රචනා

විකිපීඩියා වෙතින්

රචනාවක් යනු කෙටි ලිඛිත කෘතියකි. එය රචනා වන්නේ රචකයාගේ පෞද්ගලික මතිමතාන්තර වලට අනුවය. රචනා නවකතාමය ස්වරූපයෙන් බැහරව යම් මාතෘකාවකට අදාලව විස්තරාත්මකව ලියවෙන්නකි. සාහිත්‍ය විචාර, දේශපාලනමය ප්‍රතිපත්ති, විවාද, එදිනෙදා ජීවිතයේ අත්දැකිම් හා රචකයාගේ මතකයන් ආදියෙන් රචනා සමන්විත වේ. රචනා යන්නෙහි අර්ථය නිසියාකාරව දැක්වීම අපහසුය. එය කෙටි කතා, ලිපි යන අර්ථ වලටද සමානකමක් දක්වයි. නූතන රචනා බොහොමයක් වාක්‍ය එක් වී සෑදෙන සාමාන්‍ය ලියවිලි වේ. එහෙත් සමහර කාව්‍යයන් ද රචනා බවට නම් කර ඇත. රචනාවක් හැඳින්විය හැක්කේ එම කෘතියේ ප්‍රමාණය මතය. එහෙත් එයට විරුද්ධ තේරුමක් ඇති රචනා ද දැක්විය හැක.

උදා‍:

  • ජෝන් ලොක්ගේ An Essay concerning human understanding
  • තෝමස් මැලකස්ගේ An Essay on the principle population

අවධානයට ලක් වූ රචකයෝ[සංස්කරණය]

G.K චෙස්ටර්මන්, වර්ජිනායා වුල්ෆ්, වෝල්ටයර්, එඩ්රියන් රිච්, ඇලම්පර් හෂ්මි, ජෝආන් ඩිඩියන්, ජින් බොල්ඩ්‍රිලාඩ්, බෙන්ජමින් ඩිසරෙලි, සුසැන් ‍සොන්ටැග්, නැටිලියා ජින්ස්බර්ග්, සාරා සුලෙරි, ඇනි ඩිලාඩ්, ජෝසෆ් ඇඩිසන්, රිචඩ් ස්ටිල්, චාර්ලිස් ලැම්බි, ලියෝ ටෝල්ස්ටෝයි, විලියම් හැස්ලිට්, තොම්ස් බැබින්ටන් මැතවුලේ, රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්, හෙන්රි ඩේවිඩ් තොරෙඩ්, පර්ස් බිග් ෂෙලි, මේරි ෂෙලි, වෝල්ටර් බේජ් හොට්, මොරිස් මිටර්ලින්ක්, ජෝර්ජ් ඕවෙල්, ජොර්ජ් බර්නාඩ් ෂෝ, ජොන් ඩි. ඇගටා, රෙනෝල්ඩ්ස් ප්‍රයිස්, ගෝ විඩාල්, මාගරිට් යුවර්සෙනා, ජේ.එම් තෝම්සි, ගැස්ටන් වැරිංහේන් සහ ඊ.බී. වයිට් රචනා අයත් වන කාණ්ඩය සත්‍ය වශයෙන් පැවසීම දුෂ්කරය.

නවකතාවක් පරිද්දෙන්ම, රචනාවක් යනු ඕනෑම දෙයක් පිළිබඳ සෑම දෙයක්ම පැවසීමේ උපරකරණයකි. සාම්ප්‍රදායානුකූලව අර්ථ දැක්වීමට අනුව රචනාවක් යනු කෙටි ලිපියකි. එම නිසා එමගින් සෑම දෙයක් පිළිබඳවම සෑම කරුණක් ම දැක්වීම, එම සීමා තුළ දී කළ නොහැක. එනමුත් රචනා කිහිපයක් මඟින් එම සෑම කරුණක්ම අල්ලා විස්තර කළ හැක. මොන්ටෙයින්ගේ තුන්වන කෘතිය මෙයට සමාන වේ. රචනා යන සාහිත්‍ය විශේෂය අතිශය වෙනස්වන සුළුය. මෙය තුන් ආකාරයකින් ලබකා බැලිය හැක. පළමු ආකාරය පෞද්ගලික පැතිකඩකින් යන්නය. දෙවන පැතිකඩේ දී ඉලක්ක ද තෙවන පැතිකඩේ දී විශ්වයම සාරාංශ කර සලකා බැලිය හැක.

සමහර රචකයොත් සිය වටපිටාව පිළිබඳව ද සමහර රචිකයෝ සිය පෞද්ගික අත්දැකීම් ද රචනාවට ලක් කරති. එහෙත් සමහරු යම් කිසි විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ දේශපාලනමය තේමාවක් යටතේ සිය රචනා ලියති.

එහෙත් ඉතා සරු හා සෑහීමකට පත්විය හැකි රචනා වනුයේ ඉහත අවස්ථා තුනේම පැවතිය හැකි ඒවාය.

"https://si.wikipedia.org/w/index.php?title=රචනා&oldid=535166" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි