ගලගණ්ඩය

විකිපීඩියා වෙතින්
ගලගණ්ඩය
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර
III ගණයෙහි ගලගණ්ඩය සහිත කාන්තාවක්.
ICD-10 කේතයE01.-E05.
ICD-9 කේතය240.9
DiseasesDB5332
MedlinePlus001178
MeSHD006042

ගලගණ්ඩයක් හෝ කණ්ඨමාලයක් හෝ වායු ගෙඩියක් (ඉංග්‍රීසි පදය Goitre යන්න බිඳී ඇත්තේ ලතින් gutteria, struma වෙතිනි), යනු තයිරොයිඩ ග්‍රන්ථියෙහි ඉදිමුමක් වන අතර,[1] එය නිසා ගෙල හෝ ස්වරාලය ඉදිමුමකට ලක් විය හැක. ගලගණ්ඩය සාමාන්‍යයෙන් ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදි අයුරින් ක්‍රියානොකරන විටකදීය.

වර්ගීකරණය[සංස්කරණය]

ඒවා විවිධ ආකාරයට වර්ගීකරණය කෙරෙති:

  • "විසිරි ගලගණ්ඩය"ක් යනු සමස්ත තයිරොයිඩය පුරා පැති ඇති ගලගණ්ඩයකි (මෙය "සරල ගලගණ්ඩය"ක් හෝ, "බහුසන්ධීය ගලගණ්ඩය"ක් විය හැකිය).
  • "ධූලක ගලගණ්ඩය" යනු අධි තයිරොයිඩතාව සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් ග්‍රේව්ස් රෝගය නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක ප්‍රදාහය නිසා ඇති විය හැක.
  • "ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( ලිතියම් නිසාවෙන් හෝ වෙන යම් ස්වයංප්‍රතිශක්ති රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).

අනෙකුත් වර්ගීකරණ විධි:

  • I ගණය - ස්පර්ශ පිරික්සුම් ගලගණ්ඩය - හිසෙහි සාමාන්‍ය ස්ථාපනයෙහිදී එය දැකිය නොහැකිය; ස්පර්ශ පිරික්සුමෙන් පමණක් සොයා ගත හැක.
  • II ගණය - ගලගණ්ඩය පරික්සුමෙන් සොයා ගත හැකි අතර පහසුවෙන් දැකිය හැක.
  • III ගණය - ගලගණ්ඩය ඉතා විශාල හා අපරක්‍රෝඩක වෙයි; තෙරපීම යෙදූ විට එම සලකුණු පවතියි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගලගණ්ඩය&oldid=214657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි