මමී (2016 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
මමී
සිනමාහල් පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයලෝහිත් එච්.
රචනයලෝහිත් එච්.
නිශ්පාදනයකේ. රවිකුමාර්
රංගන ශිල්පීන්ප්‍රියංකා උපේන්ද්‍රා
යුවිනා පාර්තවි
සිනෙමාරූපණයඑච්. සී. වේණු
සංස්කරණයසී. රවිචන්ද්‍රන්
සංගීතයඅජානීෂ් ලෝක්නාත්
Production
company
KRK ප්‍රොඩක්ෂන්ස්
බෙදාහැරීමහොරයිසන් ස්ටූඩියෝ
තිර කාලය
මිනිත්තු 131
රටඉන්දියාව
භාෂාවකන්නඩ

මමී හෙවත් මමී - සේව් මී යනු 2016 ඉන්දියානු ද්වීභාෂා කන්නඩ සහ තෙලිඟු අධිස්වභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදු කරන්නේ ප්‍රියංකා උපේන්ද්‍රා විසිනි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ලෝහිත් එච්. විසිනි.[1] මෙහි කන්නඩ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ කේ. රවිකුමාර් විසින් KRK ප්‍රොඩක්ෂන්ස් යටතේ වන අතර, බෙදාහරින ලද්දේ හොරයිසන් ස්ටූඩියෝස් විසිනි. චින්නරි නම් වූ මෙහි තෙලිඟු ප්‍රභේදය නිෂ්පාදනය කරන ලද්දේ KRK ප්‍රොඩක්ෂන්ස් සහ ලක්ෂ්මී වෙන්කටේස්වරා මූවීස් යටතේ ය. සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ අජානීෂ් ලෝක්නාත් විසින් වන අතර, ගී පද රචනා කරන ලද්දේ යෝගරාජ් භාට් විසිනි.[2]

කථාපුවත[සංස්කරණය]

සත්‍ය කථා පුවතක් පාදක කරගත් මමී - සේව් මී චිත්‍රපටය සත්මස් ගැබිනි මවක සහ ඇගේ සය හැවිරිදි දියණිය වටා ගෙතුණු හැඟීම්බර සංත්‍රාස චිත්‍රපටයකි. ප්‍රියාගේ (ප්‍රියංකා උපේන්ද්‍රා)[3] සැමියාගේ මරණින් පසු පවුල බැංගලෝරය හැරදා ගෝව වෙත යයි. ඔවුන් විශාල වලව්වක් වෙත පැමිණෙන අතර, එහි දී ඔවුනට නොයෙකුත් අද්භූත දේවල්වලට මුහුණපෑමට සිදු වේ. මෙමගින් ඔවුන් මුහුණපාන ගුප්ත සිදුවීම් සහ ඒවා ජයගන්නා අයුරු නිරූපිත ය.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

මමීහි ට්‍රේලරය මුදාහැරුණේ 2016 ජූනි 30 දින බෙංගලූරුහි ETA මෝල්හි දී ය. මෙම විශාල උත්සවයට උපේන්ද්‍රා සහ නිළි තාරා වැනි සුපිරි තරු රැසක් එක් විය.[4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Priyanka in Conjuring-style horror flick". The Times of India. සම්ප්‍රවේශය 2015-04-08.
  2. "Watch The Trailer of Mummy - Save Me". Filmy Beat. සම්ප්‍රවේශය 2016-07-01.
  3. User, Super. "Priyanka's New Film Mummy - Save Me - chitraloka.com - Kannada Movie News, Reviews - Image". සම්ප්‍රවේශය 29 October 2016. {{cite web}}: |last= has generic name (help)
  4. "Mummy Trailer Comes". Indiaglitz. සම්ප්‍රවේශය 2016-07-02.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මමී_(2016_චිත්‍රපටය)&oldid=400052" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි