බුල් ඩ ස්වියිෆ්

විකිපීඩියා වෙතින්
බුල් ඩ ස්වියිෆ් හී මුහුණත් පිටුව.

බුල් ඩ ස්වියිෆ් ( "පිටි ගුලිය", "වෙඞරු ගුලිය", හෝ "ඌරු කෙල් ගුලිය" ලෙසින් විවිධාකාරයෙන් පරිවර්තනය කොට ඇත) යනු 19වන සියවසෙහි අගභාගයෙහි වූ ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං විසින් 1880දී ප්‍රකාශයට පත් කෙරුණු කෙටි කතාවකි. එය නියත වශයෙන්ම ඔහුගේ වඩාත්ම ජනප්‍රිය කෙටි කතාව වන අතර ප්‍රංශ-ප්‍රශියානු යුද්ධය පිළිබඳ ඔහුගේ කෙටි කතා එකතුව වන, "බුල් ඩ ස්වියිෆ් එට් ඕතා කෝන්ට් ඩි ලා ගෙයාරා" ("පිටි ගුලිය සහ යුද්ධය පිළිබඳ අනෙකුත් කතා") හී මාතෘකා කතාවද වෙයි.

කථා වස්තුව[සංස්කරණය]

කථාන්තරය දිග හැරෙනුයේ ප්‍රංශ-ප්‍රශියානු යුද්ධය පැවැති කාලයේදී වන අතර, කතාවෙහි මෑත කාලයේදී ප්‍රශියානු හමුදාව යටතට පත්වූ රුවොන් නගරයේ ප්‍රංශ ජාතික වැසියන් කණ්ඩායමක් වටා ගෙතෙයි. ගමිකයෝ දසදෙනා විවිධවූ හේතූන් නිසා රුවොන් නගරය අතහැර අශ්ව කෝච්චියකින්, ලෙ හාව්ර නගරය වෙත පලා යෑමට තීරණය කර සිටිති. අස් රිය මැදිරිය හවුලේ භාවිතා කරන්නේ, නියම නම එලිසබෙත් රූසේ වන ගණිකාවක්වූ බුල් ඩ ස්වියිෆ් (හරක් තෙල් ගුලිය, මේද ගුලිය ලෙසද පරිවර්තනය කෙරෙයි); දැඩි ඩිමොක්‍රට් පාක්ෂික කෝනුඩට්වරයෙක්; සුළු බූර්ජුවෂී සමාජ පංතියට අයත් වෙළෙඳ සැල්-හිමි යුවලක් වූ , ලුවැසෝ මහතා හා එම මහත්මිය; ධනවත් ඉහළ- බූර්ජුවෂී කම්හල්-හිමියෙකු සහ ඔහුගේ බිරිය වූ, කැරේ-ලැමඩෝන් මහතා හා එම මහත්මිය; බ්‍රිවිල් හී වංශාධිපතියා සහ එම වංශාධිපතිනිය; සහ කන්‍යා සොහොයුරියන් දෙදෙනා යන්නෝ වෙති. මෙලෙසින්, අස්රියෙහි සිටි පරිස සමන්විත වූයේ ප්‍රංශ සමාජය සමස්තයක් ලෙසින් ගත් කල එහි ක්ෂුද්‍රවිශ්වයක් ලෙසිනි.

දරුණු කාලගුණය නිසා, අස් රිය සෙමින් ගමනේ යෙදෙමින් මැදියම් දිනය වන විට සැතපුම් කිහිපයක් පමණක් ඉදිරියට ඇදී තිබුණි. අස්රියේ සිටියවුන් මුලදී බුල් ඩ ස්වියිෆ් වෙත ඇනුම් පද එල්ල කලද ඔවුන්ගේ ආකල්ප වෙනස් වන්නේ ඇය විසින් මනරම් ආහාරයන්ගෙන් පිරි විනෝද චාරිකාවන්හි ගෙන යන මල්ලක් පිටතට ගෙන එහි වූ දෑ බෙදා ගැනුමට බඩගින්නෙහි සිටි ගමිකයන්ට ඇරයුම් කල විටය.

ටෝට් ගම්මානයේදී, ප්‍රදේශයේ අස්රිය තානායමෙහි අබියස නතරවත්ම, අස්රියෙහි සිටියවුන් සවනත ජර්මානු කටහඞ වැකෙත්ම, ඔවුන් තේරුම්ගන්නේ පමා දොසකින් ප්‍රශියානු-බලය යටතේ පවතින පෙදෙසකට ඔවුන් සැපත්ව ඇති බවකි. ප්‍රශියානු නිලධාරියා විසින් කණ්ඩායම දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනෙන අතර එයට හේතු නොදක්වයි. ඊළඟ දින දෙක තුලදී, ගමිකයෝ අධික ලෙසින් නොඉවසිලිමත් වන අතර, අවසානයේදී බුල් ඩ ස්වියිෆ් විසින් ඔවුන් වෙත දන්වා සිටිනුයේ නිලධාරියා සමග සැතපීමට ඇය එකඟ වන තුරු ඔවුන් රඳවා තබා ගනු ලබන බවයි. නිලධාරියා අභිමුඛයට ඇය පුන පුනා කැඳවෙන අතර, ඇය සැමවිටම පෙරලා එන්නේ අතිශයින් කැළඹුනු ආවේගශීලි විලාශයකිනි. මුලදී, ගමිකයෝ ඇය වෙත සහාය පල කළ අතර නිලධාරියාගේ ගර්වය පිළිබඳ කෝපාවිෂ්ට වූ නමුත්, ඔවුන්ගේ කෝපය විගසින් අතුරුදහන් වන්නේ නිලධාරියා සමග බුල් ඩ ස්වියිෆ් යහන්ගත නොවීම නිසා ඔවුන්ට යළි ගමනෙහි යෙදීම‌ට නොහැකි වීම හේතුවෙන් ඇය හා සමග විරසක බවක් වර්ධනය වීම සමගය.

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බුල්_ඩ_ස්වියිෆ්&oldid=540908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි