Jump to content

පෙන්ටගන් ලියකියවිලි

විකිපීඩියා වෙතින්
පෙන්ටගන් ලියකියවිලි වල කොටසක් ලෙසින් ප්‍රකාශ කෙරුණු, ඉන්දුචීනයේ විමතික ක්‍රියාකාරකම් දැක්වෙන සීඅයිඒ සිතියමක්

නිල වශයෙන් එක්සත් ජනපදය – වියට්නාම සබඳතා, 1945–1967: ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් සැකසුනු අධ්‍යයනයක් ලෙසින් හැඳින්වෙන, පෙන්ටගන් ලියකියවිලි යනු, 1945 සිට 1967 දක්වා වියට්නාමය තුල එක්සත් ජනපදයෙහි දේශපාලන-හමුදාමය පටලැවුම පිළිබඳ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු ඉතිහාසය වෙයි. ඩැනියෙල් එල්ස්බර්ග් විසින් අනාවරණය කොට ගෙන, මුදාහැරුණු මෙම ලියකියවිලි, මහජනයාගේ අවධානයට මුලින්ම පාත්‍රවූයේ 1971දී ද නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේය.[1] ද නිව්යෝර්ක් ටයිම්ස් 1996 ලිපියක් විසින් පැවසුනේ, අනෙකුත් කරුණු අතර, පෙන්ටගන් ලියකියවිලි විසින් ප්‍රදර්ශනය කෙරුණේ, ජොන්සන් පරිපාලනය විසින් "මහජනයාට පමණක් නොව කොංග්‍රස් මණ්ඩලයටද ක්‍රමානුකූල ලෙස බොරුකියා ඇති බවයි."[2]

විශේෂිත වශයෙන් පැවසුවොත්, මෙම ලියකියවිලි වෙතින් හෙළිදරව් වූයේ, අසබඩ කාම්බෝජය සහ ලාඕසය වෙත බෝම්බ හෙළීමෙන්ද, උතුරු වියට්නාමයේ වෙරළබඩ ආක්‍රමණයන් වෙතින්ද සහ, නාවික භට හමුදා ප්‍රහාර අනුසාරයෙන්ද, එ.ජ. විසින් රහසේ වියට්නාම් යුද්ධයේ තරාතිරම විස්තාරණය කර ඇති බවත්, මේ කිසිවක් මුඛ්‍යධාරා මාධ්‍යය තුල වාර්තා වී නොමැති බවත්ය.[3]

ඔහු විසින් පෙන්ටගන් ලියකියවිලි නිරාවරණය කිරීම වෙනුවෙන්, කුමන්ත්‍රණය, ඔත්තු බැලීම සහ රජයේ දේපළ සොරකම් කිරීම යන දේ සඳහා එල්ස්බර්ග් වෙත මුලදී චෝදනා එල්ලකෙරුණු නමුදු, එල්ස්බර්ග් අපකීර්තියට පත් කිරීමට අනීතික ප්‍රයත්නයන් දරන ලෙසින්, නික්සන් පරිපාලනය විසින් ඊනියා ධවල මන්දීර නළනැමියන් වෙත නියෝග දී ඇති බව, වෝටර්ගේට් අපවාදය විමර්ශනය කරන අභිචෝදකයන් විසින් නිරාවරණය කර ගැනුමෙන් පසුව එම චෝදනා අත්හරින ලදි.[4]

2011 ජූනි මාසයේදී, පෙන්ටගන් ලියකියවිලි සම්පූර්ණ ගොන්නම රහස් ලිපි නොවන ලෙසට වර්ගීකරණය කෙරෙමින් මහජනයාට නිකුත් කෙරිණි.[5][6]

අන්තර්ගතය

[සංස්කරණය]
1971 ජූනි මාසයෙහිදී ඒවා නිකුත්කිරීමෙන් පසු විගසින්ම පාහේ, ටයිම් සඟරාවෙහි පිටකවරයෙහි පෙන්ටගන් ලියකියවිලි විශේෂාංගයක් ලෙසින් දැක්වුනේ වියට්නාමයෙහිදී එක්සත් ජනපදය පවත්වාගෙන ගිය "රහස්‍ය යුද්ධය" හෙළිකිරීම වෙනුවෙනි.

ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා විසින් 1967 ජූනි 17 දිනදී වියට්නාම අධ්‍යයන කාර්ය සාධක බලකාය නිර්මාණය කලේ " වියට්නාම යුද්ධය පිළිබඳව විශ්වකෝෂීය ඉතිහාසයක්" ලියා තැබීමේ පරමාර්ථය සහිතවය.[7]

බලපෑම

[සංස්කරණය]

පෙන්ටගන් ලියකියවිලි වෙතින් හෙළිවූයේ, කාම්බෝජය සහ ලාඕසයට බෝම්බ හෙලීමෙන්, උතුරු වියට්නාමයෙහි වෙරළබඩ ප්‍රදේශය වැටලීම්, සහ මැරීන් බලකායෙහි ප්‍රහාර යන්නන් වෙතින් එක්සත් ජනපදය විසින් යුද්ධය විස්තීරණය කල බවත්, ඒවා කිසිවක් ඇමරිකානු මාධ්‍යය විසින් වාර්තා නොකල බවත්ය.[3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද පෙන්ටගන් පේපර්ස්". 1971 ඉයර් ඉන් රිවීව්. UPI. 1971. සම්ප්‍රවේශය 2010-07-02.
  2. ඇප්ල්, ආර්.ඩබ්. (1996-06-23). "පෙන්ටගන් පේපර්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස් (නිව්යෝර්ක්). http://www.nytimes.com/1996/06/23/weekinreview/25-years-later-lessons-from-the-pentagon-papers.html?ref=pentagonpapers. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-10-23.
  3. 1 2 ෆ්‍රම්, ඩේවිඩ් (2000). හවු වී ගොට් හියර්: ද '70ස්. නිව්යෝර්ක් නගරය: බේසික් බුක්ස්. p. 43. ISBN 978-0-465-04195-4.
  4. "ද වෝටර්ගේට් ස්ටෝරි". ද වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 26 ඔක්තොම්බර් 2013. පෙන්ටගන් ලියකියවිලි විත්තිකරු ඩැනියෙල් එල්ස්බර්ග්ගේ මනෝචිකිත්සකයාගේ කාර්යාලය බිඳීමට සැලසුම් විස්තර සහිතව දක්වමින් ජෝන් අර්ලික්මන් වෙත යොමු කර තිබුනු සිහිපතක් වෝටර්ගේට් අභිචෝදකයන් විසින් සොයා ගත් බව, ද පෝස්ට් විසින් වාර්තා කරයි. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. "පෙන්ටගන් පේපර්ස්". හිස්ට්‍රි (රූපවාහිනී නාලිකාව). සම්ප්‍රවේශය 26 ඔක්තොම්බර් 2013.
  6. "ආෆ්ටර් 40 ඉයර්ස්, පෙන්ටගන් පේපර්ස් ඩික්ලැසිෆයිඩ් ඉන් ෆුල්". NPR. https://www.npr.org/2011/06/13/137150344/after-40-years-pentagon-papers-declassified-in-full.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "rmcn 280" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=පෙන්ටගන්_ලියකියවිලි&oldid=793775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි