බර්ට් මයිකල් හොම්බි

විකිපීඩියා වෙතින්
බර්ට් මයිකල් හොම්බි
බර්ට් මයිකල් හොම්බි
උපත23 මාර්තු 1795(1795-03-23)
මියගිය දිනය28 March 1850(1850-03-28) (වයස 55)
ජාතිකත්වයනෝර්වීජියානු
උගත් ශාස්ත්‍රාලයරාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලය
(කොටසක් තනිවම උගෙන ඇත.)
ප්‍රසිද්ධව ඇත්තේනීලස් හෙන්රික් ඇබෙල් ගේ ගුරුවරයා
විශේෂිත ගණිත පෙළපොත්
Scientific career
ක්ෂේත්‍රයගණිතය
ආයතනක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ (1818-1826)
රාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලය (1826-1850)

බර්ට් මයිකල් හොම්බි (1795 මාර්තු 23 – 1850 මාර්තු 28 [1]) නෝර්වීජියානු ගණිතඥයෙකි . ඔහුට කුඩාකල සිටම නිවසට පැමිණ ඉගැවීම කල අතර පළමු වරට පාසලකට ඇතුලත් වූයේ 1810 දී ය. රාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලයෙහි ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් ගේ සහයක වශයෙන් සුළු කාලයක් ගත කිරීමෙන් පසු , ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ ගණිත ගුරුවරයෙකු වශයෙන් 1818 දී පත්වූ අතර එහිදී ඔහුට තවත් අනාගත ගණිතඥයෙක් වූ නීල්ස් හෙන්රික් ඇබෙල් හමුවිය . හොම්බිගේ ගණිත විෂය කෙරෙහි ආශාව වැඩිදියුණු වුයේ ඇබෙල් හට පාසලේදී හා නිවසේදී ඉගැන්වීමෙන් බව බොහෝදෙනාගේ මතයකි . මොවුන් අතර පවතී මිතුදම ඇබෙල් අකාලයේ මියයන තෙක්ම පැවතින. හොම්බි 1826 දී රාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලය ට පැමිණි අතර ඔහු 1850 දී මියයන තෙක්ම එහි රැදීනි හොම්බි විසින් ගණිත විෂයෙහි දුර්වල සිසුන් සඳහා සැකසු කොටස් 2 කින් යුතු පෙළපොත ඔහු විසින් ගණිත විෂය කෙරිහි කල මහඟු දායකත්වයකි .එය විශාල වශයෙන් භාවිතයට ගැනුණු අතර ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් විසින් නිකුත් කල තවත් පෙළපොතක් නිසා නෝර්වීජියානු ඉතිහාසයේ පළමු වතාවට පෙළපොත් සඳහා විවාදයකද ඇති විය..[2]

ළමා හා තරුණ විය[සංස්කරණය]

බර්ට් මයිකල් හොම්බි උපන්නේ වාග් [1] හි ජෙන්ස් හොම්බි(1746–1823) ගේ හා ඔහුගේ බිරිද කැතරින් හොස්ට්(1763–1823) හට දාව 1795 දිය . ඔහුට සොයුරු සොයුරියන් 9 සිටි අතර ඔවුන් ජීවත් වුයේ එයිඩ්ස්බර්ග්හිය.එමෙන්ම ඔහු ප්‍රකට පැරණි භාෂා විශාරද ක්‍රිස්ටෝෆර් ඇන්ඩ්‍රයාස් හොම්බි ගේ වැඩිමල් සොයුරාද වෙයි.ඔහුට කුඩාකල නිවසේම ඉගැන්වීම් කල අතර පසුව 1810 දී ද්විතික අධ්‍යාපනය සම්පුර්ණ කිරීම සඳහා ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසල ට ඇතුලත් කෙරිණි.එහිදී ඔහු ගණිතය පිලිබඳ අමතර කරුණු හැදෑරූ අතර නෝර්වීජියානු ඉතිහාසයේ කළහකාරී වසරක් වූ 1814 දී රාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලය ට ඇතුලත් විය. 1397 සිට නෝර්වේ ඩෙන්මාර්කයේ කොටසක් ලෙස පවතී අතර 1814 ජනවාරි මාසයේ සිට එය ස්වීඩනයේ පාලනය යටතට පත්විය කීල් ගිවිසුම .නෝර්වේ රජයෙන් නිදහස පත කල ඉල්ලීමට පිළිතුරු වශයෙන් ස්වීඩනය යුදමය ක්‍රියාමාර්ගයක් නෝර්වේ ට එරෙහි යුද්ධය 1814 දී ආරම්භ කරන ලදී. හොම්බි මෙම ස්වීඩන යුද හමුදා නොර්වේ තුල ක්‍රියාත්මක වීමට එරෙහිව ක්‍රියාකළ සිසු කණ්ඩායමේ spokesperson ලෙස කටයුතු කරන ලදී..[3] 1813 වසරේ පිහිටවනු ලැබූ එම විශ්ව විද්‍යාලයේ ඒ වනවිට සිටියේ සිසුන් 17ක් පමණක් බැවින් එම ක්‍රියා කලාපය පැහැදිලිව පෙනුනි. [4]

ඔහු පුද්ගලික ඉගැන්වීම් පන්ති මෙන්ම Søren Rasmusen විසින් මෙහෙයවනු ලැබූ දේශනා වලටද සහභාගී විය.1815 දී ඔහු විශ්ව විද්‍යාලයේ දේශකයෙක් වූ ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් යටතේ විද්‍යාඥ සහයක තනතුරට පත්වූ අතර දේශන කිහිපයක්ම මෙහෙයවන ලදී. 1818 මුල භාගයේදී ඔහු ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ 1817 සිට පුරප්පාඩුවක්ව පවතී ගණිත ගුරුවරයෙකුගේ තනතුරට පත්විය.පාසලේ විදුහල්පතිව සිටි ජෙකොබ් රුස්ටඩ් ගණිතය හදාරමින් සිටි හොම්බි ගේ සොහොයුරා වූ ක්‍රිස්ටෝෆර් ඇන්ඩ්‍රයාස් හට එම තනතුර භාරගැනීමට ආරාධනා කල මුත්ඔහු පැරණි භාෂා වලට වැඩි අවධානයක් දැක්වූ බැවින් සංස්කෘත භාෂාව පිලිබඳ හැදෑරීමට යොමුවිය.. හොම්බි ඔහුගේ ඉගැන්වීම් කටයුතු වලදී ජෝශප් ලුවිස් ලග්ග්‍රාන්ච් .[3] ගෙන් අභාෂය ලබහන්නා ලදී . .

නීලස් හෙන්රික් ඇබෙල්[සංස්කරණය]

හොම්බි හට ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ දී සිසුවෙක්ව සිටි නීලස් හෙන්රික් ඇබෙල් .[3]මුණගැසී සුළු කාලයකින්ම ඇබෙල් ගේ දක්ෂතා හදුනාගත් අතර හොම්බි විසින් ඔහුගේ ශිෂ්‍ය වාර්තා පොතේ [quote 1][5] අසාමාන්‍ය බුද්ධිමතෙක් ලෙස හඳුන්වාදෙන ලදී. පාසලේ වැඩි වශයෙන්ම මූලික වුයේ සම්ප්‍රදායික අධ්‍යාපනය හා ලතින් ,බැවින් හොම්බි විසින් ඔහුට අමතර ඉගැන්වීම් කරන ලදී.හොම්බිගේ මේ ඇබෙල් සඳහා වූ උත්සාහය “හොම්බි ගේ ගණිතය කෙරෙහි කල විශාලම දායකත්වය ” ලෙස සැලකේ. [quote 2][3]

හොම්බි සහ ඇබෙල් මිතුරන් වූ අතර හොම්බි ගේ සොහොයුරා ඇබෙල් සමග එකට උගත් බැවින් ඔවුන් තිදෙනාම ක්‍රමයෙන් මිතුරන් බවට පත්විය.හොම්බි විසින් ඇබෙල් හට තම එයිඩ්ස්බර්ග් හි පිහිටි නිවසට කීපවතාවක්ම ආරාධනා කල අතර නත්තල් උත්සවයද ඉන් එකකි. [3]

ඇබෙල් tuberculosis නම් රෝගයෙන් 1829 දී මියගිය අතර මියයන විට ඔහුගේ වයස 26කි .[6] ඇබෙල් ගේ මරණයෙන් වසර 10කට පසු හොම්බි විසින් ඇබෙල් ගේ සියලුම ගණිත කටයුතු එක්කර සංස්කරණය කර කොටස් 2ක් පලකරන ලදී.—Oeuvres complètes de N.H.Abel ('N.H. ඇබෙල් ගේ මුලධර්ම').[3] He was the first to do so.[2]

මැදිවිය හා වැඩ කටයුතු[සංස්කරණය]

හොම්බි විසින් ඔහුගේ පළමු ගණිත පෙළපොත 1825 දී නිකුත් කරන ලදී .පිටු 274 කින් යුත් මෙය Lærebog i Mathematiken. Første Deel (ගණිතය පෙළපොත පළමු කොටස ). 1827 දී එහි දෙවන කොටස වන පිටු 155 කින් යුත් Lærebog i Mathematiken. Anden Deel (ගණිතය පෙළපොත දෙවන කොටස ), ද නිකුත් කරන ලදී . ඔහු ගුරුවරයෙකු වශයෙන් ලැබූ අත්දැකීම් පාදක කරගනිමින් සරල ලෙස රචිත මේවායේ මූලික අරමුණ වුයේ සිසුන් තුල තර්කානුකුල චින්තනය වැඩි දියුණු කිරීමයි. උදාහරණයක් ලෙස ජ්‍යාමිතිය කොටසේදී පාඨකයා හට රූපය ඇඳීමෙන් තොරව සිතින් මවාගනීමට පොළඹවයි. මෙම පොත විශාල වශයෙන් භාවිත වූ අතර 4 වතාවක් නැවත මුද්‍රණය කරන ලදී.[3]

1826 දී මොහු රාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස පත්විය . .[3] ඇතැමුන් පවසන්නේ ඇබෙල් මෙම කාලය තුල යුරෝපයේ සංචාරයක යෙදීසිටි බැවින් හොම්බි හට පත්වීම ලැබුණු බවයි.[7] හොම්බි විසින් හමුදා විද්‍යාලයේද 1826 සිට මියයන තෙක්ම ගණිතය ඉගැන්වූ අතර රාජකීය ෆ්‍රෙඩ්රික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු ලෙස 1834 දී උසස්වීමකද ලැබීය.. ඔහුගේ පසුකාලීන පොත් වල අන්තර්ගත වන්නේ ත්‍රිමිතික (Stereometry) (1833), Plan- og sfærisk Trigonometrie (තල හා ගෝලීය ත්‍රිකෝණමිතිය) (1834), and Lærebog i den høiere Mathematik (උසස් ගණිත පෙළපොත ) (1849).හොම්බි විසින් පෙළඹීම ලද ගණිතඥයින් අතර ඇබෙල් සහ ඔලී ජෙකොබ් බ්රුච් (උපත 1818) .[3] වැනි අය වෙති . විශ්ව විද්‍යාලයේදී ඔහුට නැවත 1816 දී මහාචාර්ය වරයෙකු බවට පත්වසිටි ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් මුණගැසුණි.1835 දි හාන්ස්ටීන් විසින් ද්විතීක පාසල් සිසුන් සඳහා පෙලපොතක් නිකුත් කරන ලදී. හෝම්බිගේ ඉගැන්වීම් ක්‍රම වලට විරෝදය පළකරමින් එය ප්‍රයෝගික ප්‍රශ්න මූලික කරගෙන සකස් කර තිබුණි.හොම්බි විසින් මේ පිළිබඳව මෝර්ගන්බ්ලඩට් පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේ එම ඉගැන්වීම භාවිත නොකරන ලෙසයි. මේ හේතුවෙන් අනෙකුත් ගණිතඥයන් ගේ මැදිහත්වීමෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වූ අතර එය නෝර්වීජියානු ඉතිහාසයේ පෙළපොත් සම්බන්දයෙන් පවතී ප්‍රථම විවාදය විය. .[3] හාන්ස්ටීන්ගේ පොත නැවත මුද්‍රණය නොකෙරිණ..[3]

හොම්බි රක්ෂණ කටයුතු වලද නිරත විය.1832 සිට 1848 දක්වා Tilsynskomiteen for private forsørgelses- og understøttelsesselskaper නම් රක්ෂණ කමිටුවේ සමජිකකෙක් වූ අතර එය නොර්වේ හි ප්‍රථම රක්ෂණායතන අධීක්ෂණ කමිටුවයි. එමෙන්ම 1847දි ඔහුගේ සිසුවෙක් වන ඔලී ජෙකොබ් බ්රුච් [3] විසින් ඇරැඹු Gjensidige නම් රක්ෂණායතනයේ අධ්‍යක්ෂක මද්නලයේ සාමාජිකයෙක්ද විය.

වෘතාන්තය[සංස්කරණය]

ගණිත ගුරුවරුන් සඳහා වන බර්ට් මයිකල් හොම්බි අනුස්මරණ ත්‍යාගය 2005දි පිහිටුවනු ලැබූ අතර වාර්ෂිකව ප්පිරිනමනු ලබයි. ත්‍යාග මුදල වන , NOK 50,000, මුදල ගනු ලබන්නේ ඇබෙල් ත්‍යාගය [8][9] සඳහාද මුදල් ලබාදෙන ඇබෙල් අරමුදලෙනි. මෙම ත්‍යාගය සංවිදානය කරනු ලබන්නේ නෝර්වීජියානු ගණිත සමාජයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙනි . මෙහි වර්තමාන සභාපති වන්නේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ටොම් ලින්ඩ්ස්ටෝම් ය .[10]

ඔස්ලෝ හි මැජෝස්ටුවෙන් මාවත Holmboes gate, ලෙස ඔහුට උපහාරලෙස නම් කර තිබු අතර එය 1879දි Hansteens gate ලෙස ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් [11]වෙනුවෙන් නම් කෙරිණි.

විවාහය හා දරුවන්[සංස්කරණය]

හොම්බි දෙවරක් විවාහ විය.[3] ඔහුගේ පළමු බිරිඳ “නිකොලින් අන්තෝනි ෆින්කන්හේගන්” 1804දි උපත ලද අතර 1839දි මියගියාය.ඔවුනට ගැහැණු දරුවන් තිදෙනෙක්(ෆ්‍රෙඩ්රික් ,නිකොලින් ) ලැබුණු අතර ඉන් එක දරුවෙක් උපතේදීම මියගියේය.හොම්බි දෙවන වරට 1842දි විවාහ වුයේ 1812දි වොස් හි උපන් “ඉන්ගේබෝර්ග් තොර්ප්” සමගය. ඔවුනට පිරිමි දරුවන් දෙදෙනෙකු(ක්‍රිස්ටෝෆර්,ජේන් ) හා ගැහැණු(කැතරින්,ඔලාවා ) දරුවන් දෙදෙනෙකු ලැබිණි..[12]

බර්ට් මයිකල් හොම්බි 1850දි මියගිය අතර [1] ඔහුගේ දෙවන බිරිඳ ඉන් වසර තුනකට පසු මිය ගියේය..[12]

References and notes[සංස්කරණය]

Notes
  1. Quote: ["Et udmerket mathematisk Genie."] Error: {{Lang}}: text has italic markup (help) In English: "A splendid mathematical genius." (remark written by Holmboe)
  2. Quote: ["... måten Holmboe støttet og hjalp Abel på, må sies å være hans viktigste bidrag til matematikken."] Error: {{Lang}}: text has italic markup (help) In English: "... the way Holmboe supported and helped Abel should be considered his most important contribution to mathematics." (statement of the article writer)
References
  1. 1.0 1.1 1.2 Birkeland, Bent. "Matematikklærerne ved Universitetet i Oslo" (Norwegian බසින්). University of Oslo. 12 April 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. 2.0 2.1 "Holmboe, Bernt Michael" (in Norwegian). Store norske leksikon. Kunnskapsforlaget. 2007. http://snl.no/Bernt_Michael_Holmboe. ප්‍රතිෂ්ඨාපනය 9 November 2008. 
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 3.12 Stubhaug, Arild (25 May 2004). "Den inspirerende læreren". Forskning.no (Norwegian බසින්). 29 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 February 2009.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  4. "Historikk for UiO" (Norwegian බසින්). University of Oslo. 15 June 2004. 3 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  5. Stubhaug, Arild (17 March 2005). "නීලස් හෙන්රික් ඇබෙල් (1802–1829)". Forskning.no (Norwegian බසින්). 3 April 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 November 2008.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  6. Fenstad, Håkon (1 January 1996). "Store framskritt i kort liv". Apollon (Norwegian බසින්). සම්ප්‍රවේශය 9 November 2008.{{cite news}}: CS1 maint: unrecognized language (link)[permanent dead link]
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Abel නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. Stubhaug, Arild (17 March 2005). "ඇබෙල් fondets profil". Forskning.no (Norwegian බසින්). 25 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 November 2008.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  9. prisen.no/en/ඇබෙල් prisen/aktivitetsprofil.html The ඇබෙල් Prize web site[permanent dead link], The ඇබෙල් Fund: Activity Profile
  10. "Board of directors" (Norwegian බසින්). බර්ට් මයිකල් හොම්බි Memorial Prize official site. සම්ප්‍රවේශය 9 November 2008.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  11. Tvedt, Knut Are, ed (2000). "Holmboes gate". Oslo byleksikon (4 ed.). Oslo: Kunnskapsforlaget. p. 195. . 
  12. 12.0 12.1 Genealogical entry for බර්ට් මයිකල් හොම්බි – published by Fogd Jens Holmboes legat. Retrieved on 9 November 2008. සැකිල්ල:No icon

Further reading[සංස්කරණය]


[| Traslated From]

"https://si.wikipedia.org/w/index.php?title=බර්ට්_මයිකල්_හොම්බි&oldid=596667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි