පෘතුගීසි සොයාගැනුම්

විකිපීඩියා වෙතින්
1502 වසරෙහිදී නිර්නාමික සිතියම් විද්‍යාඥයෙක් විසින් තැනුනු කැන්ටිනෝ තලගෝලය වෙතින් පිළිබිඹු වන්නේ පසළොස්වන සියවසෙහි අග භාගයේදී සිදුවූ ඔවුන්ගේ මහා දේශ ගවේෂණයන් වලින් අනතුරුව යුරෝපීයානුවන් විසින් ලෝකය වටහාගෙන තිබුණු ආකාරය වෙයි.

පෘතුගීසි සොයාගැනුම් (පෘතුගීසි: ඩිස්කෝබ්‍රිමේන්තුස් පෘතුගීසිස්) යනු, 15වන සහ 16වන සියවස් තුලදී ඔවුන්ගේ තීව්‍ර සාමුද්‍රීය ගවේෂණයන්හී ප්‍රතිඵලයක් ලෙසින් පෘතුගීසීන් විසින් සොයාගැනුනු අනේක දේශභූමි සහ සාමුද්‍රීය මං පෙත් වෙයි. සොයාගැනුම් යුගය ලෙසින් පසුව හැඳින්වුනු කාල සීමාවෙහිදී, යුරෝපියානු පාරසමුද්‍රික දේශගවේෂණයෙහි පෙරමුණ ගෙන සිටි පෘතුගීසි නාවිකයෝ, අප්‍රිකාවේ, කැනඩාවේ, ආසියාවෙහි සහ බ්‍රසීලයෙහි මුහුදුබඩ ප්‍රදේශ සොයාගනිමින් ඒවා සිතියම් ගත කළහ. යාත්‍රික හෙන්රි කුමරුවාගේ අනුග්‍රාහකත්වය මත 1419 වසරෙහිදී බටහිර අප්‍රිකාවේ වෙරළ තීරය ඔස්සේ ඇරඹුනු ක්‍රමානුකූල දේශගවේෂණ තුලදී , බර්තලමුවේ දියෙස් විසින් සුබ ආරංචියේ තුඩුව වෙත ලඟාවී 1488 වසරෙහිදී ඉන්දියානු සාගරයට ඇතුළු විය. වසර දහයකට පසුව, අප්‍රිකාව වටා ඉන්දියාව වෙත පළමු නැව් කණ්ඩායමට පෙරමුණ සැපයූ වස්කෝ ද ගාමා, කල්කතාව වෙත ලඟාවෙමින් පෘතුගාලයේ සිට ඉන්දියාව දක්වා සාමුද්‍රික මං පෙතක් ඇරඹීය. බ්‍රසීලය වෙත ලඟාවූ සැණින්, අග්නිදිග ආසියාව වෙතට යොමුවූ දේශ ගවේෂණ තුලින්, 1542 වසරෙහිදී ජපානය වෙත ලඟා විය.

සම්භවයන්[සංස්කරණය]

1498 මැයි 20 දිනදී වස්කෝ ද ගාමා කැලිකට් වෙත ගොඩබැසීම.

අල්ෆෝන්සෝ හික්ස් යටතේ රේකොන්කීස්තා යුද්ධ මෙහෙයුම් තුලින් එහි භූමි ප්‍රදේශය දෙගුණ කර ගනිමින් 1139 වසරෙහිදී ලෙයෝන් වෙතින් නිදහස ලැබුමට පෘතුගාල රාජධානිය සමත් විය.

අත්ලාන්තික් ගවේෂණය (1415–1488)[සංස්කරණය]

පෘතුගීසි සාමුද්‍රිය ගවේෂණය පිටුපස සිටි ප්‍රාජනන බලවේගය ලෙසින් සාමාන්‍යයෙන් සැලකෙන්නේ යාත්‍රික හෙන්රි කුමරුවාය.
"https://si.wikipedia.org/w/index.php?title=පෘතුගීසි_සොයාගැනුම්&oldid=368987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි