මාජරින්

විකිපීඩියා වෙතින්
මාජරින්
බඳුනක දැමූ මාජරින්
විකල්ප නාමයන්මාජ්, ඔලීයො, ඔලීයොමාජරින්
වර්ගයතැවරුම
සම්භව ස්ථානයප්‍රංශය
නිර්මාණය කෙරුණේඉපෝලිත් මේජ්-මූරියෙස්
ප්‍රධාන සංඝටකඑළවළු තෙල්

මාජරින් යනු, රස ගැන්වීම, පිළිස්සීම සහ, පිසීම සඳහා භාවිතා කරන තැවරුමකි. එය බොහෝවිට බටර් වෙනුවෙන් ආදේශකයක් ලෙසින් භාවිතා කෙරෙයි. ආරම්භයෙහිදී එය සත්ත්ව මේද භාවිතයෙන් තැනුනද, වර්තමානයෙහි පරිභෝජනය කෙරෙන බොහෝ මාජරින් තැනෙනුයේ එළවළු තෙල් භාවිතයෙනි. මෙම තැවරුමට මුලින්ම නම් තබන ලද්දේ ඔලීයොමාජරින් ලෙසින් වන අතර, ලතින් බසින් එන ඕලියුම් (ඔලිව් තෙල්) සහ ග්‍රීක බසින් එන මාගරීටා ("මුතු", ප්‍රභාව නිරූපණය කරමින්) යන වචන වල සංයෝජනයකි. මෙම නම පසුව මාජරින් බවට කෙටි කෙරිණි.[1]

මාජරින් සමන්විත වන්නේ මේදය-තුල-ජලය පවතින තෛලෝදයකින් වන අතර, ඉතා කුඩා ජල බිඳිති ඒකාකාර ලෙසින් මේද කලාපයක් තුල විසිර පවතිමින් ස්ථායි ඝණ ආකාරයක් සදයි. [2]

පේස්ට්‍රීස්, ඩෝනට්ස්, කේක්, සහ කුකීස් වැනි වෙනත් ආහාර වර්ගවල සංඝටකයක් ලෙසින් මාජරින් භාවිතා කල හැක.[3]

ඉතිහාසය[සංස්කරණය]

සොයැගැනීම සහ මුල් අවදියෙහි බෙදාහැරීම[සංස්කරණය]

මාගරින් සොයාගන්නා ලද්දේ, ටැලෝ ගව සත්ත්ව තෙල් භාවිතයෙන් සන්නනද්ධ හමුදාවන් සහ පහළ පංතීන් සඳහා බටර් වෙනුවට ආදේශයක් නිෂ්පාදනය කරන ලෙසින් 1869 වසරෙහිදී තුන්වන නැපෝලියන් අධිරාජයා විසින් ඉදිරිපත් කෙරුනු අභියෝගයකට ප්‍රතිචාර වශයෙන් ඉපෝලිත් මේජ්-මූරියෙස් විසින් වෙයි. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 රප් ආර් (13 අගෝස්තු 2014). "ද බටර් වෝස්: වෙන් මාජරින් වෝස් පින්ක්". ද ප්ලේට්: නැෂනල් ජියෝග්‍රැෆික්. 1 අගෝස්තු 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 දෙසැම්බර් 2017.
  2. රාජා, කේන්ස් (1 මැයි 2005). "Spread thickly with innovation: with the basic concept of spreads unchanged for decades, producers have to be increasingly innovative in their product development and marketing. Kanes Rajah outlines some successful strategies". Al බිස්නස් වෙබ්සයිට්. ද ගේල් ගෘෘප්, ඉන්ක්. 30 නොවැම්බර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2009.
  3. ඉයන් පී. ෆ්‍රීමන් (2005). "මාජරින්ස් ඇන්ඩ් ෂෝට්නිංන්ස්". කාර්මික රසායන විද්‍යාව පිළිබඳ ඕල්මන්ගේ විශ්වකෝෂය (විලී-වීසීඑච්, වයින්හයිම්). . . 
"https://si.wikipedia.org/w/index.php?title=මාජරින්&oldid=605825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි