පූජිත් ජයසුන්දර

විකිපීඩියා වෙතින්
පූජිත් ජයසුන්දර
34වන පොලිස් පරික්ෂක ජෙනරාල්
තනතුර දරමින්
20 අප්‍රේල් 2016
පූර්වප්‍රාප්තිකයාඑන්. කේ. ඉලංගකෝන්
පුද්ගලික තොරතුරු
උපත
පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර

15 මාර්තු 1960
කුරුණෑගල, ශ්‍රී ලංකාව
වෘත්තියපොලිස් නිලදාරී

පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර යනු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා වේ. 2016 අප්‍රේල් 20වන දින ව්‍යවස්ථාදායක සභාව විසින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු අතුරින් පූජිත් ජයසුන්දර ශ්‍රී ලංකාවේ 34වන පොලිස්පතිවරයා වශයෙන් තෝරා පත්කර ගැණිනි.[1]

පුද්ගලික දිවිය[සංස්කරණය]

1960 මාර්තු 15වන දින කුරුණෑගලදී ඔහු උපත ලද ජයසුන්දර සිය ප්‍රාථමික අධ්‍යාපනය බෝගමුව මහමූකලාන්යාය, තක්සලා මහා විද්‍යාලයෙන් හදාරණ ලදී. විදුහලේ පහ ශ්‍රේණියේදී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයටත් ඉන්පසුව ඔහු 1969දී මහනුවර ධර්මරාජ විද්‍යාලයටත් ඇතුලත් විය. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත තේරී පත් වූ ඔහු වාණිජවේදී දෙවන ඉහළ සාමාර්ථයක් සහිතව සිය උපාධිය සම්පූර්ණ කරන ලදී.[2]

1985දී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එකතු වූ ඔහු, පොලිස්පතිවරයා ලෙස පත්වීමට පෙරාතුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් සේවය කරන ලදී.[3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පූජිත් ජයසුන්දර වින්ස් ශ්‍රී ලංකා'ස් අයිජීපී රේස්". ලංකා බිස්නස් ඔන්ලයින්. සම්ප්‍රවේශය 2016-04-23.
  2. "FP | පූජිත් ජයසුන්දර නොමිනේටඩ් ෆෝර් අයිජීපී". Frontpage.lk. සම්ප්‍රවේශය 2016-04-23.
  3. "එස්ඩීඅයිජී පූජිත් ජයසුන්දර ඉෆ් අයි වර්... ::: ඩේලිමිරර්.එල්කේ ::: බ්‍රීකින් නිව්ස්". ඩේලිමිරර්.එල්කේ. සම්ප්‍රවේශය 2016-04-23.
පොලිස් තනතුරු
පූර්වප්‍රාප්තිකයා
එන්. කේ. ඉලංගකෝන්
ශ්‍රී ලංකා පොලිස් පරික්ෂක ජෙනරාල්වරයා
2016–වර්ථමානය
අනුප්‍රාප්තික
"https://si.wikipedia.org/w/index.php?title=පූජිත්_ජයසුන්දර&oldid=388258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි