Jump to content

පට්ටිකාරවාසල

විකිපීඩියා වෙතින්

වර්තමාන කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයට අයත් පොතුපිටිය ග්‍රාමයේ පිහිටි ඕලන්ද යුගයේ නිවාසයකි . එම නිවසේ අතීතය දාහත්වන සියවසේ ලන්දේසි යුගය දක්වා විහිදේ. ක්‍රි.ව. 1690 දී පමණ වස්කඩුබද්ද නින්දගම් අධිපතිව විසුවා වූ පෙරියවාහල ධර්මසේන මුදියන්සේ (ධර්මසේන රාළලාගේ දොන් ගිමාර පෙරේරා) නම් තැනැත්තාට ලන්දේසි අණ්ඩුවෙන් මහ විදානේ(ගෞරව) තනතුරක් ලද බව කියැවේ.ඔහු රාජකීය සම්බවයක් සහිත අයෙකුගේ දියණියක් වූ තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් මුදියන්සේලාගේ දෝන ලුසියා පෙරුමාල් නම් කාන්තාව විවාහ කරගෙන්නේ පසුවය. පසුව ඔහු වස්කඩු බද්දේ දොමින්ගෝ රෝමානු කතෝලික දෙව් මැදුර පෙනෙනා මානයේ අක්කර විස්සක පමණ භූමියක් මිලටගෙන එහි ලන්දේසි ගෘහ නිර්මාණය භාවිත කරවමින් උලු සෙවිලි කළ නිවසක් සාදා තිබේ . මෙම කාලය වන විට නිවාස සඳහා උලු සෙවිල්ලීම තහනම් විය. එබැවින් මෙම උලු සෙවිලි කර තැනුවා වූ නිවාසය පානදුර තොටුමුණ පලාතේ පළමුවන උලු සෙවිලි කළ නිවාසය ලෙසින් ජනවහරට එක්විය. පෙරියමුදියන්සේ වර්ශ 1699 දී මෙම නිවාසය සෑදීම සඳහා මුල්ගල් තබා ඇති අතර නිවසේ වැඩ කටයුතු අවසාන කරවා ඇත්තේ 1706 වසරේදීය. මෙම ගම් ප්‍රදේශයේ එකල පට්ටි නැමති කුලයක බොහෝ පිරිසක් විසූ බැවින් එකල මෙම නිවස හැදින්වීම සඳහා පට්ටිකාරවාසල යන නාමය බාවිතකර තිබේ.මෙම නිවසේ විසූ දෙවැනි පරම්පරාව වූවේ මුදියන්සේගේ බාල පුතු වූ අතපත්තුවේ ආරච්චිව විසුවා වූ ධර්මසේන රාළලගේ දොන් පෙරියසප්ත පෙරුමාල් පෙරේරා ගේ පවුලයි. මෙතුමාගේත් පුතු වූ ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරේරා විසින් 1815වසරේදී ඉපැරණි ලන්දේසි නිවස නවතම බ්‍රිතාන්‍ය ගෲහනිර්මාණ යොදා නවීකරනය කරවන ලද්දේය. ඉන් පසු එය හඳුන්වන ලද්දේ පට්ටිකාරවාසල අලුත් වලව්ව ලෙසින. ඇතමුන් එයට පොතුපිටියේ වලව්ව යැයි කිවූහ. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර කෲතියට අනුව මෙම වලව්වේ පරිවාරය කෝට්ටේ රජපෙලපතින් ජාතවූ අයවලුන් පිරිසකි. කාලයාගේ ඇවැමෙන් ධර්මසේන රාළලාගේ පරිවාරය අවසන් වී ගොස් සුසෙව්හේවාගේ පරිවාරයට මෙම වලව්ව අයත් විය. පට්ටිකාර වාසල එදා සිට විසිවන සියවසේ එම පරපුරේ අවසාන ආරච්චි වශයෙන් සිටි සුසෙව්හේවගේ සීමන් ධර්මසේන වීරසිංහ දක්වා වූ රදල පරම්පරා හතකට පමණ සෙවන ලබා දුන්නේය.පසු කාලවලදී වෙනස් වීම් රැසකට භාජනය වූවත් මෙම වලව්ව මේ වන විටත් ගරා වැටෙමින් වුවද සුවිශාල මන්දිරයක් ලෙසින් අතීත රදල වරුන්ගේ අභිමානය ප්‍රදර්ශනය කරන්නේය.

මූලාශ්‍ර

[සංස්කරණය]

නාරි සංදේශය අරුත් ගැන්වීම 1914/ නාරි සංඳේශය අරුත් ගැන්වීම 1925 (ඩබ්ලිව් ඒ එෆ් ධර්මවර්ධන)/ වර්ශඛණ්ඩරාෂ්ට්‍ර ග්‍රන්ථ්‍ය 1875- (වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි)/පොතුපිටිය රජමහ වෙහෙර 1998- (බද්දේගම සුමන හිමි)

"https://si.wikipedia.org/w/index.php?title=පට්ටිකාරවාසල&oldid=496826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි