මාජරි බෝල්ටන්
මාජරී බෝල්ටන් (උපත: 1924 වසරේ මැයි 7වන දින) ඉංග්රිසි සහ එස්පෙරාන්තො යන භාෂා ද්වයෙන්[1] ලේඛණකරණයේ යෙදෙන ඉංග්රිසි ජාතික ගත්කතුවරියකි. තියුණු ලෙසෙ හැඟීම් ජනනය කරන, මානව හිතවාදී දෘෂ්ටියකින් හෙබි පරිණත ලේඛිකාවක් ලෙස ඇය ප්‍රකට වන්නී ය. කාව්‍ය නිර්මාණ, නාට්‍ය නිර්මාණ, කෙටිකතා, කතන්දර සහ රචනා යන අංශයන් ගෙන් ඇය නිර්මාණකරණයේ යෙදෙන්නී ය. එමෙන් ම ඇය පරිවර්තිකාවකි. 1949 වසරේ දී ඇය එස්පෙරාන්තො උගත්තා ය[1]. 1967 වසරේ එස්පෙරාන්තො ඇකඩමියේ සාමාජිකාවක් වශයෙන් තේරී පත් වූවා ය[2]. අන්තර්ජාතික එස්පෙරාන්තො සංගමයේ ගරු සාමාජිකත්වය ඇයට හිමි ය. කාත්-අමිකාරෝ (සුරතල් බළලුන් ඇති කරන එස්පෙරාන්තො භාෂකයන් ගේ සංගමයකි)[3] සහ ODES (Oxford and District Esperanto Society - බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර්ඩ් හි ප්‍රාදේශීය එස්පෙරාන්තො සමාජය)[4] හි සභාපතිවරිය වශයෙන් කටයුතු කරයි. 1998 දී එස්පෙරාන්තො සංස්කෘතික සම්මානයක් වන ෆේම් සම්මානයෙන් (Esperanto-Kulturpreis der Stadt Aalen und der Fame-Stiftung für internationale Verständigung) පුදනු ලැබිණි.
නිර්මාණාවලිය[සංස්කරණය]

- කොන්ත්‍රාල්තෙ Kontralte ( කාව්‍ය නිර්මාණ, 1955)
- ක්වාර්පියේදා කමරාදො Kvarpieda kamarado (පූස් පැටවෙක් ගැන දින පොතක්, 1956)
- ත්සෙන්ත් ජෝයිකාන්තොයි Cent ĝojkantoj ( කාව්‍ය නිර්මාණ, 1957, නැවත මුද්‍රණය: 1977)
- Eroj kaj aliaj poemoj (1959)
- Virino ĉe la landlimo (කෙටි නාට්‍ය, 1959)
- Zamenhof, aŭtoro de Esperanto (චරිතාපදාන, 1962, දෙවන සංස්කරණය 1989)
- Dek du piedetoj (හාස්‍යෝත්පාදක කෙටිකතා, 1964)
- Okuloj (කෙටිකතා, 1967)
- Nia sango (වේදිකා නාට්‍ය, 1970)
- Ni aktoras (ප්‍රහසන ත්‍රිත්වයක්, 1971)
- Rimleteroj (විලියම් ආල්ඩ් සමඟ කළ ලියුම් ගණුදෙණු, 1976)
- Poeto fajrakora: la verkaro de Julio Baghy (1983)
- Faktoj kaj fantazioj (1984, දෙවන සංස්කරණය 1993)
- Ne nur leteroj de plum-amikoj (el Retarkivo 2007): Esperanta literaturo – fenomeno unika (රචනා, 1984)
- Du el ( පෞල් තු(අර්)සන් (Poul Thorsen) සමඟ, 1985)
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 Marjorie Boulton: a brief biography
- ↑ සාමාජිකයෝ සහ ලියුම් ගණුදෙණුකරුවෝ, http://www.akademio-de-esperanto.org/faktoj/membraro.html, ප්‍රතිෂ්ඨාපනය 2015-10-29
- ↑ [1] මාජරි බෝල්ටන් කාත්-අමිකාරො හමුවේ දී 80වැනි අන්තර්ජාතික එස්පෙරාන්තො කොංග්‍රසය
- ↑ වේබැක් මැශින් මගින් Oxford and District Esperanto Society (සංරක්ෂණය කළේ ඔක්තෝබර් 27, 2009)