මිනිස් කශේරුව

විකිපීඩියා වෙතින්
(මානව කශේරු ස්තම්භය වෙතින් යළි-යොමු කරන ලදි)


මානව ව්‍යුහ විද්‍යාවේ, කශේරුව හෙවත් කොඳු ඇට පෙළ (ලතින්කොලුම්නා වර්ටිබ්‍රාලිස්) යනු සන්ධානගත කශේරුකා 24 කින් සහ,[1][භින්න වූ සබැඳිය] ත්‍රිකාස්ථියෙහි සහ අනුත්‍රිකාස්ථියෙහිදී සම්බද්ධ කශේරුකා 9 කින්ද සාමාන්‍යයෙන් සමන්විත ස්තම්භයක් වෙයි. ඌනකායෙහි පෘෂ්ඨීය දිශාවෙහි, අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පිහිටයි. එහි කශේරුක නාලය තුල සුෂුම්නාව දරමින් එය ආරක්ෂා කරයි.

මිනිසුන්ගේ සිරුරේ සාමාන්‍යයෙන් කශේරුකා තිස්-තුනක් (33) ඇති අතර, මෙයින් පහක් එකිනෙකට සම්බද්ධවී ත්‍රිකාස්ථිය තනන අතර (අනෙකුන් අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පවතියි) අනුත්‍රිකාස්ථිමය අස්ථි සතරක් කෝකකය සාදයි.

ඉහළින් පිහිටි පෙදෙස් තුනක් තුල ඉතිරි කශේරුකා 24 පිහිටන අතර, පිහිටන පෙදෙස් ප්‍රකාර, ග්‍රෛවී (කශේරුකා 7), උරස් (කශේරුකා 12) සහ කටී (කශේරුකා 5) යන ලෙසින් නම් කෙරෙති. එක් පෙදෙසක් තුල පිහිටන කශේරුකා සංඛ්‍යාව එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු විය හැකි අතර, අඩු කිරීමක් වෙනුවට බොහෝවිට වෙනත් පෙදෙසක කශේරුවක් වැඩි කිරීම සිදු වෙයි. කෙසේවෙතත්, ග්‍රෛවී කශේරුකා සංඛයාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ ඉතාමත් කලාතුරකින් සිදු කෙරෙයි. [2]

කශේරුව

පළමු හා දෙවන ග්‍රෛවී කශේරුකා හැරුණු විට, සත්‍ය හෝ සචල කශේරුකා අතර (ඉහළ පෙදෙස් තුන) සමහර පොදු ගුණාංග පවතින අතර, උරස් පෙදෙසෙහි මැද කොටසෙහි කශේරුකාවක් පරික්ෂා කිරීමෙන් මෙය හොඳින් අධයයනය කළ හැක.[උපහරණ ඇවැසිය]

එක් කශේරුකාවක ව්‍යුහය[සංස්කරණය]

මානව උරස් කශේරුකාවක රූපයක්. පර්ශු වෙත සන්ධාන ගත වීම් සටහන් කර ගන්න

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂ‍යෙහි vertebral column
  2. ග්‍රේ, හෙන්රි (1977). ග්‍රේස් ඇනටමි. නිව්යොර්ක්: ක්‍රවුන් ප්‍රකාශකයෝ, ඉන්කෝපරේටඩ්. p. 34.
"https://si.wikipedia.org/w/index.php?title=මිනිස්_කශේරුව&oldid=271325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි