බොක්සර් බ්‍රීෆ්

විකිපීඩියා වෙතින්
බොක්සර් යට කලිසමක්

බොක්සර් යට කලිසම් (හෙවත් තද බොක්සර්) යනුවෙන් හැඳින්වෙන්නේ දෙමුහුම් පිරිමි යටඇඳුම් ප්‍රභේදයක් වන අතර, ඒවා බොක්සර් කොට කලිසම් මෙන් දිගු පාද සහිත වුව ද, බ්‍රීෆ් යටකලිසම් මෙන් සිරුරට තදවී පවතියි. නිෂ්පාදකයා අනුව පදනම්ව මේවා බොක්සර්බ්‍රීෆ් යන තනි වචනයෙන් ද හැඳින්විය හැක. ඇතැම් අවස්ථාවල දී මෙය එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව තුළ "ට්‍රන්ක්" ලෙස හඳුන්වයි.[1]

බොක්සර් යට කලිසම් නිර්මාණය සඳහා පුරෝගාමී වූයේ නිර්මාණ ශීල්පී ජෝන් වර්වේටස් විසින් 1990–1995 කාලයේ කැල්වින් ක්ලයින්හි පිරිමි ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධානියාව සිටි සමයේ ය.[2] 1992 වර්ෂයේ මාක් "මාර්කි මාර්ක්" වොහ්ල්බර්ග් පෙනී සිටි මුද්‍රිත දැන්වීම් මාලාව ඔස්සේ මෙය ජනප්‍රිය විය.[2][3] ඔවුන් එය හැඳින්වූයේ "සියවසේ ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ විප්ලවයක්" ලෙසයි.[2] Of their creation Varvatos said in 2010, "We just cut off a pair of long johns and thought, this could be cool..."[2]

යට ඇඳුමක් ලෙස භාවිතය[සංස්කරණය]

ඇතැමුන් සාමාන්‍ය බ්‍රීෆ් යටඇඳුම් වඩාත් සීමාකාරී යැයි සලකන විට, තවත් පිරිසක් බොක්සර් කොට කලිස් වඩාත් ලිහිල් ලෙස සලකනු ලබයි. වෘෂණ සඳහා පැසක් හෙවත් "විශාලිත" පැසක් නිර්මාණය කොට ඇති අතර එමගින් ඉදිරිපසට වැඩි නිදහස් අවකාශයක් ලබාදෙමින් ශිෂ්ණය ඉඩ ලබාදෙයි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ දී ජොක්ස්ට්‍රැපයට විකල්පයක් ලෙස හෝ ආධාර වශයෙන් බොක්සර් බ්‍රීෆ් භාවිතා වන අතර, එදිනෙදා කටයුතු සඳහා බහුලව භාවිතා වේ.

බොක්සර් බ්‍රීෆ් සැකැස්ම හේතුවෙන් ඉඟටිය සහ කලවා අතර මධ්‍ය ප්‍රදේශයට මනාව ගැළපී පවතින අතර, මේවා ඉණ ප්‍රදේශයට අඳිනු ලබයි. සාමාන්‍යයෙන් මෙම වස්ත්‍ර කපු සහ ස්පැන්ඩෙක්ස් මිශ්‍ර රෙදි විශේෂයකින් හෝ මෘදු ෆ්ලැනල් අමුද්‍රව්‍යයෙන් තනනු ලැබේ. බොක්සර් බ්‍රීෆ් විලාසිතා සතුව ඇතැම්විට ඉදිරිපස (පියවුම්) බොත්තමක්, පැසක් සහිත විය හැක. ඉණට යොදන පටිය ලෙස සාමාන්‍යයෙන් ප්‍රත්‍යාස්ථ අමුද්‍රව්‍යයකින් තැනූ වෙනස් පටියක් භාවිතා වේ. බොහෝ අවස්ථාවල එය බොක්සර් යට කලිසමේ සෙසු කොටස් සැදි කපු හෝ ෆ්ලැනල් අමුද්‍රව්‍යයෙන් වර්ණයට වඩා වෙනස් වර්ණයකින් යුතු විය හැක. බොහෝ අවස්ථාවල මෙම ප්‍රත්‍යාස්ථ පටියෙහි නිෂ්පාදකයාගේ නාමය මුද්‍රණය කොට තිබෙනු දැකගත හැක. ඇතැම් බොක්සර් බ්‍රීෆ්වල මැදි වාටියක් ඇතිවීම වැළැක්වීමට තට්ටම් ප්‍රදේශය සීමා කරමින් මැස්මක් දැකගත හැක. බ්‍රිෆ් යටඇඳුම්වලට සාපේක්ෂව බොක්සර් බ්‍රීෆ් පුරුෂ ලිංගික අවයවවලට වැඩි අවකාශයක් සලසයි. නමුත් ශිෂ්ණය ඍජු වීමේ දී මෙමගින් එහි නෙරා යාම සඟවන්නේ අවම වශයෙනි.[4] මෙයට විසඳුමක් ලෙස ඇතැම් බොක්සර් කොටකලිසම් නිෂ්පාදකයින් විසින් ශිෂ්ණය සැඟවිය හැකි අයුරින් එහි අභ්‍යන්තර ව්‍යූහය වැඩිදියුණු කොට ඇත.[5][nb 1]

පින්තූර ගැලරිය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ශිෂ්ණය ඍජුවීම සැඟවීමට සැලසුම් කළ යට ඇඳුම් හෝ බොක්සර් හඳුන්වන්නේ බ්ලොක්සර් යන නාමයෙනි.


ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Trunks". Collins English Dictionary. සම්ප්‍රවේශය June 29, 2014.
  2. 2.0 2.1 2.2 2.3 Gell, Aaron (September 1, 2010). "Rock Steady". Hemispheres. සම්ප්‍රවේශය June 29, 2014. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. Wilson, Eric (May 12, 2010). "Stretching a Six-Pack". The New York Times. සම්ප්‍රවේශය June 29, 2014.
  4. Kimmel, Michael (2014). Cultural Encyclopedia of the Penis. p. 226.
  5. http://uk.complex.com/style/2015/07/these-boxers-were-designed-to-hide-boners

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බොක්සර්_බ්‍රීෆ්&oldid=395382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි