පෙට්රි දීසි

පෙට්රි දීසි (හෝ පෙට්රි තැටි හෝ සෛල ආරෝපණ දීසි හෝ) යනු, ජීව විද්‍යාඥයින් විසින්, සෛල හෝ කුඩා පාසි ශාඛ හෝ රෝපණය සඳහා භාවිතා කරන නොගැමූරු, විදුරු හෝ ප්ලාස්ටික්, සිලින්ඩරාකාර හා පියනක් සහිත දීසි වර්ගයකි [1]. [2] එය නම් කෙරුණේ, රොබට් කොහ්ගේ සහායකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී එය සොයා ගත්, [3] ජර්මානු බැක්ටීරියා විද්‍යාඥ ජූලියස් රිචඩ් පෙට්රි අනුව යමිනි. ජීවාණුහරණයෙන් (නිදසුනක් ලෙසින්, පීඩන තාපකයක් තුල හෝ උෂ්ණ-වායු උදුනක 160 °C උෂ්ණත්වයක එක් පැයක් වියලි තාපය යෙදුමෙන්) පසුව වීදුරු පෙට්රි දීසි යළි-භාවිතා කළ හැක. එක් පරීක්ෂණයකින් අනෙකට තිරස් දූෂණය ගැටළුවක් විය හැකි අවස්ථාවලදී, බහිෂ්ක්රිය කරන අටියෙන්, ප්ලාස්ටික් පෙට්රි දීසි බොහෝ විට භාවිතා වෙයි.
නවීන පෙට්රි දීසි වල පතුලේ සහ පියනෙහි වළලු ඇති අතර, එමනිසා ඒවා එකිනෙක මතින් ලිස්සා නොයන පරිදී එක උඩ එක අට්ටි ගසා තිබිය හැක. දීසි කිහිපයක් එක් ප්ලාස්ටික් අසුරනයක බහාලීමෙන් "බහු-කඳ තැටියක්" ලෙසින් හැඳින්වෙන්නක් නිමැවිය හැක. පෙට්රි දීසි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ බැක්ටීරියා ආරෝපණය කිරීමටය.
ක්ෂුද්‍ර ජීව විද්‍යාව[සංස්කරණය]

පෙට්රි දීසි බොහෝ විට භාවිතා කෙරෙන්නේ, ක්ෂුදු ජීව විද්‍යාත්මක අධ්‍යයන සඳහා ඒගාර් තැටි සැදීමටය. ඒගාර් සහ පෝෂ්‍ය පදාර්ථ, රුධිරය, ලවණ, කාබොහයිඩ්රේට, ඩයි වර්ග, දර්ශක, ඇමයිනෝ අම්ල සහ ප්‍රතිජීවක යන දේ අඩංගු විය හැකි විශේෂිත සංඝටක මිශ්‍රණයක් අඩංගු උණු ද්‍රවයකින් දීසිය අඩ වශයෙන් පුරවනු ලැබේ.
සටහන් සහ ආශ්රිත[සංස්කරණය]
- ↑ මොස්බීස් ඩෙන්ටල් ඩිරෙක්ටරි (2වන සංස්.). එල්සේවියර්. 2008. http://medical-dictionary.thefreedictionary.com/petri+plate. Retrieved 2010-02-11.
- ↑ රැල්ෆ් රෙස්ක් (1998): ඩිවලප්මන්ට්, ජෙනටික්ස් ඇන්ඩ් මොලිකියුලර් බයොලජි ඔෆ් මොසර්ස්. බොටනිකා ඇක්ටා 111, පිටු 1–15.
- ↑ පෙට්රි ඩිෂ් ඇමරිකන් හෙරිටේජ් ඩික්ෂනරිහී