Jump to content

මොන්ටේ කසිම්

විකිපීඩියා වෙතින්
මොන්ටේ කසිම්
මහාචාර්ය රිට්සුමෙයිකාන් ආසියා ශාන්තිකර විශ්වවිද්‍යාලය
සභාපති රිට්සුමෙයිකාන් ආසියා ශාන්තිකර විශ්වවිද්‍යාලය
තනතුර දරමින්
අප්‍රේල් 2004 – ජනවාරි 2010
රිට්සුමෙයිකාන් අධිභාරයෙහි උප-කුලපති
පුද්ගලික තොරතුරු
උපත29 ජූලි 1947
කොළඹ, ශ්‍රී ලංකාව
පදිංචියකියොතෝ
උගත් ශාස්ත්‍රාලයටෝකියෝ විශ්වවිද්‍යාලය
විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලය කොළඹ
රාජකීය විද්‍යාලය කොළඹ
වෘත්තියශාස්ත්‍රඥ

මොන්ටේ කසිම් (අහමඩ් මුම්ටාස් මසූන් කසිම්) යනු ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයෙකි. රිට්සුමෙයිකාන් අධිභාරයෙහි උප-කුලපති වශයෙන් සේවය කරන ඔහු, 2004 වසරෙහි අප්‍රේල් මාසයෙහි සිට 2010 වසරෙහි ජනවාරි මාසය දක්වා ජපානයෙහි බෙප්පුහි, රිට්සුමෙයිකාන් ආසියා ශාන්තිකර විශ්වවිද්‍යාලයෙහි සභාපති ලෙසින් සේවය කල අතර එහි මහාචාර්යවරයා වෙයි. 2023 දෙසැම්බර් 17 දිනදී , ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු මොරටුව විශ්වවිද්‍යාලයයෙහි කුලපතිවරයා ලෙසින් පත් කරන ලදි [1][2].

ශ්‍රී ලංකාවෙහි කොළඹ රාජකීය විද්‍යාලයෙහි අධ්‍යාපනය ලැබූ ඔහු, ලංකා විශ්වවිද්‍යාලය වෙතින් 1970 වසරෙහිදී උපාධිය ලැබීය. වැලන්ටයින් ගුණසේකර පුහුණුවීම සඳහා වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් ක්‍රියාකාරී වීමෙන් පසුව, ජපාන අධ්‍යාපන අමාත්‍යාංශයෙහි පශ්චාත් උපාධි ශිෂ්‍යත්වය ලැබූ ඔහු ජපානය වෙත ගොස් 1976 වසරෙහිදී ටෝකියෝ විශ්වවිද්‍යාලයෙහි ඉංජිනේරු උපාධිධර ශාස්ත්‍රාලය වෙතින් ඉංජිනේරු විද්‍යාපති උපාධිය ලැබීය. ඉන්පසුව ඔහු එහි ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කලේය.[3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ප්‍රොෆ්. මොන්ටේ කසිම් අපොයින්ටඩ් ඈස් මොරටුව යුනිවර්සිටි චාන්සලර්". dailymirror.lk. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2023.
  2. ^ "ප්‍රසිඩන්ට් රනිල් වික්‍රමසිංහ අපොයින්ට්ස් ප්‍රොෆ්. මොන්ටේ කසිම් ඈස් චාන්සලර් ඔෆ් යුනිවර්සිටි ඔෆ් මොරටුව". සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2023.
  3. ^ මොන්ටේ කසිම්. මහාචාර්ය සහ සභාපති, http://www.unitar.org/hiroshima/ja/node/149, ප්‍රතිෂ්ඨාපනය 2023-12-18 
"https://si.wikipedia.org/w/index.php?title=මොන්ටේ_කසිම්&oldid=617535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි