මුඛවාඩම

විකිපීඩියා වෙතින්
ඩක්ට් ටේප් මගින් මුඛවාඩම් දැමූ කාන්තාවක්

මුඛවාඩමක් යනු සාමාන්‍යයෙන් කථනය වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති අයිතමයක් හෝ උපාංගයකි. බොහෝ විට මුඛවාඩම බැඳ සිටින තැනැත්තා උපකාර ඉල්ලා ඇමතීම වැලැක්වීමට සහ එම තැනැත්තා නිශ්ශබ්දව තබා ගැනීමට යොදාගන්නා ප්‍රතිබාධන උපාංගයකි. මෙය සාමාන්‍යයෙන් සිදු කරනුයේ මුඛය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් අවහිර කිරීම හෝ දිව, තොල් හෝ හකු සාමාන්‍ය කථන රටාවෙන් චලනය වීම වැළැක්වීම හෝ මගිනි. මුඛවාඩමක් ඵලදායි වන තරමටම එය අනතුරුදායක වේ. නිදසුනක් ලෙස ඩක්ට් ටේප් යනු මුඛවාඩම් බැඳීමට යොදා ගන්නා තරමක් ඵලදායී ක්‍රමයක් වන නමුත් එමගින් මුඛය බැඳි තැනැත්තාට නාසය හරහා නිදහසේ හුස්ම ගැනීමට නොහැකි නම් (උදාහරණයක් ලෙස ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම්) එය අනතුරුදායක තත්වයක් විය හැකිය. මේ හේතුව නිසා, මුඛවාඩමක් බැඳ සිටින පුද්ගලයෙකු කිසි විටෙකත් තනි නොකළ යුතුය.

සාමාන්‍යයෙන් සෝප් ඔපෙරා සහ අපරාධ ප්‍රබන්ධවල, විශේෂයෙන් චිත්‍රකතා, නවකතා සහ චිත්‍රපටවල විවිධාකාරයෙන් නිරූපණය කෙරේ.

ඇතැම් පුද්ගලයන්ට අධිකරණයට රැගෙන ඒමේදී මුඛවාඩම් බැඳ රැගෙනවිත් ඇත. සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන බොබී සීල් , මෑත ඉතිහාසයේ එලෙස රැගෙන ආ අයෙකි. මෙය අමානුෂික ක්‍රියාවක් ලෙස විවේචනයට ලක්ව ඇත. [1] [2]

මුඛවාඩම් වර්ග[සංස්කරණය]

රහස් පරීක්ෂක වෘතාන්ත වල සුළබව නිරූපණය වන රෙදි මුඛවාඩමක් බැඳි කාන්තාවක්

ප්‍රබන්ධ කථාවල, විශේෂයෙන් අපරාධ චිත්‍රකතා සහ අපරාධ නවකතා වල නිතර දැකිය හැකි මුඛවාඩම් වර්ගයක් නම්, වින්දිතයාගේ මුඛය ආවරණය කර ඔවුනගේ හිස පිටුපසට කර බැඳ ඇති පටියක් සේ ඇති සුදුසු ප්‍රමාණයේ රෙදි කැබැල්ලකි. බොහොමයක් අපරාධ කතා මාලා වල විය මෙය නිතර දැකිය හැකි නිසා එය සමහර අවස්ථා වලදී එය "රහස් පරීක්ෂක මුඛවාඩම" ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

සමහර විට එවන් මුඛවාඩමක් වින්දිතයාගේ ඉදිරිපස දත් අතරින් මුඛය තුළට ඇතුල්වනසේ බඳිනු ලැබේ. නැතහොත් එහි මැදින් තද බෝලයකින් හෝ කුඩා රෙදිපිළි මුඛය තුළට ඔබා, එවා මුඛය තුල රැඳී සිටින පරිදි තවත් රෙදි කැබැල්ලකින් තද වන සේ බඳිනු ලැබේ. මෙය BDSM ක්‍රියාකාරකම් වලදී සාමාන්‍ය දෙයකි. නමුත්, ප්‍රායෝගිකව මෙම ආකාරයේ මුඛවාඩම් හකු එහා මෙහා කිරීමෙන් සහ/හෝ දිවෙන් තල්ලු කිරීමෙන් ඉවත් කළ හැකි අතර, බොහෝවිට ඒවා මගින් වින්දිතයා උදව් ඉල්ලා අපැහැදිලි ලෙස ඝෝශා කිරීම වළක්වන්නේ නැත.

බොහෝ විට හදිසියේ තනා ගන්නා මුඛවාඩම් සඳහා ඇලවුම් පටි (ටේප්) භාවිතා වේ. ටේප් මුඛවාඩමක් ඉවත් කිරීමේදී තොල්වල සමට හානි වීමට හෝ ඒවායේ ඇති මැලියම් සම මත ප්‍රතික්‍රියා කිරීමට හෝ එවා නිසා රසායනික පිළිස්සුම් ඇතිවීමට හෝ හැකිය.

සංකේතවාදය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

  • මුඛවාඩම (BDSM), බන්ධන සහ/හෝ ලිංගික අරමුණු සඳහා භාවිතා කරන මුඛවාඩම්
  • මුඛය ඇලවුම් පටි (ටේප්) මගින් වසා නින්දට යෑම, තොල් ඇලවුම් පටි මගින් වසා නිදා ගැනීම
  • කටකලියාව, සතුන් සපා කෑම වැළැක්වීමට උපකරණ

යොමු කිරීම්[සංස්කරණය]

  1. Lukas, J. (October 30, 1969). "Seale Put in Chains At Chicago 8 Trial; Judge Has Seale Chained and Gagged at Trial of the Chicago 8". The New York Times. ISSN 0362-4331. සම්ප්‍රවේශය 16 March 2020.
  2. https://digitalcommons.law.seattleu.edu/cgi/viewcontent.cgi?article=2287[භින්න වූ සබැඳිය]
"https://si.wikipedia.org/w/index.php?title=මුඛවාඩම&oldid=627716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි