කරිෂ්මා ටන්නා

විකිපීඩියා වෙතින්
කරිෂ්මා ටන්නා
උපත21 දෙසැම්බර් 1983 (1983-12-21) (වයස 40)[1]
මුම්බායි, මහාරාෂ්ට, ඉන්දියාව
නිවහනමුම්බායි
රැකියාවනිළියක,මෝස්තර නිරූපිකාවක්,සත්කාරක සේවිකාවක
සක්‍රීය වසර2000–වර්තමානය තෙක්
සහකරුවා(වන්)උපෙන් පටෙල් (2015–2016)[2]

කරිෂ්මා ටන්නා (උපත 1983 දෙසැම්බර් 21)[1][3][4]යනු ඉන්දීය ජාතික සිනමා නිළියක, මෝස්තර නිරූපිකාවක හා සත්කාරක සේවිකාවක වේ. ඇය ප්‍රධාන ලෙසම හින්දි චිත්‍රපටි සහ ඉන්දීය ප්‍රදර්ශණ වැඩසටහන්හී දැකගත හැකිවේ.

ඇගේ රංගනයෙන් දායකවූ බොලිවුඩ් චිත්‍රපටයක් වන "ග්‍රැන්ඩ් මස්ති" චිත්‍රපටයෙන් අනතුරුව, ඇයගේ අනෙක් චිත්‍රපටය වන්නේ "ටීනා සහ ලොලො" යන චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සදහා කරිෂ්මා ටන්නා සහ සනී ලියොන් දෙදෙනාම ප්‍රධාන රංගනයෙන් දායක වේ.[5] මීට අමතරව ඇය බිග් බොස් 8 යන රියැලිටි වැඩසටහනටද සහභාගී විය.

පුද්ගලික දිවිය[සංස්කරණය]

කරිෂ්මා උපත ලබා හැදී වැඩෙන්නේ ගුජරාටි පවුලකයි.[3] ඇය සිය මව සමඟ ජීවත්වන අතර ඇගේ පියා 2012 ඔක්තෝබර් මාසයේ දී මිය යන ලදී.[6] 2015 වසරේදී ඇය ඉන්දීය නළුවකු වූ උපෙන් පටෙල් සමඟ විවාහ විය.[2] කෙසේ නමුදු 2016 වසරේදී ඔවුන් දෙදෙනා වෙන්විය.[7]

වෘත්තීය[සංස්කරණය]

රූපවාහිනී (2000–වර්තමානය තෙක්)[සංස්කරණය]

කරිෂ්මා 2000 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා දිගහැරුණු බලාජි ටෙලිෆිල්ම්ස්ට අයත් ඉන්දියානු සෝප් ඔපෙරාවක් වූ කියුන්කි සාස් බාහි කබි බාහු තයි මාලානාටකයට රංගනයෙන් දායක විය.[8] ඇය එහිදී ඉන්දු යන චරිතයට පණ පොවන ලදී.[9][10] මීට අමතරව බලාජි ටෙලිෆිල්ම් නාට්‍ය නිෂ්පාදනයක් වූ කාහි ටු මෙලින්ගි (වර්ෂ 2002 නොවැම්බර් සිට 2003 දක්වා) ටෙලිනාට්‍යයටද අැය දායක විය.[11]

වර්ෂ 2003 දෙසැම්බර් සිට 2005 පෙබරවාරි දක්වා විකාශනය කල රූපවාහිනී කතාමාලාවක් වූ කොයි දිල් මේන් හයිහි කෘටිකා චරිතයට කර්ෂ්මා රංගනය එක්කරන ලදී.[12] එසේම 2005 නොවැම්බර් සිට 2007 සැප්තැම්බර් දක්වා විකාශනය වූ එක් ලඩ්කී අන්ජානී සී හී දුෂ්ඨ චරිතයක් වූ අයේශා යන චරිතයට කර්ෂ්මා පණ පොවන ලදී.[13]

කරිෂ්මා ටන්නා යූටීවී ස්ටාර්හිදී

බී.ආර් ෆිල්ම්ස් හි රූපවාහිනී නාට්‍ය මාලාවක් වූ විරාසට් (2006 ජූනි - 2007 ජූලි ) සඳහා ගිවිසුමකටද ටන්නා එළඹෙන ලදී.[14]

සිනමාව (2005–වර්තමානය තෙක්)[සංස්කරණය]

ටන්නාගේ මංගල චිත්‍රපටය වූවේ 2005 දෙසැම්බරයේ තිරගත වූ දොස්ති:ෆ්‍රෙන්ඩ්ස් ෆොරෙව යන චිත්‍රපටයයි. ඇයගේ දෙවන චිත්‍රපටය කන්නඩා භාෂා චිත්‍රපටයක් වූ අයිම් සොරි මතේ බන්නි ප්‍රීත්සෝනා වූ අතර එය 2011 ජූනි මාසයෙදී නිකුත් විය. ඇය එහි ප්‍රධාන චරිතයට චේතනා නමින් පණ පොවන ලදී.[15]

2004 වර්ෂයේ අප්‍රේල් නිකුත් කරන ලද චිත්‍රපයක් වූ මස්ති චිත්‍රපටයේම පසු නිමැවුමක් ලෙස 2013 වර්ෂයේ සැප්තැම්බර් මස ග්‍රෑන්ඩ් මස්ති චිත්‍රපටය නිකුත්වූ අතර එය කාමුක විනෝදාත්මක චිත්‍රපටයක් විය.[16]

ටන්නා රූපවාහිනී දැන්වීම් ගනනාවකට පෙනීසිට ඇත. ඒවා අතර ස්ටේෆ්‍රී, ලයිෆ්බෝයි සහ නිර්මා ප්‍රධාන වේ.[17]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Sarkar, Prarthna (21 December 2014). "'Bigg Boss 8': Karishma Tanna Turns 31, Rare and No Make-up Photos of Contestant". International Business Times. සම්ප්‍රවේශය 28 April 2016.
  2. 2.0 2.1 Anjuri Nayar Singh (3 December 2015). "Of course marriage is on the cards: Upen and Karishma". Hindustan Times. සම්ප්‍රවේශය 28 April 2016.
  3. 3.0 3.1 "TV's leggy lass Karishma Tanna turns a year older". The Times of India. සම්ප්‍රවේශය 28 April 2016.
  4. Anam, Aysha (21 December 2015). "TV Hottie Karishma Tanna Turns 32; 7 Super HOT Pics Of Birthday Girl!". News World India. සම්ප්‍රවේශය 28 April 2016.
  5. "Karishma Tanna, Sunny Leone's film to release in 2016". The Indian Express. IANS. 29 December 2015. සම්ප්‍රවේශය 28 April 2016.
  6. Mishra, Rashmi (17 December 2014). "Bigg Boss 8: Karishma Tanna finds support from Twitterati after Puneet Issar's daughter make outrageous comment!". India.com. සම්ප්‍රවේශය 2016-08-13.
  7. Sharma, Isha (31 July 2016). "Sometimes Two Wonderful People Are Not Meant To Be Together, Says Karishma Tanna". indiatimes.com. සම්ප්‍රවේශය 2016-08-01.
  8. "Bigg Boss 8: Karishma Tanna Says She Wants Overcome Fear of Vulnerability". NDTV. Press Trust Of India. 23 September 2014. සම්ප්‍රවේශය 9 October 2014.
  9. "#BiggBoss8: Karishma Tanna says she's not a jobless actor". DNA. DNA Webdesk. 22 September 2014. සම්ප්‍රවේශය 9 October 2014.
  10. Pandey, Geeta (2 May 2014). "Indian soap operas: Family affairs". BBC. සම්ප්‍රවේශය 9 October 2014.
  11. "Sahara launches Balaji soap 'Kahin To Milenge'". Indiantelevision.com. © 2001- 2005 Indian Television Dot Com Pvt Ltd. සම්ප්‍රවේශය 9 October 2014.
  12. "Sony to debut Balaji's next 'Kkoi Dil Mein Hai'". indiantelevision.org.in. MUMBAI: Indian Television Dot Com Pvt Ltd. 29 November 2003. සම්ප්‍රවේශය 4 October 2014.
  13. Khan, Shameem (2 October 2006). "Breaking free from a cute image". DNA. සම්ප්‍රවේශය 9 October 2014.
  14. "SRK on TV". The Hindu. 17 January 2007. සම්ප්‍රවේශය 9 October 2014.
  15. "Kannada Review: Refreshing movie 'I'm Sorry...'". in.com. IANS on IBN live on in.com. සම්ප්‍රවේශය 9 October 2014.
  16. Mehta, Ankita (6 October 2013). "Box Office Collection: 'Grand Masti' Becomes First Adult Comedy Film to Surpass ₹100 Crore Mark in India". Ibtimes.co.in. International Business Times. සම්ප්‍රවේශය 9 October 2014.
  17. "Bigg Boss 8: See how Karishma Tanna will take the style file up by a notch in the Bigg Boss House". DB Corp ltd. 21 September 2014. සම්ප්‍රවේශය 25 October 2014.
"https://si.wikipedia.org/w/index.php?title=කරිෂ්මා_ටන්නා&oldid=486037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි