මුද්‍රණය

විකිපීඩියා වෙතින්

මුද්‍රණය යනු තීන්ත යොදාගෙන, මුද්‍රණය යන්ත්‍ර ආධාරයෙන් කඩදාසි මත අකුරු සහ රූප ප්‍රතිනිර්මාණය කරන ක්‍රියාවලි යයි. සාමාන්‍යෙන් මහා පරිමාන කර්මාන්තයක් ලෙස සිදු කෙරෙන අතර ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය කොටසකි.

ඉතිහාසය[සංස්කරණය]

යුරෝපය[සංස්කරණය]

චීනයේ ටැන්ග් රාජවංශයේ මුද්‍රණය කරන ලද සංකීර්ණ මුඛ චිත්‍රයකි

වර්ෂ 1300දී අච්චු මුද්‍රණ කලාව යුරෝපයට පැමිණියේ රෙදි මත මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා ය. ආගමික අරමුණු සඳහා විශාල වශයෙන් අලංකාර ලෙස පින්තාරු මුද්‍රණය කරන ලදී. වර්ෂ 1400 පමණ වන විට කඩදාසි පහසුවෙන් ලබාගත හැකි වූ නිසා, ධර්මයානුකූල ලී කැටයම් අච්චු මගින් මුද්‍රණය කරන ලද කඩදාසි හා ක්‍රීඩා කිරීමට භාවිතා කරන කඩදාසි කුටිටම්, වැඩි වශයෙන් දක්නට හැකි විය. 1425 සිට මෙම මුද්‍රණ කටයුතුවල සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබුණි. පහළොස්වන සියවසේ මැද භාගය පමණ වනවිට ලී කැපුම් පොත් හා බ්ලොක් පොත්, විස්තර හා පින්තූර දෙකම ඇතුලත් කොට නිර්මාණය විය. පොත් හා අත් පිටපත් එහා මෙහා ගෙනයා හැකි ලෙස සකසන ලදී. විද්‍යාර්ථීන් අතර මේ පිළිබඳව විවිධ මත වාද ඇති විය. ඔවුන්ගේ හඳුන්වා දීම් කලින් සිදු කරනවාද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ මතය වුයේ එම හඳුන්වා දීම් ජංගම ආකාරයෙන් සිදු කිරීම සුදුසු බවයි.(1440-1460) මුද්‍රණ ක්‍රියාවලිය සඳහා කඩදාසි අවශ්‍ය වූ අතර ඒවා යුරෝපයට ගෙන එන ලද්දේ චීනයෙනි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ කඩදාසි චීනයෙන් ගෙන්වනු ලැබුවත් ඒවායේ මුද්‍රණය කිරීමේ හැකියාව නොතිබුණු බවයි. ඇතැම් සාක්ෂි වලින් මුද්‍රණ ශිල්පයයේ ආභාෂය ලද්දේ ආසියාවෙන් සහ යුරෝපයෙන් ලැබුණු බව තහවුරු වේ. අතින් පිටපත් කිරීම හෝ අච්චු මඟින් මුද්‍රණයට සාපේක්ෂව ජංගම ආකාරයේ මුද්‍රණ ක්‍රියාවලිය මඟින් එම කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=මුද්‍රණය&oldid=489696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි