කෙත්වතු අස්වද්දන ලදී. සලාගම පිරිස් විසින් එක් සතියක් සඳහා හින්න පවුල් සංස්ථාවක් සඳහා නිකුත් කරවන ලද්දේ එක් බත් කොරහක් පමණි. කොරහ යනු ඉපැරණි සුවිසල් නෑඹිලි විශේෂයකි. එසේ කොරහක් සහල් ලද්දා වූ ග්‍රාමය එකල හැඳින් වූවේ බත් කොරහ යනුවෙනි. කෙත්වතු මධ්‍යයේ පිහිටි දූපතක හැඩ ගත්තා වූ බැවින් මෙම ප්‍රදේශය දූව යනුවෙන් හඳුන්වා තිබේ. බත්කොරහ දූව පසුව කොරොස්දූව වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
දහනවවන සියවස
[සංස්කරණය]දහනවවන සියවස අග බාගයවන විටසුවිසල් පොල් වත්තක් වූ මෙම භූමියේ ජනාවාස පැවතියේ එක් අර්ධයක පමණි. අනෙක් ප්‍රදේශ පොතුපිටියේ අරක්කු රේන්දයට අයත් ව පැවතිණි. වත්මන් පොතුපිටිය මහාවිද්‍යාලය කරවූ ඇම්.පිනෙස් ප්‍රනාන්දු මහතාගේ දින පොතෙහි සඳහන් අන්දමට රේන්දයෙන් අතහැරි පොල්ගස් ප්‍රමාණය පමණක් ගස් පණස්දහසකි. එම සුවිසාල රේන්දයෙන් ලද ආදායමෙන් වසරකට සියයට විස්සක් පොතුපිටිය වාලුකාරාමය සඳහා පිනෙස් ප්‍රනාන්දු මැතිතුමා පූජාකළේය. හැත්තෑව දශකයේ එක් පුද්ගලයෙකුට අයත්වපැවතියහැකි ඉඩම් ප්‍රමාණය අක්කර පණහක් බවට පත්වූ සමයේපිනෙස් මැතිතුමාගේ භූමිය රජය විසින් පවරාගෙන එම භූමියේ වස්කඩුවේ පොතුපිටියේ පොහද්දරමුල්ලේ සහ මොල්ලිගොඩ ප්‍රදේශවල නිවාස නොමැති පිරිස් පදිංචි කරවන ලද්දේය.
කැප්පූ ඇළ
[සංස්කරණය]කොරොස්දූව ග්‍රාමය වටා පිහිටි කෙත්වතු සඳහා ජලය ලබාගන්නේ මෙම ඇළ හරහාය. ලංදේසි සමයේ පාරු ගමන් කරවීම සඳහා ඉදිකරවා ඇති බැවින් කැප්පූ ඇළ යනුවෙන් ව්‍යවහාර කර තිබේ. අතීතයේ මෙම ඇළ දෙපස කළුගල් පවුරක් බැම්මක් මගින් අතීතයේ ඉවුරු බිඳීයාමට නොදී ආරක්ෂා කර තිබේ. වර්ථනාමයේ පවා ඇතැම් කොටස් වල එම පවුරු දැකබලා ගත හැක්කේය. එක් දෙසකින් කලුගගේ දියගම තොටුපළට සහ අනෙක් දෙසින් පානදුරා ගඟට මෙම ඇළ සම්බන්ධ වේ. මෙහි වර්ශාකාළයේදී ඇතිවන ජල අතිරික්තය පිට කිරීම සඳහා අතීතයේ දී පොතුපිටිය දෙසින් සාගරයට තවත් කැප්පු ඇළක් පැවත ඇති අතර වර්ථමානය වන විට එම ඇළ වැසී ගොසිනි. නාරි සංඳේශයේ එම ඇළ පිළිබඳ දිගු විවරණයක් සඳහන් වේ.පොතුපිටිය දෙසින් සයුර දෙසට සම්බන්ධ වූ ඇළ කොටස සාගරයට සම්බන්ධ වූවේ වත්මන් දුම්‍රිය නැවතුම්පොළ නොම්මර 1 පිහිටි වලපොල වත්තෙනි.එහි එකළ පිහිටි නැව්තොට හැඳින්වූවේ තේච්චිතොට යනුවෙනි.
ගිමගොස් පාරුවක් පසු කොලා තො ට
එනමුත් මෝරුවක් නම් නැත මේ තොට ට
මහමුත් පාරුවක් වෙන බව ගෙන සිත ට
නුඹශොක් නොවී පැමිණෙනු ඉදිරි තොටුමුණ ට ලෙසින් නාරි සංදේශයේ දූතයාට මග සලකුණු පෙන්වා තිබේ.