මාළිගාවිල බුදු පිළිමය
මාළිගාවිල බුදු පිළිමය | |
---|---|
වර්ෂය | 7වන සියවස |
වර්ගය | ශෙෙලමය නිර්මාණය |
පිහිටීම | මාලිගාවිල, ශ්‍රී ලංකාව |
මාළිගාවිල බුදු පිළිමය ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ මාළිගාවිල ග්‍රාමයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ වූ පැරණි බුද්ධ ප්‍රතිමා අතුරින් විශාලතම අනාබද්ධ (සම්පූර්ණයෙන් ම වෙනම නෙළන ලද) ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව සැලකේ.
ඉතිහාසය
[සංස්කරණය]මහාවංශයට අනූව මෙම ප්‍රථිමාව, මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමහල් පුත්‍රයා වූ අග්ගබෝධි රජතුමන් විසින් කරවූ බව සඳහන් වේ. එසේම මහාවංශය ඇතුළු වෙනත් ලේඛන කිහිපයකම අරියකාර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම් වලින් මාළිගාවිල හඳුන්වා දී තිබේ. [1] මාළිගාවිල ප්‍රතිමාව සහ ඒ ආසන්නව පිහිටි දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව අතීතයේදී එකම ආරාම සංකීර්ණයකට අයත්ව තිබෙන්නට ඇතැයි සැළකේ.
ප්‍රතිමාව
[සංස්කරණය]මාළිගාවිල බුදු පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් අනතුරුව වත්මන් ස්ථානයට ගෙනැවිත් ඊට සුදුසු ආසනයක ප්‍රතිෂ්ඨාපනය කොට ඇති බවට විශ්වාස කෙරේ. ස්ඵටික හුණු ගලින් නිමවා ඇති එහි උස අඩි 37 අඟල් 10 ක් වේ. පද්මාසනයත් සමග උස අඩි 41 යි අඟල් 10 කි. ප්‍රතිමාවේහි වූ ලක්ෂණ අනුව එය ක්‍රි.ව. 6– 8 සියවස් වලට අයත් වේ.[2]
සංරක්ෂණය
[සංස්කරණය]1934 වර්ෂයේදි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවධානයට ලක්වූ මාළිගාවිල ප්‍රතිමාව 1936 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් බවට නම් කරන ලදී. කෙසේනමුදු 1948 වර්ෂයේදී නිදන් හොරුන් විසින් ප්‍රතිමාව විනාශ කොට දමන ලදුව 1951 වසරේදී ප්‍රදේශය ආශ්‍රිත කැණීම් ආරම්භ කරන ලදී.[3]
මුල් සමයේ ප්‍රතිමාවෙහි උස අඩි 45ක් පමණ හා වැඩසිටි පද්ම පීඨයෙහි උස අඩි 4ක් පමණ වූ බව පැවසෙයි.[4] නමුත් ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව ප්‍රතිමාවෙහි වර්තමාන උස අඩි 35 අඟල් 08 පමණ වේ.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ උදේශ ගමගේ (12 ජූලි 2009). "මාළිගාවිල පුදබිමේ අසිරිය". දිවයින. සම්ප්‍රවේශය 30 මාර්තු 2016.
- ^ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂක සිරිසමන් විජේතුංග. "පුරාණ ලංකාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය". සිළුමිණ පුවත්පත.
- ^ නිලුක්ෂණි වීරරත්න. "මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මාළිගාවිල ගවේෂණ කටයුතු ආරම්භ කිරීම". මධ්‍යම සංස්කෘතික අරමුදල. සම්ප්‍රවේශය 30 මාර්තු 2016.
- ^ (කරුණාරත්න, මාළිගාවිල නම් කෘතිය)