Jump to content

මැජිනො රේඛාව

විකිපීඩියා වෙතින්
මැජිනො රේඛාව
ලිංඤ මැජිනෝ
නැගෙනහිර ප්‍රංශය
අල්සාස් හි මැජිනො රේඛාව වන ඌව්රාජ් ෂොනංබෝග් වෙත ඇතුළුවීම
වර්ගයආරක්ෂණ පෙළ
විස්තර
පාලනයප්‍රංශය
මහජන නැරඹීමට විවෘත භාවයOnly some sites
තත්වයMostly intact, through the preservation of the French Government
ඉතිහාසය
ඉදිකිරීම1929–1938
ඉදිකලේPaul Painlevé, Colonel Tricaud
  • Named after André Maginot (French Minister of War, late 1920s – early 1930s)
භාවිතයේ පවතීද1935–1969
ඉදිකිරීම් ද්‍රව්‍යකොන්ක්‍රීට්, steel, යකඩ
යුද්ධ/ගැටුම්World War II
ගොනුව:Nilanka01.JPG

මැගිනොට් සීමාවට (මෙම නාමය ප්‍රංශ ආරක්ෂක ඇමතිවරයකු වූ ඇන්ඩ්‍රෙ මැගිනොට් සිහිවීමට යොදා ඇත.) කොන්ක්‍රීට් වළල්ලකින් ආරක්ෂාව සපයා ඇති අතර යුධ ටැංකි බාධක, කාලතුවක්කු, මැෂින් තුවක්කු සහ වෙනත් ආරක්ෂක පද්ධතීන්වලින් එය සමන්විතය. මෙම සීමාව ජර්මානු සහ ඉතාලි දේශසීමා ඔස්සේ තනා ඇති අතර I වන ලෝක යුධ අත්දැකීම් නිසා II වන ‍ලෝක යුද්ධයට හොදින් සූදානම් වීමට තනන ලදී. සාමාන්‍යයෙන් මෙවන් ආරක්ෂිත සීමාවක් ඉදි කිරීමට ජර්මනියට මුහුණ ලා සිදු කරන අතර එසේ සිදු කරන්නේ ප්‍රංශ සහ ඉතාලි ආරක්ෂක හමුදාව “අල්පයින්” සීමාව භාවිතයට ගෙන ඇති නිසාය.

ප්‍රංශ මෙම ආරක්ෂිත සීමාව ඉදි කළේ නැටුම් අවස්ථාවක දී තම හමුදාවන් එක් රැස් කිරීමට කාලය සපයා ගැනීමටත් බෙල්ජියම දෙසින් සීමාවට ප්‍රහාරයන් එල්ල කරන්න ජර්මනිය පෙළඹවීමටත්ය. මෙවැනි තීක්ෂණ ඥානයක් I වන ලෝක යුධ සමයේ දී ප්‍රංශය තුළින් දිස්වුණු අතර ඔවුන්ගේ ස්ථිර සාර්ථකත්වයට එය බලපානු ලබයි. මෙම ආරක්ෂිත සීමාව ඉතා සාර්ථකව සෘජු ප්‍රහාර මැඩ පැවැත්වීමට සමත් විය. කෙසේ වුවද මෙම උපක්‍රමය පසුව ජය ලැබීමට මුලදී පාඩු විඳීමේ උදාසීන යුධ උපක්‍රමයක් වූයේ ජර්මනි‍ය විසින් බෙල්ජියම ආක්‍රමණය කළ නිසාවෙනි.

සැලසුම් කිරීම හා ඉදි කිරීම

[සංස්කරණය]
ගොනුව:Maginot Line ln-en.PNG
මැජිනො රේඛාව.

ආරක්ෂාවන් මුල් වරට යෝජනා කෙරුණේ මාර්ෂල් ජොෆර් විසිනි. පෝල් රේනන් හා චාල්ස් දි ගොලී වැනි නව්‍යවාදී සන්නාහයන් හා ගුවන් යානා සඳහා ආයෝජනයන්ට කැමැත්තක් දැක්වූ පිරිස් මඟින් ඔහුට විරෝධතා එල්ල විය. ජොෆර්ට හෙන්රි පිලිප්ගේ සහයෝගය ලැබුණු අතර රජය මඟින් සංවිධානය කෙරුණු කොමිසම් හා වාර්තා ගණනාවක් ද විය. අවසානයේ දී ඇන්‍ඩෲ මැජිනොට් විසින් මෙම යෝජනා ක්‍රමයට ආයෝජනය කිරීම සඳහා රජය පොළඹවා ගත්තේය. මැජිනොට් යනු පළමු ‍ලෝක යුද්ධයේ කෘතහස්තයෙකු වූ අතර ප්‍රංශයේ නිපුණතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හා අවසානයේ යුධ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බවට ඔහු පත් විය.

මැජිනොට් රේඛාව සඳහා තර්කනයන් ඉදිරිපත් වන්නේ පළමු ලෝක යුද්ධයේ දී ප්‍රංශයේ භයානක පරාජයන් හා ප්‍රංශ ජන විකාශනය කෙරෙහි ඒවායේ ආචරණයන් මඟිනි. යුද්ධය තුළ දී හා පසුව ජාතික උපත් අනුපාතිකයේ පහත වැටීම ජාතියට තරුණ මිනිසුන් ඌනතාවයක් ඇති කළ අතර ප්‍රංශයේ බලෙන් බඳවා ගත් හමුදාව නිම්නාදයක් ඇති කළේය. මානව සම්පත් ඌනතාවය සමඟ ප්‍රංශ සැලසුම්කරුවන්ට වඩාත් වයස්ගත හා දරා ගැනීමේ හැකියාව අඩු විශේෂ අවස්ථාවල දී බඳවා ගත් පිරිස් මත රඳා පැවතීමට සිදු වේ. සංඛ්‍යාන ආරක්ෂක පිහිටුම් එබැවින් පිරිසෙන් හා චලනයෙන් අඩු භට පිරිස් මඟින් යම් ප්‍රදේශයන් ආරක්ෂා කිරීමට හා කල් දැමිමට ලක් වීමට සිදු විය.

එම රේඛාව 1930 සිට විවිධ කාල පරිච්ඡේදයන්වල දී STG මඟින් CORF හි අධීක්ෂණය යටතේ ගොඩනැංවිනි. ප්‍රධාන ගොඩ නැංවීම ප්‍රංශ ෆ්රෑන්ක් බිලියන 3 ක පමණ වියදමින් 1939 වන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබුණි.

මෙම රේඛාව ස්විට්සර්ලන්තයේ සිට ලක්සම්බර්ග් දක්වා විහිදුණු නමුත් 1934න් පසුව මුහුදු ප්‍රදේශයේ තරමක් අඩු පරාසයක පැවතුණි. මූලික රේඛාව නිර්මාණය කිරීම ජර්මානුවන් විසින් ඔවුන්ගේ පළමු අභියෝගය සඳහා තෝරාගත් ප්‍රදේශය ආවරණය නොකළේය. Fall Gelb සැලසුම් මඟින් 1940 දී ආඩින්ස් හරහා එය සිදු විය. මෙම ප්‍රහාරයේ පිහිටුම ඇතැම් විට මැජිනොට් රේඛාව නිසා සිදු වූවා විය හැකිය. බෙල්ජියමේ ආඩින්ස් වනාන්තරය හරහා සිති‍යමේ දැක්වෙන පරිදි මැජිනොට් රේඛාවේ 6වන කොටසින් වම්පසට එය සිදු විය.

අරමුණු

[සංස්කරණය]

පහත හේතු සපුරාලීමට “මැගිනොට්” සීමාව ගොඩනැගීය.

  • ක්ෂණික ප්‍රහාර වැළැක්වීමට හා අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කිරීමට
  • ප්‍රංශ හමුදාවක් සේවයේ යෙදවීම් සූදානම සොයා බැලීමට (සති දෙකක් හෝ තුනක කාලයක් ගත වන)
  • මිනිස් බලය ඉතිරි කිරීම (ප්‍රංශය ගණනය කර ඇති ආකාරයට මිනිසුන් 39,000,000 ක් පමණද, ජර්මනියේ 70,000,000 ක් ක් පමණද)
  • Alsace සහ Lorraine ප්‍රදේශ සහ ඒවායේ කාර්මික ප්‍රදේශ රැක ගැනීම‍ට
  • සතුරු ආක්‍රමණයක් සඳහා මූලාධාරය සේ භාවිතා කිරීම.
  • සීමාව තෙක් ප්‍රධාන හමුදා පැමිණෙන තෙක් සතුරා රඳවා තබා ගැනීමට.

භාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=මැජිනො_රේඛාව&oldid=458410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි