බෙල්ජියමේ දෙවන ඇල්බට් රජ
දෙවන ඇල්බට් රජ | |||||
---|---|---|---|---|---|
![]() | |||||
බෙල්ජියානුවන්ගේ රජ | |||||
රාජ්‍ය සමය | 9 අගෝස්තු 1993 – 21 ජූලි 2013 | ||||
පූර්වප්‍රාප්තිකයා | බූඩුවාන් රජ | ||||
අනුප්‍රාප්තිකයා | පිලිප් රජ | ||||
අගමැතිවරු | |||||
උපත | 6 ජුනි 1934 ලාකෙන්, බ්‍රසල්ස්, බෙල්ජියම | ||||
වල්ලභයා | පාවෝලා රැජිණ (1959–වර්තමානය) | ||||
දරුවන් Detail | පිලිප් රජ අස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේ හී මහා ආදිපාදවරිය ලොහෝන් කුමරු | ||||
| |||||
වංශය | සැක්ස්-කෝබර්ග් සහ ගෝතා රාජ වංශය | ||||
පියා | බෙල්ජියමේ තුන්වන ලියෝපෝල්ඩ් රජ | ||||
මව | ස්වීඩනයේ අස්ට්‍රිඩ් රැජිණ | ||||
ආගම | රෝමානු කතෝලික ආගම | ||||
අත්සන | ![]() |
1993 දී සිදුවූ ඔහුගේ වැඩිමහළු සහෝදරයාගේ මරණයේ සිට 2013 දී ඔහුගේ කිරුළ අත්හැරීම වන තුරු, දෙවන ඇල්බට් රජ (උපත 6 ජූනි 1934) බෙල්ජියානුවන්ගේ රජ වශයෙන් රාජ්‍යය පාලනය කළේය. ඔහු, "බෙල්ජියම්" රාජ වංශයේ සාමාජිකයෙකි; පූර්වයේ මෙම රාජ වංශය හැඳින්වුනේ සැක්ස්-කෝබර්ග්- ගෝතා ලෙසිනි. ඔහු, ලක්සම්බර්ග්හී දැනට රාජ්‍යය කරන මහා ආදිපාද, හෙන්රිගේ මාමා වෙයි.
2013 ජූලි 3 දිනදී, දෙවන ඇල්බර්ට් රජ, බෙල්ජියානු කැබිනට් මණ්ඩලයෙහි දින මැද සැසියට සහභාගි විය. ඔහු එවිට ප්‍රකාශ කළේ, සෞඛ්‍යය හේතුන් නිසා, ජූලි 21 දිනදී කිරුළ අත් හරින බවයි. 2013 ජූලි 21 දිනදී, ඔහු වෙනුවට පත්වූයේ ඔහුගේ පුත්, බෙල්ජියමේ පිලිප් කුමරුවාය. 2013දී කිරුළ අත්හැරිය සතරවන රජු ඔහු වූයේ, දහසය වන බෙනඩික්ට් පාප්වහන්සේ, නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජිණ, සහ කටාර්හී එමීර් හමාඩ් බින් කලීෆා යන්නන්ට පසුවය. [1] මෙසේ කිරීමෙන්, ඔහු, කිරුළ අත්හැරිය දෙවන බෙල්ජියානු රජු වූයේ, 1951දී හාත්පසින්ම වෙනත් පසුබිමක කිරුළ අත්හැරිය, තුන්වන ලියෝපෝල්ඩ් රජුට පසුවය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ මැතිව් ප්‍රයිස්. "බෙල්ජියම්ස් කිං ඇල්බට් ද සෙකන්ඩ් අනවුන්සර්ස් ඇබ්ඩිකේෂන්". Bbc.co.uk.