පොට්පෝරි

විකිපීඩියා වෙතින්
1897 දී හර්බට් ජේම්ස් ඩ්‍රේපර් විසින් පොට්පෝරි සාදන කාන්තාවකගේ සිතුවම

Potpourri /ppʊˈr/ poh-puu-REE ) යනු සාමාන්‍යයෙන් නේවාසික පරිශ්‍රයන්හි මෘදු ස්වභාවික සුවඳක් ලබා දීමට භාවිතා කරන වියලන ලද, ස්වභාවිකව සුවඳැති ශාක ද්‍රව්‍යවල මිශ්‍රණයකි. එය බොහෝ විට අලංකාර බඳුනක තබා ඇත.

"potpourri" යන වචනය ඉංග්‍රීසියට පැමිණෙන්නේ pot-pourri යන ප්‍රංශ වචනයෙනි .

   සුවඳ ගැන කතා කරන විට මතක් වෙන පළමු රට තමයි ආදරණීය ප්‍රංශය. ප්‍රංශයත් සෘතු හතරක් තියෙන රටක්. සුවඳ මලින් ගැවසි වසන්තය, ගිම්හානය වගේම අඳුරු පැහැ සීතල සරත් සමය සහ ශීත සෘතුවත් ප්‍රංශයට උදා වෙනවා.

   ප්‍රංශ ජනයා සුවඳ වර්ග වලට ඉතාම ප්‍රිය කරන ජන කොට්ඨාසයක්. වසන්තයේ ගිම්හානයේ උයන් තුළින් නෙළා ගත් සුවඳ මලින් නිවැස් තුළ වාතාශ්‍රය නැවුම් කළත් හේමන්තයේ, සිසිරයේ එය සිදු කිරීමට නොහැකි වීම ඔවුන්ට බොහෝ ගැටලුවක් වුණා. මේ සඳහා විසඳුමක් විදිහට ඔවුන් සොයා ගත් විසඳුම තමයි " පොට්පෝරි ".

   මේ පොට්පෝරි ගැන විස්තර හොයද්දි මට මතක් වුණේ ම ඉස්සර අපේ ආච්චි අම්මලා හදන ' පිච්ච කොට්ට '. පොට්පෝරි වල ආරම්භක පියවරත් ඒ වගේමයි. නමුත් එයට බොහෝ අමුද්‍රව්‍ය යොදා ගන්නවා වගේ ම ඒවා බහාලන්න විශේෂිත බඳුනුත් භාවිතා කරනවා.

   රෝස , පිච්ච , ලැවෙන්ඩර් , නෙරොලි වැනි වියළි මල් / ලෙමන්, දොඩම් , මැන්ඩරීන් , පිස්ටාචියෝ වැනි පළතුරු ලෙලි වර්ග / වල්ලපට්ට , සඳුන් , සේර, සැවැන්දරා වැනි ශාක කොටස් / රෝස්මෙරි , දෙහි , මින්ට් , කුරුඳු වැනි කොළ වර්ග මෙම එකතුවට යොදා ගන්නවා. එම වියළි ද්‍රව්‍ය එකතුවට ශාකසාර තෙල් වර්ගයක බිංදු කිහිපයක් එකතු කර සිදුරු සහිත ලී පියනක් ඇති බඳුනක දැමීමයි සිදු කරන්නේ. බොහෝවිට එම භාජනය බොරොසිලිකේට් බඳුනක් වීම විශේෂයි.

   නිවෙස් ඇතුළත වාතය නැවුම් හා සුවඳවත් කිරීම සඳහා ප්‍රංශය 17 වැනි සියවසේ සිට යොදා ගත් මෙම පොට්පෝරි දැන් ලොව පුරා ජනප්‍රිය යි. තාක්ෂණයෙන් දියුණු කෙටි කාලීන එයාර් ෆ්‍රෙෂ්නර් වර්ග කොයිතරම් තිබුණත් ඒවා සඳහා යොදා ඇති රසායන ද්‍රව්‍ය නිතර ආග්‍රහණය වීම පිළිකා අවධානමක් පවා ඇති කරනවා. නමුත් ආයුර්වේද ගුණයෙන් යුතු මනස සන්සුන් කරන, රුධිර පීඩනය අවම කරන, ස්වසන රෝග ඇති අය සඳහා විශේෂයෙන් සහනය ලබා දෙන ස්වාභාවික පොට්පෝරි එකක් අවුරුදු විස්සක් පුරා භාවිතා කළ හැකි යැයි පැවසුව හොත් ඔබ පුදුම වේවි.

𝐀𝐥𝐥 𝐜𝐫𝐞𝐝𝐢𝐭𝐬 𝐠𝐨𝐞𝐬 𝐭𝐨 𝐫𝐞𝐬𝐩𝐞𝐜𝐭𝐢𝐯𝐞 𝐨𝐰𝐧𝐞𝐫𝐬 ✌︎

✍︎ℒ𝒶𝓀𝓈𝒽𝒶𝓃𝒾 ℛ𝒶𝒿𝒶𝓀𝒶𝓇𝓊𝓃𝒶[1]

  1. "The Putrid Origin of 'Potpourri'". Merriam-Webster. 2016-12-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-01-03.
"https://si.wikipedia.org/w/index.php?title=පොට්පෝරි&oldid=534131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි