පොදු වංශය

විකිපීඩියා වෙතින්

පරිණාමික ජීව විද්‍යාවෙහිදී, ජීවින් සමූහයක් විසින් පොදු වංශයක් හවුලේ භුක්ති විඳින්නේ ඔවුන් සතුව පොදු පූර්වජයෙක් ඇති නම් පමණි. පෘථිවිය මත වසන සමස්ත ජීවින්ම පැවතෙන්නේ, අවසන් සාර්වත්‍ර පූර්වජයා හෝ LUA (හෝ අවසන් සාර්වත්‍ර පොදු පූර්වජයා, LUCA) ලෙසින් හැඳින්වෙන, පොදු පූර්වජයෙක් වෙතින් බවට ප්‍රබල සාක්ෂි ඇත. [1][2]

වෙනස් විශේෂයන්ගේ ජීවින් අතර පොදු වංශත්වය පැන නගින්නේ විශේෂ ප්‍රාප්තිය තුලදී වන අතර, එහිදී, තනි පූර්වජ පරම්පරාවක් වෙතින් නව විශේෂයන් පිහිටුවනු ලබයි. වඩාත් මෑත පොදු පූර්වජයෙක් හවුලේ භුක්ති විඳින ජීවින් බඩාත් සමීප බන්ධුතාවයක් දරති. දැනට වසන සමස්ත ජීවින්ගේ වඩාත් මෑත පොදු පූර්වජයා වන්නේ, වසර බිලියන 3.9 පමණ පෙර ජීවත්වූ අවසන් සාර්වත්‍ර පූර්වජයා වෙයි. [1].[3] [4]පරිණාමයේ මුල් අවදියේදී සැලකියයුතු තිරස් ජාන මාරුවක් පැවති බවට හැඟවීම තුලින් ජීවයේ ඒකවංශය පිළිබඳ සැක සංකා මතු කලද, මේ අනුව පෙනීයන්නේ පෘථිවියේ දැනට වසන ජීවින් හට පොදු ජානමය ප්‍රවේණියක් (සාර්වත්‍ර පොදු වංශයක්) තිබී, ඔවුන්ගෙන් එක එකක්, එක් මුල් විශේෂයකින් පැවත ආ බවකි.[1]

පරිණාමීය ක්‍රියාවලියක් ඔස්සේ සාර්වත්‍ර පොදු වංශයක් ඇතිවූ බව, එනම් සමස්ත ජීවී වර්ගයාටම එක් ජනිතයෙක් පමණක් ඇති බව, පළමුව යෝජනා කලේ චාල්ස් ඩාවින් විසින් ඔහුගේ ඔන් දි ඔරිජින් ඔෆ් ස්පීසීස් කෘතියෙහි වන අතර, එම කෘතියෙහි අවසන් ඡේදය "දෙයාර් ඊස් අ ග්‍රැන්ඩියර් ඉන් දිස් විව් ඔෆ් ලයිෆ්, විත් ඉට්ස් සෙවරල් පවර්ස්, හැවිං බීන් ඔරිජිනලි බ්‍රීද්ඩ් ඉන්ටු අ ෆිව් ෆෝම්ස් ඔර් ඉන්ටු වන් ". “ජීවිය පිළිබඳ මෙම දෘෂ්ටියෙහි අභිමානවත්භාවය වන්නේ, ජීවයයෙහි ස්වල්ප ශක්තීන් හා සමගින්, ආරම්භයෙහිදී, ස්වරූප කිහිපයකට හෝ එක් ස්වරූපයකට හෝ ප්‍රාණවායුව පිඹ ඇති බවක් පෙන්නුම් කර ඇති බවකි.(සිංහල)[5] ලෙසින් විය. මෙම සිද්ධාන්තය මෑතකදී ජනප්‍රිය කලේ දි ඇන්සෙස්ටර්ස් ටේල්හිදී රිචර්ඩ් ඩෝකින්ස් විසින්, සහ අනෙකුන් විසිනි.

ඉතිහාසය[සංස්කරණය]

මෙයද බලන්න: පරිණාමීය චින්තනයේ ඉතිහාසය

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; theobald නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ස්ටීල්, මයික්; පෙනී, ඩේවිඩ් (2010). "ඔරිජින්ස් ඔෆ් ලයිෆ්:කොමන් ඇන්සෙස්ට්‍රි පුට් ටු ද ටෙස්ට්". නේචර්. 465 (7295): 168–9. doi:10.1038/465168a. PMID 20463725.
  3. ඩූලිට්ල්, ඪබ්එෆ් (2000). "අප්රූටිං ද ට්‍රී ඔෆ් ලයිෆ්" (PDF). සයන්ටිෆික් ඇමරිකන්. 282 (6): 90–95. doi:10.1038/scientificamerican0200-90. PMID 10710791. {{cite journal}}: Unknown parameter |month= ignored (help)
  4. ග්ලාන්ස්ඩෝෆ්, එන්; සූ, වයි; ලැබඩාන්, බී (2008). "ද ලාස්ට් යුනිවර්සල් කොමන් ඇන්සෙස්ටර්: ඉමර්ජන්ස්, කන්ස්ටිට්‍යුෂන් ඇන්ඩ් ජෙනටික් ලෙගසි ඔෆ් ඇන් ඉල්‍යුසිව් ෆෝරනර්". බයලොජි ඩිරෙක්ට්. 3 (1): 29. doi:10.1186/1745-6150-3-29. PMC 2478661. PMID 18613974.
  5. ඩාවින්, සී., "දි ඔරිජින් ඔෆ් ස්පීසීස් බයි මීන්ස් ඔෆ් නැචුරල් සිලෙක්ෂන්, ඕ ද ප්‍රෙසර්වේෂන් ඔෆ් ෆේවර්ඩ් රේසර්ස් ඉන් ද ස්ට්‍රග්ල් ෆෝ ලයිෆ්", ලන්ඩනය, ජෝන් මරේ, (1859) පි. 490
"https://si.wikipedia.org/w/index.php?title=පොදු_වංශය&oldid=285522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි