බම්බාව රජමහා විහාරය
බම්බාව රජමහා විහාරය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති විහාරස්ථානයකි.
ලක්දිව වංශකථාවේ අභිමානවත් යුගයක් සනිටුහන් කරන ලද වට්ඨගාමිණී අභය නොහොත් වළඟම්බා රජ සමයෙහි ඓතිහාසික සංසිද්ධීන් රැුසක් ඉස්මතු කරන, පුරාණ ඓතිහාසික බම්බාව රජමහා විහාරය ප‍්‍රදේශය පුරා සිය කිරණ විහිදුවාලන මිණක් ලෙස හඳුන්වාදිය හැකිය. ඓතිහාසික මාතලේ දිස්ත‍්‍රීක්කයේ ගලේවෙල පුරවරයේ සිට 1නප පමණ මාතලේ දෙසට පැමිණෙන විට රමණීය කඳුවැටියකින් මෙන් ම අලංකාර වූ වැව් තාවුල්ලකට මායිම් ව මනරම් පරිසරයකින් වට වූ මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය දැකගත හැකි ය. ආර්යයන් මෙරටට පැමිණීමට පෙර මෙරට විසූ යක්ඛ ගෝත‍්‍රික කුවේණියගේ උපන් ගම ලෙස සැලකෙන මෙම බම්බාව ගම්මානය පසුව වළගම්බා රජ දවස ලක්දිව ආක‍්‍රමණය කළ ඉන්දීය ද්‍රවිඩයන්ට එරෙහිව ගල්ලෙනෙහි සැඟවී රජුන් විසින් සේනා සංවිධානය කළ බවටත් පසුව කාලාන්තරයක් මුළුල්ලේ වනගතව තිබූ මෙම විහාරය කන්ද උඩරට රාජධානියේ රජු වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ විසින් නැවත ප‍්‍රතිසංස්කරණය කර, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සංඝයා වහන්සේලා හට පූජා කරන ලද බවටත් පුරාවඃත ජනශ‍්‍රැති ජනකතා මඟින් සාධක හමුවේ. එසේම ගල් ගුහාව ආශ‍්‍රය කර ඉදි වූ විහාර භූමිය, ගල් පර්වතය හා ශිලා ලිපිය, ගලින් නිමකොට ඇති ගල් ළිඳ, සඳකඩපහණ, ගල් ඇඳ මෙන්ම අලංකාරවත් ගල් පඩිපෙළ එකල රජ දවස පිළිබඳ ජීවමාන සාක්ෂි සපයයි. එසේම ප‍්‍රදේශයට අධිපති ගලේබණ්ඩාර දේව අනුහස පෙරදැරිකරගත් ගලේබණ්ඩාර, විෂ්ණු, පත්තිනි හා කතරගම දේවාල හතරකින් මෙන් ම මෑතක දී ඉදිකරන ලද අභිමානවත් තොරණ හා සත් බුදුවරුන් වැඩ හිඳින්නා වූ රණවිරු මහා සෑය ද මෙම ඓතිහාසික රජමහා විහාරය තුළට පැමිණෙන සැදැහැවතුන්ට දැකබලා ගත හැකි ය. වසරක් පාසා පවත්වනු ලබන පෙරහැර මංගල්‍යය කන්ද උඩරට රාජධානියේ අතීත ශ‍්‍රී විභූතිය මනාව විදහාපායි. එසේ ම සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා විසින් පවත්වාගෙන යනු ලබන ශ‍්‍රී ධම්මානන්ද දහම් පාසල ද ගම්මානයේ දරු දැරියන්ට අමිල මෙහෙයක් සපයනු ලැබේ. වළගම්බා රජ දවස ඉදි වූ මෙම ඓතිහාසික බම්බාව රජමහා විහාරය පසුව කන්ද උඩරට රාජධානියේ රජු වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස සිට උරුලෑවත්තේ මහනායක මාහිමියන්ගෙන් පසු විහාරයේ ආධිපත්‍යය අස්ගිරි මහා විහාර සංඝ සභාව දරණ අතර 1998 වර්ෂයේ සිට අතිගෞරවණීය ලේනව මංගල හිමිපාණන්ගේ භාරකාරත්වය යටතේ පවතී.
ඓතිහාසික වටිනාකම්
[සංස්කරණය]වලගම්බා මහරජතුමා සොළීන්ට විරුද්ධව සේනා සංවිධානය කිරීමේදි බම්බා රාජමහා විහාරයේ පිහිටි ගල් ලෙනද රජුට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් ලෙස තෝරා ගෙන තිබේ.පසුව සොළීන් පැරද වූ වලගම්බා රජතුමා තමන් ආරක්ෂාවට යොදාගත් ගල්ලෙන විහාරයක් බවට පත් කළේය. බම්බාව රජමහා විහාරය යනු එසේ ඇති වූ ගල් ලෙන් විහාරයයි. බම්බාව යනු කුවේණි රැජිනගේ උපන් ගමය.