බ්‍රයන් ඕල්ඩ්‍රිජ්

විකිපීඩියා වෙතින්
බ්‍රයන් ඕල්ඩ්රිජ්
2012 දී ඕල්ඩ්‍රිජ්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමබ්‍රයන් ලෙස්ලි ඕල්ඩ්රිජ්
උපත30 ජුනි 1940(1940-06-30)
ක්‍රයිස්ට්චර්ච්, නවසීලන්තය
මරණය9 December 2021(2021-12-09) (වයස 81)
ක්‍රයිස්ට්චර්ච්, නවසීලන්තය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග26 (1986–1995)
විනිශ්චය කල එදිජා45 (1986–1995)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2014 ඔක්තෝබර් 17

බ්‍රයන් ලෙස්ලි ඕල්ඩ්රිජ් QSM (1940 ජූනි 30 - 2021 දෙසැම්බර් 9) යනු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි.[1]

1992 වසරේ එංගලන්තය සහ පකිස්ථානය අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟයේ විනිසුරුවරයෙකු ලෙස ඕල්ඩ්‍රිජ් කටයුතු කළා.[2] ඔහු මිය යන විටත් ලෝක කුසලාන අවසන් මහා තරගයක විනිසුරුවරයා ලෙස කටයුතු කළ එකම නවසීලන්ත ජාතිකයා ඔහු විය.[3] ඔහු 1986 සහ 1995 අතර ටෙස්ට් තරඟ 26කට සහ එදිජා තරඟ 45කට සහභාගී විය.[4] නවසීලන්තයේ ටෙස්ට් තරග 20ක් මෙන්ම, ඔහු ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග තුනක්ද, පකිස්තානයේ තරග දෙකක්ද, සිම්බාබ්වේහි එක් ටෙස්ට් තරගයක විනිසුරු විය. සමස්තයක් වශයෙන්, ඔහු 1979 සහ 1995 අතර පළමු පෙළ තරඟ 84 ක් විනිශ්චය කර ඇත.[5]

1997 දී, ඕල්ඩ්‍රිජ් නවසීලන්ත ක්‍රිකට් හි ප්‍රථම පූර්ණ කාලීන විනිසුරු කළමනාකරු බවට පත් වූ අතර, ඔහු 2008 දී විශ්‍රාම යන තෙක් එම තනතුර දැරීය.[3] ක්‍රිකට් පරිපාලනයට කළ සේවය වෙනුවෙන් ඔහුට 2012 අලුත් අවුරුදු ගෞරව සම්මාන උළෙලේදී රැජිනගේ සේවා පදක්කම පිරිනමන ලදී.[6] ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිටත ඔහු ඉදිකිරීම්කරුවෙකු ලෙස කටයුතු කළේය.[3]

ඕල්ඩ්‍රිජ් 2021 දෙසැම්බර් 9 වන දින ක්‍රයිස්ට්චර්ච්හිදී වයස අවුරුදු 81 දී මිය ගියේය [7]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "New Zealand Cricket mourns respected test umpire Brian Aldridge". Stuff. සම්ප්‍රවේශය 15 December 2021.
  2. "Umpire backs Shoaib action". BBC News. 21 February 2001. සම්ප්‍රවේශය 30 June 2008.
  3. 3.0 3.1 3.2 "NZC: Stalwarts of the Game Pass". cricexec. සම්ප්‍රවේශය 20 April 2022. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "cricexec" defined multiple times with different content
  4. "Brian Aldridge". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 May 2014.
  5. "Brian Aldridge as Umpire in First-Class Matches". CricketArchive. සම්ප්‍රවේශය 19 April 2022.
  6. "New Year honours list 2012". Department of the Prime Minister and Cabinet. 31 December 2011. සම්ප්‍රවේශය 8 January 2018.
  7. "Brian Aldridge death notice". The Press. 11 December 2021. සම්ප්‍රවේශය 12 December 2021.
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රයන්_ඕල්ඩ්‍රිජ්&oldid=546153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි