පොතුපිටිය වලව්ව

විකිපීඩියා වෙතින්

කළුතර දිස්ත්‍රික්කයට අයත් වස්කඩුවේ පොතුපිටිය ග්‍රාමයේ පිහිටි ඉපැරණිම ගෘහය හෙවත් තුඩුගලගේ ධර්මසේන පරපුරේ ආදිතමයන් ඉදිකළ පට්ටිකාරවාසල වලව්ව "Susew's Manor"ඉදිවූවේ ක්‍රි.ව. 1699 වසරේ දීය. යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ සුසෙව්හේවගේ ආදී පරම්පරා රැසකට ජන්මය ලබාදුන්නේ මෙම ඓතිහාසික මන්දිරයයි. තුඩුගල මද්දුමරාළගේ පරපුර හෙවත් කෝට්ටේ රජ පවුලට බිසවුන් සැපයූ පරපුර සහ උණම්බුවේ වාසල බණ්ඩාර ආදී පරපුරු රැසක් සම්බන්දව ව්‍යාප්ත වූ ජාලගත පවුල් ගසකි.නිවසේ මුල්ම අය්තිකරු වූවේ යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාරිස් පෙරේරා තෝම්බු විදානේයි.කෝට්ටේ රජ පරපුරේ නාමයෙන් පරංගින්ගෙන් වස්කඩු බද්දේ නින්ද ගම් ලත් මෙම පරපුර ලංදේසි තෝම්බු පිටපත් තුලපවා විශේෂ වර්ණයෙන් තහවුරුව දක්වා ඇත්තේය.ලංකාවේ ලංදේසි සහ ඉංග්‍රීසි යුගයේ ප්‍රතුමූර්තියක් ලෙස ඕලන්ද සහ බ්‍රිතාන්‍ය මිශ්‍ර එම පරපුරේ පාරම්පරික නිවහන හෙවත් පට්ටිකාරවාසල Susew's Manor හඳුනාගත හැක.පට්ටිකාරවාසල වත්තේ ඉදිවු තවත් ඉපැරැණි නිවසක් වූවේ පොතුපිටියේ පුංචිකච්චේරිය වලව්වයි.සාමාන්‍ය ව්‍යවහාරයේදී ගම් වැසියන් මෙම වලව්ව හඳුන්වන ලද්දේ පෙට්ටගම්ගෙදර ලෙසින. එයට හේතුවී තිබී ඇත්තේ ලංදේසි සමයේ වස්කඩුවේ පෙට්ටගමක් ළඟ තබා ගැනීමට හැකි අයෙකු වූවේ මෙම පරපුර පමණක් වූ බැවින.

"https://si.wikipedia.org/w/index.php?title=පොතුපිටිය_වලව්ව&oldid=515280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි