මන්දිරා බේඩි
මන්දිරා බේඩි | |
---|---|
![]() බේඩි 2017 ල්කමේ විලාසිතා සතියේ දී | |
උපත | 15 අප්‍රේල් 1972[1] |
රැකියාව | නිළියක, නිවෙදිකාවක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක |
කලත්‍රයා(යන්) | රාජ් කෞශාල් (වි. 1999) |
දරුවන් | වීර් කෞශාල් |
මන්දිරා බේඩි (උපත 1972 අප්‍රේල් 15)[1] යනු ඉන්දියානු නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක,[3] නිරූපිකාවක සහ රූපවාහිනී නිවේදිකාවකි. ඇය ජනාදරයට පාත්‍ර වූයේ ඉන්දියාවේ ජාතික නාළිකාව වූ දූර්දර්ශන් වෙතින් විකාශය කළ ඉන්දියානු රූපවාහිනියේ ප්‍රථම දිනපතා සෝප් ඔපෙරාව වූ ශාන්ති නම් 1994 රූපවාහිනී කතාමාලාවේ ශාන්තිගේ චරිතය නිරූපණයෙනි.
අනතුරුව ඇය ඕරත් (ඩීඩී සහ සෝනි නාළිකා), දුෂ්මන් (ඩීඩී) සහ ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (ස්ටාර් ප්ලස්) වැනි රූපවාහිනී කතාමාලාවල රංගනයෙන් දායක වූවා ය. එපමණක් නොව ඇය 2003 හා 2007 වර්ෂවල ICC ක්‍රිකට් ලෝක කුසලාන සහ 2004 හා 2006 වර්ෂවල ශූරයින්ගේ කුසලාන තරගාවලිවල ද නිවේදන කටයුතු සිදුකොට ඇත. එසේම ඇය සෝනි මැක්ස් වෙනුවෙන් ඉන්ඩියන් ප්‍රීමියර් ලීග් 2වන වාරයේ ද නිවේදන කටයුතු සිදුකළා ය. බ්‍රිටිෂ් නෙට්වර්ක් – ITV වෙනුවෙන් ඇය IPL 3වන වරාය ආවරණය කලා ය. ඇය මෝස්තර නිර්මාණ වෘත්තියට ප්‍රවිෂ්ඨ වූයේ 2014 ලක්මේ විලාසිතා සතියේ දී ඇගේ සාරි එකතුවත් සමගයි.[4]
PETA සංවිධානය වෙනුවෙන් බේඩි කෘත්‍රිම ලෙදර් භාවිතය ප්‍රවර්ධනය කරන්නී ය.[5] 2013 ඔක්තෝබර් 26 දින, බේඩි ඇගේ සාරි වෙළඳසැල විවෘත කළා ය.[6]
පෞද්ගලික දිවිය[සංස්කරණය]

1999 පෙබරවාරි 14 දින බේඩි රාජ් කෞශාල් හා විවාහ වූවා ය. 2011 ජනවාරි 27 දින නිවේදනය කෙරුණේ මෙම යුවළ ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි. 2011 ජූනි 19 දින මුම්බායිහි ලීලාවතී රෝහලේ දී බේඩි, වීර් නම් පුත්‍රයකු බිහිකළා ය. 2013 වන විට, බේඩි සහ ඇගේ සැමියා සිය පවුල සම්පූර්ණ කරගැනීම පිණිස දැරියක හදා වඩා ගැනීමට අයදුම් කොට තිබිණි.[7][8]
චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
1995 | දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ | ප්‍රීති සිං | හින්දි | |
2000 | බාදල් | හින්දි | සඳහන් නොකළ චරිතය | |
2004 | මන්මදන් | වෛද්‍යවරිය (මනෝ චිකිත්සක) | දෙමළ | ආරාධිත නිරූපණය |
2004 | ෂාදි කා ලඩ්ඩූ | තාරා | හින්දි | |
2005 | නාම් ගුම් ජායේගා | නාලිනී | හින්දි | |
2005 | බලි | අංචල් | හින්දි | රූපවාහිනී චිත්‍රපටය |
2005 | Divorce | රේණුකා ජෝෂි | හින්දි | |
2007 | Matrimony | පූජා | හින්දි | කාව්‍යමය චිත්‍රපටය දුස් කහානියාන් |
2008 | මීරාබායි නොට් අවුට් | මීරා ඒ. අක්‍රේකර් | හින්දි | |
2009 | 42kms | සංජානා | හින්දි | |
2014 | ඕ තේරි | හින්දි | ||
2017 | අඩංගතේයි | දෙමළ | රූගත කෙරෙමින් පවතියි. | |
2017 | වොඩ්කා ඩයරීස් | ශික්ෂා ඩික්සිත් | හින්දි | රූගත කෙරෙමින් පවතියි. |
TBA | ඒළාම් මුද්‍රා | මලයාලම් | 2007දී නිවේදනය කෙරිණි. | |
2018 | සාහෝ | නිවේදනය කිරීමට නියමිත | තෙලිඟු/ දෙමළ/ හින්දි | රූගත කෙරෙමින් පවතියි. |
රූපවාහිනිය[සංස්කරණය]
වර්ෂය | තේමාව | චරිත/ දායකත්වය | නාළිකාව |
---|---|---|---|
1994 | ශාන්ති | ශාන්ති | ඩීඩී නැෂනල්/ ස්ටාර් ප්ලස් |
2001- | ඕරත් | ප්‍රගති | ඩීඩී නැෂනල්/ සෝනි |
2001 | දුෂ්මන් | ඩීඩී මෙට්‍රෝ | |
2001 | CID | රේෂ්මා | සෝනි ටීවී |
2001–2003 | ක්‍යුන්කි සාස් භි කභි බාහු ති | ආචාර්ය මන්දිරා කපාඩියා | ස්ටාර් ප්ලස් |
2005 | ෆේම් ගුරුකුල් | නිවේදිකාවක | සෝනි ටීවී |
2005 | CID: ස්පෙෂල් බියුරෝ | සාගරිකා | සෝනි ටීවී |
2005–2006 | ඩීල් යා නෝ ඩීල් | නිවේදිකාවක | සෝනි ටීවී |
2006 | Fear Factor India | තරගකාරිණියක | සෝනි ටීවී |
2007–2008 | ෆන්ජාබ්බි චක් දේ | නිවේදිකාවක | ස්ටාර් වන් |
2008 | ජෝ ජීතා වෝහි සුපර් ස්ටාර් | නිවේදිකාවක | ස්ටාර් ප්ලස් |
2008 | ඒක් සේ බධ්කාර් ඒක් – ජල්වේ සිතාරොන් කේ | නිවේදිකාවක | සී ටීවී |
2013 | Indian Idol Junior | නිවේදිකාවක | සෝනි ටීවී |
2013 | 24 | නිකීතා රායි | කලර්ස් |
2014 | ගැන්ග්ස් ඔෆ් හසීපූර් | විනිසුරු | සී ටීවී |
2015 | අයි කැන් ඩූ දැට් | කීර්තිමත් තරගකාරිණිය | සී ටීවී |
2016 | India's Deadliest Roads | ඇය ලෙසම | හිස්ට්‍රි ටීවී |
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Birthday Special: Taking fashion lessons from Mandira Bedi". Rediff. 15 April 2014. Retrieved 12 June 2016.
- ↑ Dasgupta, Sumit (20 March 2003). "Born in Calcutta, reborn in the Cup". The Telegraph (Calcutta). Archived from the original on 21 April 2016. Retrieved 21 April 2016.
- ↑ "LFW 2014: Neha Dhupia stuns on the ramp, Mandira Bedi makes her ramp debut as designer". The Indian Express. Retrieved 20 March 2014.
- ↑ "Mandira Bedi to debut as a Designer at Lakme Fashion Week 2014". IANS. news.biharprabha.com. Retrieved 18 February 2014.
- ↑ "Mandira Bedi to promote faux leather for Peta". Timesofindia.indiatimes.com. 25 July 2012.
- ↑ "Mandira Bedi's sari store open for public now". DNA India. 27 October 2013. Retrieved 4 November 2013.
- ↑ "Mandira Bedi, husband Raj Kaushal will soon adopt a girl child". [[Mid Day|]].
- ↑ "Mandira Bedi and husband Raj Kaushal will soon adopt girl child". Canindia News (in ඇමෙරිකානු ඉංග්‍රීසි).
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
මන්දිරා බේඩි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- නිල ට්විටර් ගිණුම
- මන්දිරා බේඩි සඳහා IMDb හි ඇති තොරතුරු
- CS1 ඇමෙරිකානු ඉංග්‍රීසි-language sources (en)
- ජූනි 2016 සිට ගැනෙන අසම්පූර්ණ ලැයිස්තු
- ඉන්දියානු චිත්‍රපට නිළියෝ
- ඉන්දියානු රූපවාහිනී නිළියෝ
- ඉන්දියානු රූපවාහිනී නිවේදිකාවෝ
- ඉන්දියානු රූපවාහිනී නිවේදකයෝ
- ඉන්දියානු නිරූපිකාවෝ
- ජීවත්වන්නෝ
- 1972 උපත්
- කොල්කතාවේ නිළියෝ
- හින්දි රූපවාහිනියේ නිළියෝ
- හින්දි සිනමාවේ නිළියෝ
- මලයාලම් සිනමාවේ නිළියෝ
- 20වන සියවසේ ඉන්දියානු නිළියෝ
- 21වන සියවසේ ඉන්දියානු නිළියෝ