මොන්සූන් වෙඩිං

විකිපීඩියා වෙතින්
මොන්සූන් වෙඩිං
එ.ජ. පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයමීරා නායර්
රචනයසබ්‍රිනා ධවාන්
නිශ්පාදනයකැරොලින් බැරන්
මීරා නායර්
රංගන ශිල්පීන්නසීරුද්දීන් ෂා
ලිලෙට් දුබේ
ශෙෆාලි ෂා
වසුන්ධරා දාස්
විජයි රාස්
තිල්ලෝතමා ශෝම්
රන්දීප් හූදා
රජත් කපූර්
ජස් අරෝරා
සිනෙමාරූපණයඩික්ලැන් ක්වින්
සංස්කරණයඇලිසන් සී. ජොන්සන්
සංගීතයමයිකල් ඩැනා
Production
companies
මීරාබායි ෆිල්ම්ස්
දිල්ලි ඩොට් කොම්[1]
බෙදාහැරීමයූඑස්ඒ ෆිල්ම්ස්
නිකුත්වූ දින
30 අගෝස්තු 2001
(මංගල දර්ශනය වැනීසියේ දී)
30 නොවැම්බර් 2001
(ලොවපුරා)[2]
තිර කාලය
113 මිනිත්තු
රටවල්
  • ඉන්දියාව[3]
  • ප්‍රංශය[4]
  • ජර්මනිය[4]
  • ඉතාලිය[4]
  • එක්සත් ජනපදය[4]
භාෂාහින්දි
ඉංග්‍රීසි[5]
පිරිවැයUS$1.2 මිලියන[6]
ආදායමUS$30,787,356[7]

මොන්සූන් වෙඩිං (හින්දි: मॉनसून वैडिंग Maunsoon Vaiding) යනුවෙන් හැඳින්වෙන්නේ මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කරන ලද, සබ්‍රිනා ධවාන් විසින් රචනා කරන ලද 2001 ඉන්දියානු නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නසීරුද්දීන් ෂා, ලිලේට් දුබේ, ශෙෆාලි ෂා සහ වසුන්ධරා දාස් විසිනි. මෙමඟින් නිරූපණය වන්නේ දිල්ලියෙහි සම්ප්‍රදායික පන්ජාබි හින්දු විවාහ මංගල්‍යයක් වට දී සිදුවම නොයෙකුත් සිදුවීම් මාලාවකි. ධවාන් මෙම තිර රචනයෙහි පළමු දළ පිටපත ඇය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ MFA චිත්‍රපට වැඩසටහන අතරතුර රචනා කොට තිබේ.[8] මෙය සම්පූර්ණයෙන්ම නව දිල්ලිය පසුබිමෙහි නිර්මාණය වුවත්, මෙම චිත්‍රපටය ඉන්දියාව, එක්සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සමාගම් කිහිපයක අන්තර්ජාතික සම-නිෂ්පාදනයකි.

මොන්සූන් වෙඩිං අන්තර්ජාතිකව ඩොලර් මිලියන 30 ක බොක්ස් ඔෆීස් ආදායමක් හිමිකර ගත්තේ ‍ය.[7] මෙම චිත්‍රපටය ගෝල්ඩන් ලයන් සම්මානය හිමිකරගත් අතර, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සඳහා නිර්දේශ විය. මෙම චිත්‍රපටය ආශ්‍රයෙන් සංගීත ප්‍රසංගයක් ද නිර්මාණය කෙරුණු අතර, එය 2014 අප්‍රේල් මස දියත් කෙරිණි.[9] මෙම චිත්‍රපටය 2001 කාන් සිනමා උළෙල තුළ මාර්ෂේ ඩු ෆිල්ම් ‍යන අංශය යටතේ ප්‍රදර්ශනය කෙරිණි.[10][11] 2017 දී, IndieWire විසින් මෙය 21වන සියවසේ හොඳම ප්‍රේම වෘත්තාන්තය ලෙස නම්කරන ලදී.[12]

චරිත නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kasbekar, Asha (2006). Pop Culture India!: Media, Arts, and Lifestyle. ABC-CLIO. p. 182. ISBN 9781851096367.
  2. "Monsoon Wedding: Cast and Crew". Bollywood Hungama. සම්ප්‍රවේශය 8 May 2014.
  3. "Monsoon Wedding (2001)". Golden Globe Awards. සම්ප්‍රවේශය 30 January 2018.
  4. 4.0 4.1 4.2 4.3 "Monsoon Wedding (2001) - BFI". British Film Institute. 7 May 2017.
  5. "MONSOON WEDDING - BBFC". BBFC. සම්ප්‍රවේශය 26 March 2016.
  6. "Monsoon Wedding (2002) - Financial Information". www.the-numbers.com.
  7. 7.0 7.1 "Monsoon Wedding". Box Office Mojo. සම්ප්‍රවේශය 9 April 2019.
  8. Muir, John Kenneth (2006). Mercy in her eyes: the films of Mira Nair. Hal Leonard Corporation. pp. 166–7. ISBN 1-55783-649-3.
  9. Garima Sharma (12 December 2012). "Monsoon Wedding to make Broadway debut in April 2014". සම්ප්‍රවේශය 24 February 2013.
  10. "Sony Classics, USA turn up Cannes buying heat". Screen International.
  11. "rediff.com US edition: Monsoon Wedding heads for the US". Rediff.com.
  12. Thompson, Michael Nordine, Anne. "Best Romance Movies of the 21st Century, Ranked | IndieWire". www.indiewire.com. සම්ප්‍රවේශය 2017-07-12.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:The Golden Lion 1990–2009

"https://si.wikipedia.org/w/index.php?title=මොන්සූන්_වෙඩිං&oldid=474720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි