පියවරුන්ගේ දිනය
පෙනුම
| පියවරුන්ගේ දිනය | |
|---|---|
| සමරනු ලබන්නේ | බොහෝ රටවල් |
| වර්ගය | වාණිජ |
| වැදගත්කම | පියවරුන්ට සහ පිතෘත්වයට ප්‍රණාමය පුද කිරීම |
| දිනය | ජූනි මස තුන්වන ඉරුදින (බොහෝ රටවල්); අනෙකුත් රටවලදී අනෙකුත් දිනයන් |
| Related to | මවුවරුන්ගේ දිනය, දෙමව්පියන්ගේ දිනය, දරුවන්ගේ දිනය, ආච්චි/සීයා වරුන්ගේ දිනය |
පියවරුන්ගේ දිනය යනු, පියවරුන්ට තෑගි දීම, ප්‍රණාමය පුද කිරීම සහ පිතෘත්වය, දෙමව්පිය බැඳීම්, සහ සමාජය වෙත පියවරුන්ගේ ආභාෂය අගැයීම ආදී දේ සඳහා වන උත්සවයකි. මූලිකවම වාණිජ දිනයක් වන මෙය බෝහෝ රටවල නිල දිනයක් නොවේ. සමහර දරැවන් පිය වරැන්ව නොසලකා හරි. වැඩිහිටි නිවාස පිරි ඇත්තේ මෙම හේතුව නිසාය . අපි මෙම දිනය සමරන්නේ ජුනි 19 වන දිනයේය. [1]
දිනය
[සංස්කරණය]බොහෝ රටවල් විසින් මෙය ජූනි මස තුන්වන ඉරුදිනයේදී මෙය සැමරෙන අතර, වෙනත් දිනයන්හිදී බහුල ලෙසින් සැමරෙයි.
පියවරුන්ගේ දිනය නිමැවුනේ, මවුවරුන් සහ මාතෘත්වයට ප්‍රණාමය පුද කරුනු වස් සැමරෙන උත්සවයක් වන 'මවුවරුන්ගේ දිනයට පරිපූරක වශයෙනි.
ජාත්‍යන්තර ඉතිහාසය සහ සම්ප්‍රදායයන්
[සංස්කරණය]තායිලන්තයේ, රජතුමාගේ උපන්දිනය පියවරුන්ගේ දිනය ලෙසින් භාවිතා වෙයි.[2] වර්තමාන රජු වන, භූමිබෝල් අදුල්‍යදේජ් රජතුමාගේ (නවවන රාමා) උපන්දිනය දෙසැම්බර් 5 දිනට යෙදී ඇත.