බී එම් ඩබ්ලිව්

විකිපීඩියා වෙතින්
බයිරෂ මොටෝරන් වෙයර්ක අජී
බී එම් ඩබ්ලිව්
ස්ථාපිතය1916 මාර්තු 7
ප්‍රාරම්භකෆ්‍රාන්ස් ජෝසෆ් පොප්
මූලස්ථානයමියුනික්, ජර්මනිය
සේවා සරියලොව වටා
ප්‍රධාන පුද්ගලයන්නෝබර්ට් රේතොෆර්(ප්‍රධානියා), ජොශිම් මිල්බර්ග්(වැඩබලන කමිටුවේ ප්‍රධානියා), ඒඩ්‍රියන් වැන් හූයිඩොන්ක් (උප ප්‍රධනියා), කරීම් හබීබ් (මෝස්තර් භාර අධ්‍යක්ෂ)
කර්මාන්තයවාහන නිෂ්පාදන
නිෂ්පාදිතයන්මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ බයිසිකල්
නිෂ්පාදන ප්‍රතිදානයමෝටර් රථ 1,481,253 (2010)
මෝටර් බයිසිකල් 112,271 (2010)
ආදායම68.82 බිලියන (2011)[1]
මෙහෙයුම් ආදායම€8.006 බිලියන (2011)[1]
ලාභය€4.881 බිලියන (2011)[1]
මුළු වත්කම්€123.42 බිලියන (2011)[1]
මුළු සමකොටස€27.10 බිලියන (2011)[1]
සේවකයන්102,007 (2011)[2]
කොටඨාශමිනී
බී.එම්.ඩබ්ලිව් මෝටර්ස්පොර්ට් (BMW Motorsport )
උපාංගයන්
List
  • Transportation
    • රෝල්ස් රොයිස් මෝටර් රථ
    • බී.එම්.ඩබ්ලිව් මෝටර්රැඩ්
    • බී.එම්.ඩබ්ලිව් චීනය
      • බී.එම්.ඩබ්ලිව් බ්‍රිලියන්ස්(50%)
    • බී.එම්.ඩබ්ලිව් i
    • බී.එම්.ඩබ්ලිව් M
    • ඇමෙරිකානු බී.එම්.ඩබ්ලිව්
      • ඇමෙරිකානු බී.එම්.ඩබ්ලිව් නිෂ්පාදන ආයතනය
    ක්‍රීඩා
    • බී.එම්.ඩබ්ලිව් F1
    වාහන මෝස්තර
    • ඩිසයින්වර්ක්ස් යූ.එස්.ඒ
    ජාත්‍යන්තර
    • දකුණු අප්‍රිකානු බී.එම්.ඩබ්ලිව් ආයතනය
    • ජපාන බී.එම්.ඩබ්ලිව් ආයතනය
    • ඉන්දියානු බී.එම්.ඩබ්ලිව් ආයතනය
    • කැනේඩියානු බී.එම්.ඩබ්ලිව් ආයතනය
    • ඊජිප්තු බී.එම්.ඩබ්ලිව් ආයතනය
    • කොරියානු බී.එම්.ඩබ්ලිව් ආයතනය
    • ඔස්ට්‍රේලියානු බී.එම්.ඩබ්ලිව් ආයතනය
වෙබ්අඩවියwww.bmwgroup.com


බී එම් ඩබ්ලිව් (BMW) මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය යන්නෙහි අරුත බෙවෙරියානු මෝටර් රථ ශිල්පියෝ යන්නයි. මෙය 1917දී ආරම්භ කල ජර්මානු මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ එන්ජින් නිෂ්පාදන ආයතනයකි. මෙහි මූලස්තානය ජර්මනියේ බෙවෙරියාවේ මුයුනික් නැමැති නගරයේ පිහිටා ඇත. මෙය මිනි කූපර් සහ රෝල්ස් රොයිස් මොටර් රථ නිෂ්පාදන අයතනවල හිමිකාර ආයතනයද වේ. මෙම ආයතනය තමන්ගෙ මොටර් බයිසිකල් බී.එම්.ඩබ්ලිව් මොටොරැඩ් යන නමින් නිපදවන අතර 2010 වර්ෂයේදී මොටර් රථ 1,481,253ක් ද මොටර් බයිසිකල් 112,271ක්ද නිපදවා ඇත. තවද බී.එම්.ඩබ්ලිව් ආයහනය, මර්සිඩීස් බෙන්ස් සහ අවුඩී යන ආයතන සමඟ ජ්ර්මනියේ සුඛෝපභෝගී මොටර් රථ නිෂ්පාදන තුන්කට්ටුව නියොජනය කරන අතර මෙම ආයතන තුන මුළු ලෝකයේම හොඳින්ම අළෙවි වන සුඛෝපභෝගී මොටර් රථ නිෂ්පාදකයෝ වේ. [3][4]

අතීතය[සංස්කරණය]

මියුනික්හි පිහිටා ඇති බී.එම්.ඩබ්ලිව් ආයතනයේ මූලස්ථානය. ගොඩනැගිලි සහ කෞතුකාගාරය පසුපස දකුණුපස දිස්වේ.

බී.එම්.ඩබ්ලිව් ආයතනය 1917දී ආරම්භ කරන ලද්දේ රැප් මෝටොරෙන්වෙර්ක් ( Rapp Motorenwerke ) යන ජර්නමානු ගුවන්යානා නිෂ්පාදන ආයතනය ප්‍රතිසංස්කරණයෙනි. 1918දි දෙවන ලෝක යුද්දයේ අවසානයත් සමඟ වර්සිලිස් අර්මිස්ටිස් ( Versailles Armistice ) [5] ගිවිසුම්ප්‍රකාරව ගුවන්යානා එන්ජින් නිෂපාදනය අත්හිටුවන්නට බී.එම්.ඩබ්ලිව් ආයතනයට සිදුවිය. මුලින්ම මෝටර් බයිසිකල් නිෂ්පදනයට යොමු වූ[6] මොවුන් පසුව මෝටර් රථ නිෂ්පදනයට යොමු විය[7][8][9]


බී.එම්.ඩබ්ලිව් ආයතනයේ ලාංඡනය පැවත එන්නේ රැප් මෝටොරෙන්වෙර්ක් ගුවන්යානා නිපාදන ආයතනයේ ලාංඡනයෙනි. මෙහි එන නිල් සහ සුදු පැහැය බෙවෙරියාවේ ප්‍රාදේශීය කොඩියේ එන වර්ණ වලින් ලද ඒවායි. තවද එමඟින් ගුවන්යානයක අවර පෙත්ත නිල් අහසෙදී කැරකෙන විට මැවෙන සිතුවමක අකාරයක් ගැනීමටද හැඩගස්සවා ඇත.[10]

1959 වන විට බී.එම්.ඩබ්ලිව් ආයතනයේ කොටස් මිල පහත වැටී තිබුනු අතර මේ ගැන සාකච්ඡා පැවැත්වීමට කොටස්කරුවන් හමුවිය. මෙහිදී ආයතනය ඈවර කිරීමට වඩා දිගටම පවත්වාගෙන යාම සුදුසුයැයි තීරණය විය. මෙහි ඊලඟ පියවර වශයෙන් ඉතාලි ජාතික Iso Isetta නම් වූ කුඩ ප්‍රමාණයේ මෝටර් රථයේ නිෂ්පාදන අයිතීන් මිලදීගෙන එයට විකරණය කරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් එන්ජිමක් සවිකල වෙළඳපොලට ඉදිරිපත් කරන ලදි. මෙයින් ලද මධ්‍යස්ථ ලාභ වලින් නැවත සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පිවිසීමට ආයතනයට හැකිවිය. කොටස් කරුවන් අතර බහුතර කොටස් හිමිකාරිත්වය ඇත්තේ ක්වන්ඩ්ට් ( Quandt ) පවුල සතුවයි. ඔවුන් සතුව මුළු කොටස් ප්‍රමාණයෙන් 46%ක් ඇති අතර ඉතිරිය මහජන පාවීමට ඉඩහැර ඇත.

බී.එම්.ඩබ්ලිව් ආයතනය 1966දී ජර්මානු ජාතික හාන්ස් ග්ලාස් ( Hans Glas ) මෝටර් රථ ආයතන තමන් යටතට පවරා ගන්නා ලදි. මෙම පවරාගැනීමේ ප්‍රධාන අරමුණ හාන්ස් සමාගම සතුව තිබූ කැමි ඉද්ද හා සබැඳුනු තාක්ෂණය ලබාගැනීම බව ප්‍රසිද්ධ කරුණකි.[11] ග්ලාස් නිෂ්පාදිත වාහන බී.එම්.ඩබ්ලිව් විසින් මුළුමනින්ම එම ආයතනය පවරාගන්නාතුරු බී.එම්.ඩබ්ලිව් ලාංඡනය දරාගෙන වෙළඳපොලට නිකුත්විය.

1992දී බී.එම්.ඩබ්ලිව් ආයතනය විසින් කැලිෆොනියාවේ ස්තාපිත ඩිස්යින්වර්ක්ස් යූඑස්ඒ ( DesignworksUSA ) නම් කාර්මික මෝස්තර චිත‍්‍රාගාරයෙහි විශාල කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර[12] 1995දී සියළු කොටස් මිලදී ගන්නා ලදි. 1994දී බ්‍රිටිෂ් රොවර් සමූහය පවරාගත් අතර ( එකල්හි එම සමූහයට අයිතිව ලෑන්ඩ් රෝවර්, රෝවර් සහ එම්.ජී යන මෝටර් රථ නාම සහ ඔස්ටින් සහ මොරිස් යන මෝටර් රථ බෙදහැරීමේ අයිතීන්ද පැවතුණි.) එය අවුරුදු 6ක් තමන් සතුව තබාගන්න ලදි. 2000 වන විට රොවර් සමාගම විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්වතිබූ අතර එමනිසා බී.එම්.ඩබ්ලිව් ආයතනය එම සමුහය විකිණීමේ තීරණය ගන්නා ලදි. එම්.ජී සහා රෝව්‍ර් නාම ෆීනික්ස් සමුළුවට පවරදුන් අතර පසුව එය එම්.ජි රෝවර් ලෙස ස්ථාපිත විය. ලෑන්ඩ් රෝවර් නාමය ෆෝර්ඩ් ආයතය විසින් පවරා ගත් අතර බී.එම්.ඩබ්ලිව් ආයතනය මිනී නිෂ්පාදන අයිතීන් තමන් සතුව තබාගත් අතර 2001 දී අලුත් මිනී මාදිලිය එලිදක්වන ලදි.

2009 පෙබරවාරි මාසයේදී ප්‍රධාන මෝස්තර රචක ක්‍රිස් බැන්ගල් (Chris Bangle) අවුරුදු 17ක තමාගේ සේවයෙන් තමන්ගේ නික්මයාම දන්වා සිටියා.[13] ඔහුගේ තනතුරට අළුතින් පත්වූයේ ඒඩ්‍රියන් වෑන් හූය්ඩුක්ය(Adrian van Hooydonk ). බැන්ගල් ඔහුගේ රුඩිකල්වාදී වාහන මෝස්තර වලට නම්දරා සිටි අතර ඒව අතරින් 2002 7-Series සහ 2002 Z4 මාදිලි ප්‍රධාන තෑනක් ගනී. 2007දී හුක්ස්වර්නා මෝටර් බයිසිකල් නිෂ්පාදන අයිතීන් යුරෝ මිලියන 93කට බී.එම්.ඩබ්ලිව් ආයතනය විසින් මිලඳි නගන්න ලදි. එම ආයතනයේ නිෂ්පාදන, ගොඩනැගීම් සහ වෙලඳාම් කටයුතු පෙර පරිදිම පෙර තිබූ ස්ථානවලම පවත්වාගෙනය‍යි.

2012 ජූනි මාසයේදී Forbes.com විසින් කරන ලද සමීක්ෂණයකටණ අනූව බී.එම්.ඩබ්ලිව් ආයතනය ලොකයේ නම්දරා ඇති ආයතන අතරින් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදි. මෙම ශ්‍රේණිගත කිරීමේදී නිෂ්පාදන මිලදී ගැනීමට, නිර්දේශ කිරීමට, එහි රැකියාව කිරීමට සහ එහි ආයෝජනය කිරීමට මහජනයා තුල ඇති කැමැත්ත මූලිකව සළකා බලනලදි.[14]

කොටස්කරුවන්ගේ සැකැස්ම[සංස්කරණය]

හිමිකාරිත්වය අනූව[15]

  • ස්ටෙෆාන් ක්වන්ඩ්ට් : 17.4%
  • ජොආනා ක්වන්ඩ්ට් : 16.7%
  • සුසෑන් ක්ලෑට්ටන් : 12.6%
  • නිදහස් : 53.3%

වර්ගය අනූව

  • උපායමාර්ගික ආයෝජකයින් : 46.7%
  • ආයතනික ආයෝජකයින් :
    • උතුරු ඇමෙරිකාව : 15.8%
    • එක්සත් රාජධානිය සහ අයර්ලන්තය : 11.8%
    • යුරොපය : 5.7%
    • ජර්මනිය : 4.8%
    • ලෝකයේ ඉතුරු කොටස් වලින් : 2.5%
  • ඉතිරි ආයෝජකයින් : 12.7%

නිෂ්පාදනය[සංස්කරණය]

2006දී බී.එම්.ඩබ්ලිව් සමූහය ( මිනි සහ රෝල්ස් රොයිස් ඇතුලුව) රටවල් 5කදී රෝද හතරේ වාහන 1,366,838ක් නිෂ්පාදන කර ඇත. 2010දී රෝද හතරේ වාහන 1,481,253ක් ද මෝටර් බයිසිකල් 112,271ක් ද නිෂ්පාදන කර ඇත.[16] In 2010, it manufactured 1,481,253 four-wheeled vehicles and 112,271 motorcycles (under both the BMW and Husqvarna brands).[1]

බී.එම්.ඩබ්ලිව් X3 (E83) මාදිලිය 2010 වනතුරු කැනඩාවේ මැග්නා සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඔස්ට්‍රියාවේ ස්ථාපිත මැග්නා ස්ටෙයර් සමාගම විසින් බී.එම්.ඩබ්ලිව් බලය ලත් නිෂ්පාදයකයෙකු වශයෙන් නිෂ්පාදන කරන ලදි. 2010 ඔක්තෝබර් මාසයේ පටන් X3 (F25) මාදිලියේ රථය දකුණූ කැලිෆෝනියාවේ පිහිටි බී.එම්.ඩබ්ලිව් කර්මාන්ත ශාලාවේ නිපදවයි. වාර්තගත පරිදි බී.එම්.ඩබ්ලිව් වාහන වලින් 56%ක් පෙට්‍රල් එන්ජින් සහිත වන අතර ඉතිරි 44% ඩීසල් එන්ජින් සහිත ඒවා වෙයි. එම පෙට්‍රල් වාහන අතරින් 27%ක් පමණ සිලින්ඩර හතරේ එන්ජින් වන අතර 9%ක් පමණ සිලින්ඩර අටේ එන්ජින් වේ. [17][15]


වාර්ෂික නිෂ්පාදනය

වර්ෂය බී.එම්.ඩබ්ලිව් මිනී රෝල්ස් රොයිස් මෝටර් බයිසිකල්
2005 1,122,308 200,119 692 92,012
2006 1,179,317 186,674 847 103,759
2007 1,302,774 237,700 1,029 104,396
2008 1,203,482 235,019 1,417 118,452
2009 1,043,829 213,670 918 93,243
2010[1] 1,236,989 241,043 3,221 112,271

ලොව වටා විකුණුම්[සංස්කරණය]

බී.එම්.ඩබ්ලිව් වාර්ථා වලට අනුව ලොව වටා විකුණුම් ප්‍රමාණ.

වර්ෂය බී.එම්.ඩබ්ලිව් මිනී රෝල්ස් රොයිස් මෝටර් බයිසිකල්
2000 822,181
2001 880,677
2002 913,225
2003 928,151
2004 1,023,583
2005 1,126,768 200,428 796 97,474
2006 1,185,088 188,077 805 100,064
2007 1,276,793 222,875 1,010 102,467
2008 1,202,239 232,425 1,212 115,196
2009 1,068,770 216,538 1,002 100,358
2010 1,224,280 234,175 2,711 110,113

මෝටර් බයිසිකල්[සංස්කරණය]

බී.එම්.ඩබ්ලිව් R32, පළමුවන බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය.

බී.එම්.ඩබ්ලිව් පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පළමුව මෝටර් බයිසිකල් එන්ජින්ද පසුව මෝටර් බයිසිකල්ද නිෂ්පාදනය කරන ලදි. [18]එහි මෝටර් බයිසිකල් බී.එම්.ඩබ්ලිව් මෝටෝරැඩ් නමින් වෙලඳාම් වේ. අසාර්ථක හේලියොස් සහ ෆ්ලින්ක් මාදිලි වලින් පසුව ඔවුන්ගේ පලමුවන සාර්ථක මාදිලිය වූයේ 1923දී නිපදවූ "R32" මාදිලියයි. මෙහි ද්විත්ව බොක්සර් එන්ජිමක් තිබූ අතර එහි සිලින්ඩරයක් වායු දහරාවක් එන්ජිම දෙපසට යොමුකරන ලදි. ඔවුන්ගේ තනි සිලින්ඩර මාදිලි හැරුණුකොට, ඔවුන්ගේ සියළු මාදිලි මෙම වෙනස දක්වන සැලැස්ම පාදක කරගෙන නිෂ්පාදනය විය. R Series ලෙස හැදින්වෙන බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් බහුතරයක් මෙම සැකැස්ම භාවිතකරයි.

දෙවනි ලෝක යුද්ධය අතරතුරේදී නිපදවූ R75 රථයට පැතිරථයක් සම්බන්ද කර තිබුණි. එහි Zündapp KS750හි තිබූ පරිදි රථයේ රෝදයටද මෝටරයක් සවිකර තිබුණි. අගුලුදැමිය හැකි ආන්තරයක්ද තිබූ නිසා මෙහි ඕෆ්‍-රෝඩ් (off-road) හැකියාවද තිබුණි. මෙය බොහෝදුරට Jeep රථයට සමාන වේ.

1982දී K Series හඳුන්වාදුන් අතර එහි ජල සිසිලන පද්ධතියක් සහ ඉදිරිපස සිට පසුපසට කෙලින් ඉරක පිහිටවූ සිලිඩර තුනක් හෝ හතරක් ඇත. ටික කලකට පසුව F සහ G series හඳුන්වාදුන් අතර එහි දම්වැල් වලින් දිවෙන අතර එහි තනි සහ සමාන්තර ද්විත්ව රෝටැක්ස් එන්ජිමක් තිබුණී.

බී.එම්.ඩබ්ලිව් R1200RT

1990හි මුල භාගයේදී බී.එම්.ඩබ්ලිව් එයාර්හෙඩ් බොක්සර් එන්ජිම අළුත් කළ අතර එය පසුව ඔයිල්හෙඩ් (oilhead) ලෙස පසුව හඳින්විණ. 2002දී එම ඔයිල්හෙඩ් එන්ජිමෙහි සිලින්ඩරයකට පුලිඟු පේනු දෙක බැඟින් තිබුණි. 2004දී එයට තුල්‍යතා දණ්ඩක් එක්කළ අතර එහි ධාරිතාව 1,170 cc කට වැඩිකරන ලදි. එහි බලයද 100 hp (75 kW) දක්වා R1200GS වෙනුවෙන් වැඩිකල අතර එය R1150GSහි 85 hp (63 kW) බලයට වඩා වැඩිය. R1100S සහ R1200S මාදිලිවල පිළිවලින් 98 hp (73 kW) සහ 122 hp(91 kW) බලයක් ඇති වඩා බලවත් ඔයිල්හෙඩ් එන්ජින් ඇත.

2004දී බී.එම්.ඩබ්ලිව් විසින් නව K1200S ක්‍රීඩා බයිසිකලය හඳුන්වාදෙන ලදි. එහි විලියම් F1 කණ්ඩායමෙන් ලබාගත් වඩා සැහැල්ලු 167 hp (125 kW)ක් නිපදවන එන්ජිමක් අන්තර්ගතවිය. නව හඳුන්වාදීම් අතර ඉලෙක්ට්‍රොනික අනුසාරයෙන් වෙනස් කලහැකි ඉදිරිපස සහ පසුපස අවලම්බන සහ Duolever නමින් හැඳින්වෙන හොසැක් වර්ගයේ ඉදිරිපස කරු තිබුණි.

බී.එම්.ඩබ්ලිව් S1000RR

බී.එම්.ඩබ්ලිව් විසින් අගුළු නොවැටෙන තිරිංග එහි මෝටර් බයිසිකල්වල 1980 දශකයේ පටන් ඇතුලත් කරන ලදි. 2006දී මාදිලිවල එන අගුළු නොවැටෙන තිරිංග පද්ධතිය පසුකාලීනව 2007දී එන ඉලෙන්ට්‍රොනික තුල්‍යතා පද්ධතියට පාදක විය.

බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් අවලම්බන නිර්මාණකරණයේ පෙරගමන්කරු වූ අතර අනික් සියළු නිෂ්පාදකයින්ට වඩා දූරේක්ෂ ඉහිරිපස අවලම්බන තාක්ෂණය හඳුන්වාදුනි. බී.එම්.ඩබ්ලිව් සමාගම 2013 ජනවාරි 31දී තම හුස්ක්වර්නා සමාගම පියෙරර් සමාගම විසින් මිළදීගත් බව නිවේදනය කළහ.

මෝටර් රථ[සංස්කරණය]

නිව් ක්ලාස් ( New Class )[සංස්කරණය]

නිව් ක්ලාස් මාදිලියට අයත් වාහන දොරවල් හතරේ සහ දොර දෙකේ වාහන වූ අතර 1962හි 1500 මාදිලියේ සිට 1977හි 2002 මාදිලිය දක්වා පැතිරුණි. මෙහි එන්ජිම වශයෙන් ලෝප්‍රකට බී.එම්.ඩබ්ලිව් M10 සිලිඩර 4 එන්ජිම භාවිත වූ අතර මේවාහි සම්පුර්ණ නිදහස් අවලම්බන, ඉදිරිපස මැක්පර්ස්න් ස්ට්‍රට්ස් සහ ඉදිරිපස තැටි රෝධක භාවිතා විය. මුල් අවදියේ දොරවල් හතරේ සෙඩාන් සහ දොර දෙකේ කූපේ මාදිලි පමණක් නිෂ්පාදන වූ අතර පසුකාලීනව 02 ශ්‍රේණියේ 1600 සහ 1966දී 2002 මාදිලි වල දොර දෙකේ ක්‍රීඩා සෙඩාන් වර්ගයේ මාදිලි ද එලිදැක්වුණි.

මෙම මාදිලි වල තිබූ ක්‍රීඩාකාරි ස්වාභවය නිසා ලොවවටා ක්‍රීඩාලෝලී වාහන ඇළුම්කරුවන්ගේ අවධාන දිනාගත් අතර බී.එම්.ඩබ්ලිව් නාමය ලෝප්‍රකට නාමයක් ලෙස ප්‍රචලිත වීමට ඉවහල් විය. 3 Series මාදිලියේ පූර්වගය නිසා බී.එම්.ඩබ්ලිව් වාහන ඉ හල පෙලේ වාහන නිෂ්පාදන ආයතනයක් ලෙසට නම්දරා ගන්නා ලදි. 0න් අවසන් වන මාදිලි අංක සහිත දොර 4 වාහන සැකස්ම පසුව 1972දී 5 Series මඟින් ප්‍රතිස්ථාපනය විය. උසස් පෙළේ 2000C සහ 2000CS මාදිලි පසුව 1969දී හඳුන්වාදුන් සිලිඩර 6 එන්ජිම සහිත බී.එම්.ඩබ්ලිව් E9 මඟින් ප්‍රතිස්ථාපනය විය. 1600 මාදිලියේ දොර දෙකේ මාදිලිය 1975න් පසුව අතහැර දැමූ අතර, 2002 මාදිලිය 1975දී 320i මඟින් ප්‍රතිස්ථාපනය විය.

වර්ථමාන මාදිලි[සංස්කරණය]

නව බී.එම්.ඩබ්ලිව් 3-Series (F30) මාදිලිය

2004දී එලිදැක්වූ 1 Series මාදිලිය බී.එම්.ඩබ්ලිව් නිෂ්පාදන කරන ප්‍රමාණයෙන් කුඩාම මෝටර් රථය වේ. වර්ථමානයේ පළමු පරම්පරාවේ කූපේ/කන්වර්ටිබල් (E82/E88) මාදිලි සහ දෙවනි පරම්පරාවේ හැච්බැක් (F20) මාදිලියේ වාහන නිෂ්පාදනය කරයි. 1975 සිට නිෂ්පාදනය කරන සුසංහත විධායක තත්වයේ වාහනයක් වන 3 Series මාදිලිය වර්තමානයේ 6වෙනි පරම්පරාව (F30) පසු කරන අතර එහි ක්‍රීඩා සෙඩාන් මාදිලිය (F30) සහ 4වෙනි පරම්පරාවේ වැගන් (E91), කන්වර්ටිබල් (E93) මාදිලි සහ 3වෙනි පරම්පරාවේ කූපේ (E92) මදිලි වර්තමානයේ නිෂ්පාදනය වේ. 5 Series මාදිලියේ වාහන මධ්‍යම ප්‍රමාණයේ විධායක තත්වයේ වාහනයක් වන අතර එහි දැනට සෙඩාන් (F10) සහ වැගන් (F11) මාදිලියේ වාහන නිෂ්පාදිතයි. 5 Series ග්‍රෑන් ටූරිස්මෝ (F07) මාදිලිය 2010දී හඳුන්වාදුන් අතර එමඟින් වැගන් රථ සහ ක්‍රොසෝවර් SUV යන මාදිලි අතර ඛණ්ඩයක් ඇතිකරන ලදි.[19]

බී.එම්.ඩබ්ලිව් 7-Series (F01)

7 Series යනු බී.එම්.ඩබ්ලිව් හි ධ්වජධාරී විධායක සෙඩාන් මාදිලියේ වාහනයයී. සාමන්‍යයෙන් බී.එම්.ඩබ්ලිව් තමන්ගේ නව තාක්ෂණ හඳුන්වා දෙන්නේ 7 Series මාදිලියේ වාහන සමඟයි. මතභේදයට තුඩුදුන් iDrive පද්ධතිය ද මෙලෙස හඳුන්වා දුන්නකි. 7 Series Hydrogen මාදිලියේ ලොව ප්‍රථම වතාවට හයිඩ්‍රජන් දහන වන අන්තර් දහන එන්ජිමක් එළිදැක්වූ අතර එහි දහන අතුරුඵල ලෙස පිටවන්නේ පිරිසිදු ජලවාෂ්ප පමණි. නවතම පරම්පරාවේ මාදිලිය (F01) එලිදැක්වූයේ 2009දීය. 5 Series මාදිලිය පාදක කරගෙන නිෂ්පාදනය වන 6 Series මාදිලිය බී.එම්.ඩබ්ලිව් හි සුඛෝපභෝගී ක්‍රීඩාත්මක ටූරින්ග් කුපේ/කන්වර්ටිබල් (E63/E64) වාහන පෙළ වේ. 2002 සිට Z3 මාදිලියට පසු හඳුන්වාදුන් Z4 (E85) මාදිලිය රෝඩ්ස්ටර් සහ කූපේ මාදිලියක් ලෙස නිෂ්පාදනය වේ.

බී.එම්.ඩබ්ලිව් X3 SUV (F25) රථය

ක්‍රොස්ඕවර් SUV රථයක් වන X3 (E83) මාදිලිය 2003දී හඳුන්වාදුන් අතර එය E46/16 3 Series මාදිලොය පාදක කරගෙන තනන ලද්දකි. යුරෝපයේ ඕෆ්රෝඩ් (off-road) රථයක් ලෙස වෙළඳාම් වන මෙයට බී.එම්.ඩබ්ලිව් හි xDrive සියළු රෝද ධාවන පද්ධතිය ඇතුළත් වෙනවා. බී.එම්.ඩබ්ලිව් හි පළමු ක්‍රොස්ඕවර් SUV රථය වන X5 (E70) 5 series පාදකකරගත් මාදිලියක් වන අතර 2000හි පටන් මධ්‍යම ප්‍රමාණයේ සුඛෝපභෝගී ක්‍රොස්ඕවර් රථයක් ලෙස නිෂ්පාදනය වේ. 2007 දෙසැම්බර් මාසයේදී හඳුන්වාදුන් X6 රථය ක්‍රීඩා ක්‍රියාකාරකම් කූපේ මාදිලියක් ලෙස හඳුන්වා දී ඇත. X1 මාදිලිය බී.එම්.ඩබ්ලිව් හි ක්‍රීඩා ක්‍රියාකාරකම් පෙලගැස්ම තවත් දීර්ඝ කරන ලදී.

  • බී.එම්.ඩබ්ලිව් 1 Series (F20)|1 Series (F20) (2011–වර්තමාන) හැච්බැක්
  • බී.එම්.ඩබ්ලිව් 1 Series (E81)|1 Series (E81) (2004–වර්තමාන) කූපේ සහ ක්න්වර්ටිබල්
  • බී.එම්.ඩබ්ලිව් 3 Series (F30)|3 Series (F30) (2012–වර්තමාන) සෙඩාන් සහ වැගන්
  • බී.එම්.ඩබ්ලිව් 3 Series (E90)|3 Series (E92) (2007–වර්තමාන) කූපේ සහ ක්න්වර්ටිබල්
  • බී.එම්.ඩබ්ලිව් 5 Series (F10)|5 Series (F10) (2010–වර්තමාන) සෙඩාන් සහ වැගන්
  • බී.එම්.ඩබ්ලිව් 5 Series ග්‍රෑන් ටූරිස්මෝ|5 Series ග්‍රෑන් ටූරිස්මෝ (2009–වර්තමාන) ප්‍රගාමී ක්‍රියාකාරකම් සෙඩාන්
  • බී.එම්.ඩබ්ලිව් F12/F13|6 Series (F12) (2010–වර්තමාන) කූපේ සහ ක්න්වර්ටිබල්, ග්‍රෑන් කූපේ
  • බී.එම්.ඩබ්ලිව් 7 Series (F01)|7 Series (F01) (2008–වර්තමාන) සෙඩාන්
  • බී.එම්.ඩබ්ලිව් X1|X1 (2009–වර්තමාන) සුසංහත ක්‍රොස්ඕවර් SUV/ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන (SAV)
  • බී.එම්.ඩබ්ලිව් X3 (F25)|X3 (F25) (2010–වර්තමාන) සුසංහත ක්‍රොස්ඕවර් SUV/ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන (SAV)
  • බී.එම්.ඩබ්ලිව් X5 (E70)|X5 (E70) (2006–වර්තමාන) සුසංහත ක්‍රොස්ඕවර් SUV/ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන (SAV)
  • බී.එම්.ඩබ්ලිව් X6|X6 (2008–වර්තමාන) ක්‍රීඩා ක්‍රියාකාරකම් කූපේ
  • බී.එම්.ඩබ්ලිව් Z4 (E89)|Z4 (E89) (2009–වර්තමාන) ක්‍රීඩා රෝඩ්ස්ටර්

M මාදිලි[සංස්කරණය]

බී.එම්.ඩබ්ලිව් M6 (F13)

ඉහළ ක්‍රියාකාරිත්වයෙන් යුත් ව්‍යුත්පන්න රාෂියක් බී.එම්.ඩබ්ලිව් ආයතනට අනුබද්ධ බී.එම්.ඩබ්ලිව් M කොට්ඨාශය විසින් නිපදවනු ලබයි.

වර්ථමාන M මාදිලි වනුයේ :

  • 1 Series M කූපේ – E82 කූපේ (2011)
  • M3 – E90 සෙඩාන්, E92 කූපේ, E93 කැබ්‍රියොලේ (2007-වර්තමාන)
  • M5 – F10 සැලූන් (2011-වර්තමාන)
  • M6 - F12/13 (2012-වර්තමාන)
  • X5 M – E70 SAV (2010-වර්තමාන)
  • X6 M – E71 SAV (2010-වර්තමාන)

නාමකරණය[සංස්කරණය]

බී.එම්.ඩබ්ලිව් විසින් තම මාදිලි නාමකරණයේදී එකතරා පිළිවෙතක් අනුගමනය කරයි. සාමාන්‍යයෙන් ඉලක්කම් 3ක් සහ ඊට පසු අකුරු 1ක් හෝ 2ක් ඇත. පලමුවන ඉලක්කමින් එය කුමන ශ්‍රේණියට (Series) අයත්දැයි පැවසෙන අතර ඊලඟ ඉලක්කම් දෙකෙන් එහි එන එන්ජිමේ තරම කියවේ. මෙහිදී එන්ජිමේ විස්ථාපනය ඝන සෙන්ටිමීට්‍ර් වලින් නීර්ණය කොට එය 100න් බෙදා අවශ්‍ය ඉලක්කම ලබා ගනී.[20] කෙසේවුවත් ලඟදී අවුරුදුවල එය ක්‍රියාකාරිත්වය නිරූපණය කිරීමට යොදාගෙන ඇත. උදාහරණයක් වශයෙන් 116i, 118i සහ 120i ( සියල්ලම ලීටර් 2 පෙට්‍රල් එන්ජින් )සේම 325d සහ 330dද (සියල්ලම ලීටර් 3 ඩීසල් එන්ජින්)වෙනස් අංක තිබුනත් එම මාදිලි වල තිබූනේ එකම අච්චුවයි. එන්ජිමේ ජවය වෙනස්කර තිබුනේ ටර්බෝචාජර් සහ එහි සැකසුම වෙනස් කිරීමෙනුයි. මීට සමාන නාමකරණ පිලිවෙතක් බී.එම්.ඩබ්ලිව් මෝටොරැඩ් මෝටර් බයිසිකල් නාමකරණයේදීද යොදාගැනේ.

මෙහි එන අකුරු තනිවම හෝ යුගල වශයෙන් හෝ සංයෝජනයකර හෝ භාවිතා කළ හැක.

  • A = ස්වයංක්‍රිය සම්ප්‍රේෂණ
  • C =කූපේ, අවසාන වශයෙන් E46 සහ E63 මාදිලිවල භාවිත විය (2005න් පසු අත්හරින ලදි)
  • c = කැබ්‍රියොලේ
  • d = ඩිසල් එන්ජිම ( "td" යන්නෙන් ටර්බෝ ඩීස්ල් එන්ජිම නිරූපණය වේ.)
  • e = M20 එන්ජිමකින් යුක්තයි
  • g = සම්පීඩිත භූමි වායුව
  • h = හයිඩ්‍රජන්
  • i = ඉන්ධන විදුම්
  • L = රෝද අතර දිග සාමාන්‍ය මාදිලියට වඩ වැඩි
  • s = ක්‍රීඩා ( සාමාන්‍යයෙන් ක්‍රීඩාත්මක ආසන, ස්පොයිලර්, වායුගති විද්‍යාත්මක හැඩය, තත්වයෙන් උසස් රෝද සහ සීමිත ලිස්සුම් ආන්තරය අන්තර්ගතයි )
  • sDrive = පසු රෝද ධාවන
  • T = වැගන් / ටූරින්ග්
  • Ti = හැච්බැක්
  • x / xDrive = සියළු රෝද ධාවන

උදාහරණයක් වශයෙන් බී.එම්.ඩබ්ලිව් 750iL මඟින් ඉන්ධන විදුම් තාක්ෂණයෙන් යුත් 7 Series රථයක් වන අතර එහි වැඩි දිග මදිලිය වන අතර එහි ලීටර 5.4ක එන්ජිමක් ඇත. මෙම ලාංඡනය පරම්පරා ගණනාවකදීම භාවිතා වූ අතර E65 සහ F01 පරම්පරාවේදී "iL" වෙනුවට "Li" ලෙස භාවිත විය.

'L' අකුර ඉලක්කම් වලට කළින් යෙදවෙන අවස්ථා වලදී එමඟින් විශේෂ සුඛෝපභෝගී ප්‍රභේදයක් දැක්වෙන අතර එහි විශේෂ හම් ආවරණ සහ උපාංග ඇතුළත්ය. L7 මාදිලිය E23 සහ E38 පාදක කරගත් අතර L6 මාදිලිය E24 පාදක කරන නිෂ්පාදනය කර ඇත.

මහප්‍රාණ 'X' අකුර ඉලක්කම් වලට කළින් යෙදවෙන අවස්ථා වලදී (උ.දා. X3, X5 ) එමඟින් බී.එම්.ඩබ්ලිව් xDrive පද්ධතිය ඇතුළත් ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන පෙළ නියෝජනය කරයි. දෙවනි ඉලක්කමින් එය පාදක කරගත් වාහන මාදිලිය නිරූපණය කරයි. උදාහරණයක් වශයෙන් X5 රථය 5 Series රථය පාදක කරගනී.

'Z' මඟින් දොර දෙකේ රෝඩ්ස්ටර් රථය නිරූපණය වේ( උ.දා. Z1, Z3, Z4 ). මේවාහි 'M' මාදිලි 'M' අකුර රටට අනුව ඉදිරියෙන් හෝ පිටුපසින් එක්වේ.('Z4 M' රථය කැනඩාවේදී 'M Roadster' ලෙස හැඳින්වේ).

කළින් X & Z වාහනවල එන්ජින් ධාරිතාවට ( ලීටර් වලින්) පසුව 'i' හෝ 'si' ලාංඡන තිබුණි. බී.එම්.ඩබ්ලිව් ආයතනය මේ දිනවලදී 'sDrive' හෝ 'xDrive'( පසු රෝද ධාවන හෝ සියළු රෝද ධාවන ) සහ එන්ජින් ධාරිතාව ආසන්න වශයෙන් නිරූපණය වන ඉලක්කම් දෙකකින් යුතු මෙම නාමකරණය ප්‍රමිතිකරණය කරමින් පවතී. ( උ.දා. Z4 sDrive35i යනු පසුරෝද ධාවන, 3.0 L ද්විත්ව ටර්බෝ ඉන්ධන විදුම් එන්ජිමක් සහිත Z4 රෝඩ්ස්ටර් රථයකි ).[21]


බී.එම්.ඩබ්ලිව් විසින් 's' අවසාන වශයෙන් භාවිත කළේ 1999දී නිෂ්පාද්හනය නැවැත්වූ E36 328is රථයේය. කෙසේවෙතත් මෙම නාමකරණය නැවතත් 2011 මාදිලි වර්ෂයේ 335is සහ Z4 sDrive35is රථවල දක්නට ලැබේ. 335is යනු ක්‍රීඩත්මක ආකාරයෙන් සකසන ලද රථයක් වන අතර එහි විකලයක් වශයෙන් ද්විතව ක්ලච් සම්ප්‍රේෂණ තාක්ෂණය ඇති අතර එය සාමන්‍ය 335i රථය සහ උසස්ම M3 රථය අතරට වැටේ.[22][23]

'M' අකුරින් එම ශ්‍රේණියට අදාල උසස්ම ක්‍රියාකාරිත්වයෙන් යුත් වාහනය දැක්වේ. උදාහරණයක් වශයෙන් M6 යනු 6 Series වාහන පෙලේ උසස්ම වාහනයයි. M රථ පෙල වෙනමම ශ්‍රේණියට අදාලව කොටස් කල යුතු වුවත් බොහෝවිට දක්නට ලැබෙන්නේ M රථ එකට තබා තිබීමයි. බී.එම්.ඩබ්ලිව් වෙබ් පිටුවේද එය එසේ දැක්වේ.

ව්‍යතිරේක[සංස්කරණය]

නාමකරණයේ ව්‍යතිරේක දක්නට ලැබේ.[24]

බී.එම්.ඩබ්ලිව් 1 Series හි M රථයට සුපුරුදු පරිදි M1 ලෙස නම් නොතබා 1 Series M Coupe ලෙස නම් තැබුවා. ඒ බී.එම්.ඩබ්ලිව් විසින් නිපදවන ලද M1 රේසින් රථය පැටලවිය හැකි නිසාය.

ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන පෙලේ M රථ පෙල ( X5 M ) සුපුරුදු පරිදි MX5 ලෙස නම් කරන්නට නොහැකිවිය. ඒ MX5 නාමය මැස්ඩා ආයතය විසින් MX-5 Miata රථය නම්කිරීමට යොදාගෙන තිබූ නිසාය.

තවද 2008දී 125i/128i, 328i, සහ 528i රථවල තිබුනේ ලීටර 2.5ක හෝ 2.8ක එන්ජිමක් නොවන අතර එහි ඇත්තේ ස්වාභාවික චූෂිත ලීටර් 3ක එන්ජිමකි (N52). '28' යොදාගෙන තිබුනේ ලීටර් 3ක එන්ජිම ඩීටියුන් කර ඇති බව දැක්වීමටයි. එහි බලය 2006 මාදිලි වර්ෂයේ N52 එන්ජිම ඇති '30' තිබූ රථ (330i and 530i) වලට සාපෙක්ෂව අඩු බලයක් නිපදවයි.

2008දී 335i සහ 535i වාහනවලද තිබුනේ ලීටර් 3 එන්ජිමකි, නමුත් එම එන්ජිම ද්විත්ව ටර්බෝචාජර් යොදා තිබූ නිසා එය නාමකරණයේ එය හඳුනා තිබුනේ නැත. 35න් කලින් 30 මාදිලි වල තිබූ ස්වාභාවික චූෂිත N52ට වඩා බලයෙන් වැඩි බව නිරූපණය වේ. 2011 740i සහ 335is මාදිලිවල ද තිබුනේද ද්විතව-ටර්බෝ 3.0 ලීටර එන්ජිමයි, නමුත් එය වැඩි බලයක් පිටකිරීමට ටියුන් කර ඇත. [25]

ලඟදී නිපදවූ V8 එන්ජින් වල නාමකරණයේදීද එහි එන්ජින් ධාරිතාව නිරූපණය නොවිය. 2006 750iහි 4800 cc (ස්වාභාවික චූෂිත) සහ 2009 750iහි 4400 cc (ද්විතව-ටර්බෝ) එන්ජින් අන්තර්ගතයි.



ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 "Annual Report 2010" (PDF). BMW Group. සම්ප්‍රවේශය 16 March 2011.[භින්න වූ සබැඳිය]
  2. BMW Group, http://www.bmwgroup.com/e/nav/index.html?../0_0_www_bmwgroup_com/home/home.html&source=overview, ප්‍රතිෂ්ඨාපනය 2013-03-17 
  3. "Rich in China? Buy an SUV, pay cash". 2013-04-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-25.
  4. "BMW best-selling luxury auto brand".
  5. "Fliegerschule St.Gallen – history" (German බසින්). 28 May 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 August 2008.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  6. Darwin Holmstrom, Brian J. Nelson (2002). BMW Motorcycles. MotorBooks/MBI Publishing Company. ISBN 0-7603-1098-X. සම්ප්‍රවේශය 24 August 2008.[permanent dead link]
  7. Johnson, Richard Alan (2005). Six men who built the modern auto industry. MotorBooks/MBI Publishing Company. ISBN 0-7603-1958-8, 9780760319581. {{cite book}}: Check |isbn= value: invalid character (help)
  8. Disseminative Capabilities: A Case Study of Collaborative Product Development in the Automotive. Gabler Verlag. 2008. ISBN 3-8349-1254-9, 9783834912541. {{cite book}}: |first= missing |last= (help); Check |isbn= value: invalid character (help)
  9. Kiley, David (2004). Driven: inside BMW, the most admired car company in the world. John Wiley and Sons. ISBN 0-471-26920-4, 9780471269205. {{cite book}}: Check |isbn= value: invalid character (help)
  10. BMW. "The origin of the BMW logo". සම්ප්‍රවේශය 29 December 2011.
  11. Toronto Star 3 July 2004
  12. Albrecht Rothacher (2004). Corporate Cultures And Global Brands. World Scientific. p. 239. ISBN 981-238-856-7.
  13. "Chris Bangle". සම්ප්‍රවේශය 24 May 2012.
  14. Smith, Jacquelyn. "The World's Most Reputable Companies". Forbes.com. සම්ප්‍රවේශය 7 June 2012.
  15. 15.0 15.1 "BMW Group". BMW Group. 30 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 June 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  16. "World Motor Vehicle Production, OICA correspondents survey 2006" (PDF). සම්ප්‍රවේශය 28 August 2010.
  17. Hilton Holloway (11 February 2011). "The future of BMW's engines". Autocar.
  18. Peter Gantriis, Henry Von Wartenberg. "The Art of BMW: 85 Years of Motorcycling Excellence". MotorBooks International, Sep. 2008, p. 10.
  19. "BMW 5-Series Gran Turismo". reported by newBMWseries.com. සම්ප්‍රවේශය 22 October 2009.
  20. W.P. BMW Group Canada Inc. http://www.bmw.ca
  21. FAQ from the BMW Z4 Press Conference, as reported by BMWBLOG, 8 May 2009. http://www.bmwblog.com/2009/05/08/faq-from-the-recent-bmw-press-conference[permanent dead link]
  22. "Preview: 2011 BMW 335is Coupe – Posted Driving". Network.nationalpost.com. සම්ප්‍රවේශය 28 August 2010.[භින්න වූ සබැඳිය]
  23. Cunningham, Wayne (13 July 2010). "2011 BMW 335is (photos) – CNET Reviews". Reviews.cnet.com. 27 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 August 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  24. Carver, Robert. BMW San Antonio. BMW Information http://www.mrbimmer.com/bmw.information
  25. First Drive: 2013 BMW 640i Gran Coupe - Automobile Magazine
"https://si.wikipedia.org/w/index.php?title=බී_එම්_ඩබ්ලිව්&oldid=592718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි