පික්සාර්

විකිපීඩියා වෙතින්
පික්සාර්
වර්ගයවෝල්ට් ඩිස්නි චලන රූප කණ්ඩායමේ උප ආයතනයකි.
කර්මාන්තය
නිෂ්පාදිතයන්
මූලකාරක
වෙබ්අඩවියpixar.com

පික්සාර් යනු එමරිවිල්, කැලිෆෝනියා, එක්සත් ජනපදය හි පදනම් වූ ඇමරිකානු පරිගණක සජීවීකරණ චිත්‍රාගාරයක් වන අතර එය එහි අටවන ඇකඩමි සම්මාන සඳහා වඩාත් අවධානයට බඳුන් විය. එය එහි ටෝයිස්ටෝරි, ෆයින්ඩින්ග් නීමෝ හා රටටොයුයිල් ඇතුළත්ව CGI සජීවීකරණය කරන ලද චිත්‍රපට සඳහා ඉතාමත් සුප්‍රසිද්ධ වේ.එම චිත්‍රපටි නිර්මාණය කර ඇත්තේ උසස් තත්ව රූප නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා කර්මාන්ත සම්මත රෙන්ඩමෑන් රූප විදැහුම් API හි එහිම දියුණු කිරීමක් වූ ෆොටෝ රියලිස්ටික් රෙන්ඩමෑන් මගිනි.

වෝල්ඩිස්නි සමාගම 2006 දී එහි වැඩි කොටස් හිමිකරුවෙකු වූ ස්ටීව් ජොබ්ස්ගෙන් පික්සාර් මිළට ගනු ලැබීය. ස්ටීවු ජොබ්ස් විසින් ඊට පෙර දී ගනු ලැබූවේ ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක සියලු කොටස් වෙළඳාමක් හරහා ලූකස්ෆිල් ගෙනි.

ඉතිහාසය[සංස්කරණය]

1979 දි පිහිටුවන ලද ලුකස් පිල්ම් ආයතනයේ පරිගණක අංශයේ කොටසක් ලෙස "පික්සර්" ආරම්භ විය. එය ලුකස් පිල්ම් හි රෑපක පිළිබද අංශයක් විය. නිව්යෝක් තාක්ෂණය ආයතනයේ (New York Institute of Technology) ආචාර්ය වඩ් කැට්මල් (Dr Ed. Catmull) ගේ සහාය මේ සදහා උපයෝගි කර ගන්නා ලදි. ‍එම ආයතනයේ පර්යේෂකයන් විසින් නිපදවන ලද පර්යේෂණාත්මක මට්ටමේ චිත්‍රපටයක් වු "ද වර්ක්" (The works) හි එකල ඔවුහු යෙදි සිටියහ. පර්යේෂක කණ්ඩායම ලුකස් පිල්ම් ආයතනයට සම්බන්ධ වන විට "චලන විශේෂඥ" ලෙස හදුන්වන Render Man හි මුල් අවස්ථාවේ කටයුතුකරමින් සිටියහ. පරිගණක සජීවිකරණය පිළිබද අවම පුහුණවක් පමණක් එමගින් ලබා තිබිණ. අවසානයේදී මෙම කණ්ඩායමට චිත්‍රපට පෙළක ක්‍රියාදාමයක් සදහා දායක විමට හා විශේෂ බලපෑමක් කිරිමට අවස්ථාව ලැබිණ. Star Trek I, The wrath of Khan, Young Selock Holmes යන චිත්‍රපටවල වසර කිහිපයක තුළ පර්යේෂණ වලින් පසු 1986 දි මෙම කණ්ඩායම Steve Jobs විසින් මලට ගන්නා ලදී. එවකට ඔහු ඇපල් පරිගණසමාගම අත්හැර පැමිණි ටික කලක් ගත වු පමණි ඇපල් පරිගණග සමාගමට ඔහු Steve Wozniak සමග එක්ව පිහිටුවන ලද සමාගමක් විය. ඔහු විසින් ඩොලර් මිලියන 5 ක් ජෝර්ජ් ලුකස් වෙන ගෙවන ලද අතර ඩොලර් මිලියන 5 ක් (5) ප්‍රාග්ධනය පෙසද සමාගම වෙත යොදවන ලදි. මෙම සමාගම් පරිගණක අංශය Pixar යනු ස්පාඤ්ඤ භාෂාවෙන් "රෑප සාදන්නා" යන අදහස දෙන්නකි. රෑපක හි Pixel යන වචනය මින් බිදි ආවකි. බහත ආයතනය විකිණිමට‍තවත් සාධකයක් වුයේ 1983 දි ලුකස් ගේ වෙන්විම නිසා සිදු වු මුදල් ගලාඒමේ පරිහානියයි මෙම වෙන්විම නිසා "Return of the Jedi" හා Howord the Duck යන Star Wars බලපත්‍රය යටතේ නිපදවන ලද චිත්‍රපට වලින් ලද ආදායමද ක්ෂනිකවම බිද වැටුනි. අළුනින් පිහිටුවන ලද ස්වාධීන සමාගමේ අධ්‍යක්ෂ හා විධායක සහාය සභාපති ලෙස ආචාර්ය එඩ්වින් කැට්මුල් ද ආචාර්ය අල්වි රේ ස්මිත් සභාපති හා ප්‍රධාන විධායක ලෙසද, Pixer ආයතනයේ මුල් තනතුරැ වලට පත් වුහ. ආරම්භයේදි Pixar ආයතනය පරිගණක මුදෘකංග (Computer Hardware) සමාගමක් ලෙස ක්‍රියාත්මක විය. එහි ප්‍රධාන නිෂ්පාදනයේ වුයේ Pixar Image Computer නම් පරිගණකයයි. මෙම පරිගණක පද්ධතින් රජයේ ආයතන වලට හා සෞඛ්‍ය වෛද්‍ය ආයතන වලට අලෙවි කරන ලදී. මිලදී ගත්තන් අතර Disney Studios සමාගම ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ලදී. ඔවුන් විසින් එම පරිගණකයන් CAPS ව්‍යාපෘතිය සදහා භාවිතා කරන ලදි එය එම ව්‍යාපෘතියේ 2 D සජීවිකරණ ක්‍රියාවලින් සදහා වඩා කාර්යක්ෂම ක්‍රමයක් විය. Pixar පරිගණකය හොදින් අලෙවි නොවින එබැවින් මෙම ආයතන යේ ආදාර්ශනය තුළ අයකු ජෝන් ලැසටර් (Hohn Lasseter) විසින් එම පරිගණකයේ හැකියවන් ප්‍රදර්ශනය කරන ලද්දෙ ඊට ප්‍රතිකර්මයක් ලෙසය. Luxo Jr වැඩ සටහන මීට උදාහරණයකි.

Pixar පරිගණක වල අලෙවි පහළ බැසීම එම ආයතනයේ ව්‍යාපාර තර්ජනයට ලක් කල කරැණක් විය. John Lasserter ගේ සජීවිකරණ දෙපාර්තමේන්තුව අනෙකුත් පරිගණක සමගම් සදහා සජිවිකරණ වෙළද වැඩ සටහන් නිෂ්පාදනය කර අලෙවි කරන්නට විය එමගින් සර්ථකත්වය ලත් සංවිධාන ලෙස Tropicana, හා Listerine Life saver ඉදිරිපත් කල හැක. මේ කාලයේදී Pixar ආවයතනය වෝල්ට් ඩිස්හි සජිවිකරණ චිත්‍රගාරය (Walt Disney feature Animation) සමග සබදතා පවත්වා ගන්නා ලදි. එම ආයනය ඔවුන්ගේ ප්‍රධා නතම වැදගත්ම කොටස්කරැවෙකු බවට පත්විය. 1991 වන විට Pixer ආයතනයේ පරිගණක දෙපාර්තමේන්තුව Disney විද්‍යාගාරය සමග ඩොලර් මිලියන 26 ක ගිවිසුමක් ඇතිකරගත්තේ පරිගණක සජීවිකරණ චිත්‍රපට 3 ක් නිෂ්පාදනය සදහා එහි පළමු වැන්න "Toy Story" නම් විය 1995 දෙසැම්බර් 9 වන දින Pixer අයතනය නැවත සංස්ථාගත කරන ලදි.

පික්සාර් (Pixar) - ඩිස්නි සමාගම් විසින් මිළට ගන්නා ලදී[සංස්කරණය]

ඩිස්නි සමාගම 2006 ජනවාරි 24 වනදා ප්‍රකාශ ක‍ළේ ඔවුන් විසින් සියළු කොටස් ගිවිසුමක දී දළ වශයෙන් ඩොලර් බිලියන 7.4කට පික්සාර් මිළඳී ගැනීමට එකඟ වූ බවයි. පික්සාර් කොටස් හිමියන්ගේ අනුමැතියෙන් පසුව පවරා ගැනීම 2006 මැයි 5 වනදා සම්පූර්ණ විය. මෙම ගණුදෙනුව මඟින් පික්සාර්හි කොටස්වලින් 50.1%කින් ස්ටීව් ජොබ්ස් 7%ක කොටස් සමඟ ඩිස්නි සමාගමේ විශාලතම කොටස් ප්‍රමාණයක් හිමි තනි පුද්ගලයා බවට පත් වුණු අතර එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ නව තනතුරක් ද හිමි විය. ජොබ්ස්ගේ නව ඩිස්නි කොටස් හිමිකම් එහි හිටපු ප්‍රධාන විධායක සංවිධායක වූ මයිකල් එයිස්නර්ගේ 1.7%ක් වූ දැනටත් පවතින කොටස් ප්‍රමාණය හා ඩිස්නි කළමණාකාර රෝයි ඊ. ඩිස්නිගේ 1%ක් වූ සමාගමේ කොටස් ප්‍රමාණය ද අභිබවන ලදී. රෝයි ඩිස්නිගේ එයිස්නර් විවේචනයට නොරුස්සන පික්සාර් සබඳතාවය හා ඉක්මනින් සිදු වූ එයිස්නර්ගේ ‍සේවයෙන් පහ කිරීම ඇතුළත් විය.

ගිවි‍සුමෙහි කොටසක් ලෙස පික්සාර් විධායක උප සභාපති හා සම ආරම්භකයා වන ලෙස්ටර්, ඩිස්නි හා පික්සාර් සජීවීකරණ චිත්‍රාගාරවල ප්‍රධාන නිර්මාණ නිළධාරියා (සභාපති හා CEO වන රොබට් අයිගර්ට වාර්තා කරන හා ඩිස්නි කළමණාකාර රෝයි ඩිස්නි සමඟ උපදෙස් ලබා ගන්නා) මෙන්ම සමාගමෙහි තේමා උද්‍යාන සැලසුම්කිරීම සිදු කරන Walt Disney Imagineering ආයත‍නයේ ප්‍රධාන නිර්මාණ උපදේශකයා ද විය. පික්සාර්හි අධිපති වූ කැට්මුල් ඔහුගේ ස්ථානය එලෙසම තබාගත් අතර ඔහුට ඩිස්නි චිත්‍රාගාරවල අධිපතිත්වය ද හිමි වූයේ බොබ් ඉගර්ට හා Walt Disney Studio Entertainment ආයතනයේ සභාපති ඩික් කුක්ට වාර්තා කරමිනි. පික්සාර්හි සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී වූ ස්ටීව් ජොබ්ස්ගේ තනතුර ඉවත් කළ අතර ඒ වෙනුවට ඔහු ඩිස්නි අධ්‍යක්ෂක මණ්ඩලයේ තනතුරකට පත් කරන ලදී.

ලෙස්ටර් හා කැට්මුල්ගේ ඩිස්නි හා පික්සාර් චිත්‍රාගාරවල පාලනය විසින් චිත්‍රාගාර 2 මතුවෙමින් පවතින බව ප්‍රකාශ නොකළ නමුත් පික්සාර් වෙනමම ඒකකයක් ලෙස පවත්වා ගැනීම සඳහා ගිවිස‍ුමෙහි කොටසක් ලෙස අතිරේක කොන්දේසි පැනවීම සිදු කරන ලදී. මෙය විශ්ලේෂකයන් විසින් ඩිස්නි ගණුදෙණුව සැලකිල්ල දැක්වූ දෙයක් විය. මෙයින් කොන්දේසි සමහරක් වූයේ අඩු සේවක කොන්ත්‍රාත්තු ඇතුළුව පික්සාර් HR නීති වෙනස් වීමකින් තොරව පැවතිය යුතු බවයි. එමෙන්ම පික්සාර් නාමය අඛණ්ඩව පවතින බව තහවුරු කළ අතර එහි චිත්‍රාගාරය පික්සාර් සලකුණ සහිතව එය පිහිටි ස්ථානය වූ කැලිෆෝනියාවේ එමරි විල් ප්‍රදේශයේම පවතිනු ඇති බව ද තහවුරු කරන ලදී. අවසාන වශයෙන් පසුව මතු වූ සමාගමේ ‍නිපදවන ලද චිත්‍රපට “Disney∙Pixar” නාමය යටතේ එළි දක්වන ලදී.

වර්තමානයේ දී එඩ්වින් කැට්මුල් ඒකාබද්ධ කරන ලද ඩිස්නි පික්සාර් සජීවීකරණ චිත්‍රාගාරයේ අධිපති ලෙස කටයුතු කරන අතර ජෝන් ලෙස්ටර් ප්‍රධාන නිර්මාණ නිළධාරියා ලෙස කටයුතු කරයි. කැට්මුල් රොබට් ඉගර්ට මෙන්ම Walt Disney Studio ආයතනයේ සභාපති ඩික් හුක්ට වාර්තා කිරීම සිදු කරයි. සියළු නව චිත්‍රපට මත කොළ ආලෝකයේ අධිකාරිය ඇති ලෙස්ටර් ඉගර්ට වාර්තා කරනවා මෙන්ම රෝයි ඊ. ඩිස්නි සමඟ උපදෙස් ගැනීම සිදු කරයි.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පික්සාර්&oldid=382694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි