මධ්‍යවණ්ටනය

විකිපීඩියා වෙතින්
මධ්‍යවණ්ටනය
මධ්‍යවණ්ටනය‍. උත්තර සහ අධර අතර බෙදීම ඇත්තේ උරෝස්ථි කෝණයේ ය.
මධ්‍යවණ්ටනීය ව්‍යූහ විද්‍යාව
තොරතුරු
ලතින්mediastinus
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1090
Dorlands
/Elsevier
m_06/12518945
TAA07.1.02.101
FMA9826
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මධ්‍යවණ්ටනය (mediastinum; මධ්‍යකාලීන ලතින් mediastinus වදනින් බිඳී ආවකි, "මැදි මග"[1]) යනු ලිහිල් සම්බන්ධක පටකවලින් වටවූ උරස් කුහරයේ ඇති මධ්‍ය අවකාශයයි. මෙය උරසෙහි වූ අවයව සමූහයකින් සමන්විත ය. මධ්‍යවණ්ටනය හෘදය හා එහි රුධිර වාහිනී, අන්නස්‍රෝතය, ශ්වාස නාලය, ප්‍රාචීර සහ හෘත් ස්නායු , උරස් ප්‍රණාලය, තයිමස සහ පපුවේ මධ්‍යම පෙදෙසේ පිහිටි වසා ගැටිතිවලින් සමන්විත වේ.

ව්‍යූහය[සංස්කරණය]

මධ්‍යවණ්ටනය පිහිටයේ උරස තුළ වන අතර, ප්ලූරා මගින් එහි වම් සහ දකුණු පෙදෙස් ඇසිරී ඇත. එය ඉදිරිපසින් ලය බිත්තිය මගින් ද, පාර්ශ්විකව පෙනහැලි මගින් ද, සහ පසුපසින් කශේරුව මගින් ද වටවී ඇත. මෙය ඉදිරිපසින් උරෝස්ථිය සිට පසුපසින් කශේරුව තෙක් විහිදෙන අතර, පෙනහැලි හැර සෙසු සියලු උරස් අවයව මෙය තුළ පිහිටයි. මෙය ගෙලෙහි ලිහිල් සම්බන්ධක පටකය සමග සන්තතික ය.

මධ්‍යවණ්ටනය ඉහළ (හෝ උත්තර) සහ පහළ (හෝ අධර) කොටස්වලට බෙදිය හැක:

  • උත්තර මධ්‍යවණ්ටනය උත්තර උරස් විවරය අසලින් ඇරඹී උරස් තලයෙන් අවසන් වේ.
  • උරස් තලය මගින් උත්තර සහ අධර මධ්‍යවණ්ටනය වෙන් කරයි. මෙය උරෝස්ථි කෝණය, සහ T4–T5 කශේරුකාවල අන්තර්කශේරුක මඬල මට්ටමේ පිහිටි තලයකි.[2][3][4]
  • අධර මධ්‍යවණ්ටනය මෙම මට්ටමේ සිට මහා ප්‍රාචීරය දක්වා වේ. මෙම පහළ ප්‍රදේශය පෙරිකාඩියමට සාපේක්ෂව කලාප තුනකට බෙදේ. පෙරිකාඩියම ඉදිරියේ පිහිටි පූර්ව මධ්‍යවණ්ටනය, පෙරිකාඩියම සහ එහි අන්තර්ගතයන් ඇතුළත් මැදි මධ්‍යවණ්ටනය සහ පෙරිකාඩියමට පසුපසින් පිහිටි අපර මධ්‍යවණ්ටනයයි.

කායව්‍යවච්ඡේදකයින්, ශල්‍යවේදීන් සහ සායනික විකිරණවේදීන් මධ්‍යවණ්ටනය වර්ග කරන්නේ වෙනස්ම ආකාරයකට ය. උදාහරණයක් වශයෙන්, විකිරණවේදීය ෆෙල්සන් ක්‍රමය අනුව මෙය ප්‍රධාන කොටස් තුනකට පමණක් (පූර්ව, මධ්‍ය සහ අපර) බෙදෙන අතර, හෘදය පූර්ව මධ්‍යවන්ටනයේ කොටසක් ලෙස සැලකේ.[5]

උත්තර මධ්‍යවණ්ටනය[සංස්කරණය]

උත්තර මධ්‍යවණ්ටනය සීමා වන්නේ:

අන්තර්ගතය
ලය විකිරණරේඛයක දක්නට ලැබෙන ඇතැම් මධ්‍යවණ්ටනීය ව්‍යූහයන්.
අන්තර්ගතය

උරස් තලය[සංස්කරණය]

උරස් තලයේ මට්ටමේ ව්‍යූහ ගණනාවක්ම පවතින අතර, එමගින් උත්තර සහ අධර මධ්‍යවණ්ටනය වෙන් කරයි: සැකිල්ල:Thoracic plane structures

අධර මධ්‍යවණ්ටනය[සංස්කරණය]

පූර්ව මධ්‍යවණ්ටනය

මායිම් වන්නේ:

අන්තර්ගතය
අන්තර්ගතය
  • උත්තර සහ අධර උරෝස්ථිපෙරකාඩීය බන්ධනි
මැදි මධ්‍යවණ්ටනය

මායිම් වන්නේ: පෙරිකාඩීය මඩිය – මෙහි ජීවී අවයවවලින් අන්තර්ගත වන අතර, මස්තුමය සහ තන්තුමය පෙරකාඩියම ලෙස වර්ග කෙරේ.

අන්තර්ගතය
අන්තර්ගතය
අපර මධ්‍යවණ්ටනය

මෙය මායිම් වන්නේ:

සායනික වැදගත්කම[සංස්කරණය]

Mediastinal adenopathy

මධ්‍යවණ්ටනය නිතරම අර්බූදයන්ට ලක්වන ස්ථානයකි:

  • පූර්ව මධ්‍යවණ්ටනය: උපඋරෝස්ථික තයිරොයිඩ් ගලගණ්ඩය, ලිම්ෆෝමා, තයිමෝමා, සහ ටෙරටෝමාව.
  • මැදි මධ්‍යවණ්ටනය: lymphadenopathy, පෙනහැලිවලින් එන කුඩා සෛල කාර්සිනෝමාව වැනි metastatic රෝග.
  • අපර මධ්‍යවණ්ටනය: නියුරෝජනිත අර්බූද (tumors), ස්නායු කොපුව (බොහෝවිට මෘදු) හෝ වෙනත් ස්ථානයක (උග්‍ර) ඇතිවිය හැක.

මධ්‍යවණ්ටනප්‍රදාහය යනු මධ්‍යවණ්ටනයේ පටකවල ඇතිවන ප්‍රදාහ තත්ත්වයයි. මෙය සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනයන් වන අතර, මධ්‍යවණ්ටනයේ අවයව භේදනයට ලක්වීමේ සිදුවේ. ආසාදනය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකි බැවින් මෙය බරපතල තත්ත්වයක් ලෙස සැලකේ.

නියුමොමධ්‍යවණ්ටනය යනු මධ්‍යවණ්ටනයේ වාතය පැවතීමයි. ඇතැම් අවස්ථාවල දී මෙයට ප්‍රතිකාර නොකළහොත් සමීරඋරස (pneumothorax), නියුමොඋදරච්ඡදය, සහ නියුමොපෙරිකාඩියම වැනි තත්ත්ව ඇතිවිය හැක. කෙසේනමුත්, එය හැමවිටම සිදුනොවන අතර, ඇතැම් අවස්ථාවල මෙම තත්ත්වයන් නියුමොමධ්‍යවණ්ටනයේ ප්‍රතිඵලයක් ලෙස නොව, නියුමොමධ්‍යවණ්ටනය හේතුව ලෙස ද ක්‍රියාකරයි. මෙම තත්ත්වයන් බොහෝවිට බොයර්හාවේගේ සහලක්ෂණය හෝ ස්වයංසිද්ධ අන්නස්‍රෝතීය භේදනය ඇතිවිය හැක.

ඇතැම් රෝගවල දී පළල් වූ මධ්‍යවණ්ටනයක් (සාමාන්‍යයෙන් හඳනාගැනෙන්නේ ලය x-කිරණ ඡායාරූපයක් මගිනි) පැවතිය හැක. වඩාත්ම සුලබ ඒවා වන්නේ මහා ධමනික දිගහැරුම, ක්ෂතජ මහා ධමනික භේදනය, උරස් මහා ධමනි උපුලුව, සහ ක්ෂතජ කශේරුක බිඳීම වැනි තත්ත්වයන් ය. පළල් වූ ඹධ්‍යවණ්ටනය ඇන්ත්‍රැක්ස් ආසාදනයේ විරළ සලකුණකි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි

  1. Mediastinum dictionary definition
  2. Thoracic Wall, Pleura, and Pericardium - Dissector Answers, http://anatomy.med.umich.edu/cardiovascular_system/thorax_wall_ans.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01 
  3. Untitled Document, http://dba.med.sc.edu/GROSS/practise1.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01 
  4. UAMS Department of Anatomy - Topographical Anatomy - Thorax, http://anatomy.uams.edu/AnatomyHTML/topogr_thorax.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01 
  5. Goodman, Lawrence. Felson's Principles of Chest Roentgenology.
  6. Thoracic Wall, Pleura, and Pericardium - Dissector Answers, http://anatomy.med.umich.edu/cardiovascular_system/thorax_wall_ans.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01 
  7. Untitled Document, http://dba.med.sc.edu/GROSS/practise1.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01 
  8. UAMS Department of Anatomy - Topographical Anatomy - Thorax, http://anatomy.uams.edu/AnatomyHTML/topogr_thorax.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යවණ්ටනය&oldid=601171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි