පුංචිකච්චේරිය

විකිපීඩියා වෙතින්

පෙර අතීතයේ පානදුරේ තොටුමුණ ලෙස හැදින්වූ වත්මන් වාද්දුවට යාබද වස්කඩුවේ පොතුපිටිය ග්‍රාමයේ ක්‍රි.ව.1850 වසරට සමකාලීනව මහවිදානේ ලෙසින් වැජඹුණා වූ සුසෙව්හේවගේ ගිරිගෝරිස් ප්‍රනාන්දු රාළහාමි නම් ප්‍රධානියා විසින් තම අන්ත:පුර මාළිගාව ලෙසින් භාවිත කළ ගෘහයයි. සම්පූර්ණයෙන්ම දැව නිර්මාණයක් වූ එම ගෘහයේ පැවති රන්‍ රිදී මුතු මැණික් ඇත්දළ දුටු එවක කළුතර දිසාපතිතුමා විසින් මෙම ගෘහය ආණ්ඩුවේ භාණ්ඩාගාරය යැයි අනුවර්තීය නාමයෙන් ප්‍රකාශ කළේය. එතැන් පටන් ප්‍රදේශ වාසීන් මෙම ගෘහය හැදින්වූවේ පුංචි කච්චේරිය නමින. ගිරිගෝරිස් පොතුපිටියේ මහ විදානේ ආරච්චි මැතිතුමා විශේෂ වන්නේ ඔහු විසින් සමාජ සාධාරණත්වය සඳහා කළ කාර්‍යන් නිසාවෙනි. මෙතුමා ආරච්චි තනතුර වෙත පත් වන සමයේ මෙම පළාතේ සලාගම කුලයේ හින්න නැමති උප කුලය සලාගම කුලයෙන් පහතළා සලාගම කුලයේම වෙනත් කුරුඳුකාර සහ හේවාකාර උපකුල විසින් පීඩාවට පත් කරමින් සිටියේය. හින්නෑවන්ට දණහිසින් පහළට වස්ත්‍ර ඇඳීම හින්න කතුන්ට තනපිඩු වසා ගැනීම සහ හින්න නිවාස වල උස්පුටු තැබීම පවා තහනම් විය.මෙම සමාජ දුර්මිටු ක්‍රියා අවම කරවීම සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ ගිරිගෝරිස් මහ රාළහාමි විසින.එතුමා විසින් තම මවගේ පවුලට මෙහෙවර කළ හින්න කතුන් තිදෙනෙකු විවාහ කරවාගෙන එකී සහජීවනය ක්‍රියාවෙන් පවා සනාථ කළේය. මෙතුමාගේ මෙම සමාජ සාධාරණය අප්‍රිය කළ ඇතමුන් මෙතුමා මියගොස් වසර හතලිහකට පමණ පසුවත් (1940 වසරේදී පමණ) මෙතුමාගේ සුසාන භූමියට පවා හානි සිදුකර තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=පුංචිකච්චේරිය&oldid=533573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි