මාෂල් සැලැස්ම

විකිපීඩියා වෙතින්
මාෂල් සැලැස්ම සහන ඇසුරුම් මත භාවිතා කළ ලේබලය.

මාෂල් සැලැස්ම (නිල වශයෙන් යුරෝපියානු සමුත්ථාන වැඩපිළිවෙල, ERP) යනු, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව, සෝවියට් කොමියුනිස්ට් වාදය පැතිරීම වලක්වනු වස්, යුරෝපියානු ආර්ථිකයන් ගොඩනැංවීමට එක්සත් ජනපදය විසින් ආර්ථික සහය සැපයූ, ඇමරිකානු ආධාර යුරෝපයට ලබාදීමක් විය. [1] 1948 අප්‍රේල් මසදී ඇරඹුනු සැලැස්ම වසර හතරක් පුරා පැවතිනි. [2] එක්සත් ජනපදයෙහි අරමුණු වූයේ, යුද්ධයෙන්-වැනසුනු ප්‍රදේශය ගොඩනැංවීම, වෙළෙඳ බාධක ඉවත් කිරීම, කර්මාන්ත නවීකරණය, සහ යුරෝපය යළි සමෘද්ධිමත් කිරීම වෙයි. [3] "මාෂල් සැලැස්මෙහි සමතුල්‍යය" යන්න බොහෝවිට යෙදෙන්නේ, යෝජිත මහා-පරිමාණයේ ගොඩගැනීමේ වැඩසටහනක් හැඳින්වීමටය. [4]

මේ සඳහා මුලපිරීම[5] නම් කෙරුණේ, රාජ්‍ය ලේකම් ජෝර්ජ් මාෂල් අනුව යමිනි. රිපබ්ලිකානුවන් කොංග්‍රස් මණ්ඩලය හසුරුවමින් සිටි සහ ඩිමොක්‍රටිකානුවෝ ධවල මන්දිරය පාලනය කරමින්ස සිටි අවදියක, මෙම සැලසුම සඳහා, වොෂිංටන්හිදී ද්විපක්ෂ සහය හිමිවිය. මෙම සැලසුම, ප්‍රධාන වශයෙන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින්ගේ, විශේෂයෙන්, විලියම් එල්. ක්ලේටන් සහ ජෝර්ජ් එෆ්. කෙනන් යන්නන්ගේ නිමැවුමක් විය. 1947 ජූනි මසදී, හාවඩ් විශ්වවිද්‍යාලයෙහි පැවති කථාවකදී, යුරෝපියානු සමුත්ථානය සඳහා සමාය වීමට හදිසි ආධාර සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව මාෂල් අදහස් පල කළේය.[3][6]

සහභාගීවන යුරෝපියානු රාජ්‍යයන් අතර පැවැති රැස්වීමකදී සැකසුනු මෙම ගොඩනැගීමේ සැලැස්ම, 1947, ජූනි 5 දිනදී පිහිටුවන ලදි. සෝවියට් සංගමය සහ එහි මිත්‍ර රටවල් වෙතද, මෙම ආධාරම පිරිනැමුනු නමුදු, ඔයුන් එය පිළිනොගත්තේ, [7][8] එසේ කිරීමෙන්, කොමියුනිස්ට් ආර්ථිකයන්, යම් මට්ටමකට එජ පාලනයට නතු වීමට ඉඩ සලසා දීමක් සිදු වන බැවිනි. [9] සැලසුම ක්‍රියාත්මකව තිබූ සිව් වසර තුලදී, යුරෝපියානු ආර්ථීක සහයෝගිතා සංවිධානය වෙත බැඳී තිබුණු යුරෝපියානු රටවල් වල සමුත්ථානයට උපකාරී වනු වස් එ.ජ. $13 බිලියන ප්‍රමාණයක ආර්ථීක සහ තාක්ෂණික ආධාර සැපයිණි. 1948 දී එ.ජ. දදේනි $258 බිලියන වීමේ සන්දර්භය තුල, මෙම $13 බිලියන මුදල සැපයුනු අතර, යුද්ධයේ නිමාවෙහි සිට සැලසුමෙහි ඇරඹුම දක්වා සැපයුනු සහ මාෂල් සැපසුමට පරිභාහිර යැයි සැලකෙන $13 බිලියන ප්‍රමාණයක ඇමරිකානු ආධාර වලට වැඩිමනත් විය. [10] 1951 අගභාගයෙහිදී, මාෂල් සැලසුම වෙනුවට අන්‍යොන්‍ය ආරක්ෂණ සැලසුම ආදේශ කරන ලදි.[11]

පශ්චාත්-යුද්ධ සමුත්ථානයට ඇති සියළු බාධා පිළිබඳ ERP විසින් ක්‍රියා කරන ලදි. සැලසුම විසින් අනාගතය පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, යුද්ධයෙන් ඇති කෙරුණු විනාශය පිළිබඳ පමණක් සැලකිල්ල යොමු කළේ නැත.

සටහන්[සංස්කරණය]

  1. එන්සයික්ලොෆීඩියා ඔෆ් ඇමරිකන් ෆොරින් පොලිසි (2002) වෙළුම 1 පි. 95 හි ඇලෙක්සැන්ඩර් ඩිඩොන්ඩේ හා අනෙකුන්, සංස්. පවසන්නේ "Most importantly, these efforts were designed to prevent the spread of international communism," ((සිංහල) වඩාත් වැදගත් ලෙසින්, මෙම ව්‍යයාමයන් සැලසුම් කර තිබුණේ, ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදය පැතිරීම වැලැක්වීමටය)
  2. ලැප්සැන්ස්කි-යර්නර්, එමා ජේ. යුනයිටඩ් ස්ටේට්ස් හිස්ට්‍රි: මොඩර්න් ඇමරිකා. බොස්ටන්, MA: පියර්සන් ලර්නිං සල්‍යුෂන්ස්, 2011. මුද්‍ර. පිටු 402
  3. 3.0 3.1 Hogan (1987)
  4. බ්‍රැඩ් රොබර්ට්ස්, සංස්. (1990). ද නිව් ඩිමොක්‍රසීස්: ග්ලෝබල් චේන්ජ් ඇක්ඩ් යූ.එස්. පොලිසි. MIT මුද්‍රණාලය. p. 97.
  5. http://www.oecd.org/general/themarshallplanspeechatharvarduniversity5june1947.htm
  6. http://www.marshallfoundation.org/library/doc_marshall_plan_speech.html
  7. ජෙෆ්රි රොබර්ට්ස් (දෙසැම්බර් 2000). "හිස්ටෝරියන්ස් ඇන්ඩ් ද කෝල්ඩ් වෝ". හිස්ට්‍රි ටුඩේ. සම්ප්‍රවේශය 2009-02-15.
  8. රොබර්ට් ජේ. මැක්මෝහන් (2003-03-27). ද කෝල්ඩ් වෝ. වෙරි ෂෝට් ඉන්ට්‍රඩක්ෂන්ස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 30.
  9. වොල්කාගෙනව්, දිමිට්‍රි. ස්ටැලින්: ට්‍රයම්ප් ඇන්ඩ් ට්‍රැජඩි. ෆෝරම්, 1996, පි.531.
  10. විල්වාඩ් (1984) පි 46
  11. මිල්ස්, නිකොලාවුස් (2008). විනිං ස පීස්: ද මාෂල් ප්ලෑන්ඇන්ඩ් ඇමරිකාස් කමිං ඔෆ් ඒජ් ඈස් අ සුපර්පවර්. විලි. p. 195. ISBN 978-0-470-09755-7.
"https://si.wikipedia.org/w/index.php?title=මාෂල්_සැලැස්ම&oldid=283313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි