මීයා

විකිපීඩියා වෙතින්
මීයන්
කාලීන ව්‍යාප්තිය: ආදි ප්ලෙයිස්ටොසීන – වර්තමාන
The common brown rat (Rattus norvegicus)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩාටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: රොඩෙන්ටියා
උපරිකුලය: මියුරොයිඩියා
කුලය: මියුරිඩි
උපකුලය: මියුරිනී
ගණය: ''රැටස්''
Fischer de Waldheim, 1803
Species

64 species

පර්යාය නාම(ය)

Stenomys Thomas, 1910

මීයන් යනු මධ්‍යම-ශරීර-ප්‍රමාණයෙන් යුතු හා දිගු-වලගැති මියුරොයිඩියා උපරිකුලයට අයත් විවිධ කෘන්තකයෝ වෙති . "සැබෑ මියන්" යනු රැටස් ගණයෙහි සාමාජීකයන් වන අතර, ඒ අතුරින් මානවයන්ට වඩාත් වැදගත් වන්නේ කළු මීයා, රැටස් රැටස්, සහ දුඹුරු මීයා, රැටස් නෝර්වෙජිකස් වෙති. අනෙකුත් කෘන්තක ගණයන් හා කුලයන්හී බොහෝ සාමාජීකයන්ද මීයන් ලෙස හැඳින්වෙන අතර, සැබෑ මීයන්ගේ බොහෝ ගුණාංග ඔවුහූද දරති.

මීයන් මූසිකයන්ගෙන් වෙන්කර හඳුනාගැනුම සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණයෙනි; මීයන් සාමාන්‍යයෙන් විශාල ශරීර ප්‍රමාණ සහිත මුරොයිඩ් කෘන්තකයන් වන අතර, මූසිකයන් සාමාන්‍යයෙන් කුඩා සිරුරු සහිත මුරොයිඩ් කෘන්තකයන් වෙති. මුරොයිඩ් කුලය අතිශයින් විශාල හා සංකීර්ණ එකක් වන අතර, මීයා සහ මූසිකයා යනු පොදු පද යෙදුම් වර්ගීකරණරූපීව විශේෂිත ලෙසින් නොයෙදෙති. සාමාන්‍යයෙන්, කිසිවකු විශාල මුරොයිඩයෙකු සොයා ගත් කල, උගේ පොදු නම සඳහා මීයා (රැට්) යන පදය අඩංගු කරවන අතර, ඌ කුඩා නම්, නම වෙත අඩංගු වන්නේ මූසිකයා (මවුස්) යන පදයයි. විද්‍යාත්මක වශයෙන්, මෙම පදයන් රැටස් සහ මුස් ගණයන්ට සීමාවී නොමැති අතර, එයට උදහරණ වශයෙන් ඇහුරුම් මීයා (pack rat) සහ කපු මූසිකයා (cotton mouse) දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මීයා&oldid=235802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි