පැතුම් නිස්සංක

විකිපීඩියා වෙතින්
Pathum Nissanka
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමPathum Nissanka Silva
උපත18 මැයි 1998 (1998-05-18) (වයස 25)
Galle, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
භූමිකාවBatsman
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2017–2018Badureliya
2019–presentNondescripts Cricket Club
2021Colombo Stars
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test ODI T20I FC
තරග 9 17 36 40
රැස් කල ලකුණු 537 454 1,015 3,939
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 38.36 26.71 30.76 63.53
100ඒවා/50ඒවා 1/5 1/3 0/9 14/18
වැඩිම ලකුණු 103 137 75 217
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 3/– 5/– 9/– 20/–
මූලාශ්‍රය: Cricinfo, 5 November 2022

පැතුම් නිස්සංක සිල්වා යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. [1] ඔහු 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසි අතර දැනට ස්ථිර ආරම්භක පිතිකරුවා ලෙස ස්ථාවර වී ඇත. [2]

මුල් සහ ගෘහස්ථ වෘත්තිය[සංස්කරණය]

පැතුම් නිශ්ශංක 1998 මැයි 18 වන දින ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා සුනිල් සිල්වා ග්‍රවුන්ඩ් බෝයි ලෙස සේවය කළ අතර ඔහුගේ ආදායම අඩු විය. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණුවා. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය. [3] ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ කළුතර විද්‍යාලයෙන් . [4] ඔහු පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී කොළඹ කෝල්ට්ස් පිටියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක් (205) රැස් කළේය. [5] ඔහු 2017 මාර්තු 17 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරඟයට පිවිසියේය [6] ඔහු 2018 පෙබරවාරි [7] වන දින 2017-18 SLC විස්සයි20 තරඟාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.

  1. Fernando, Andrew Fidel (17 July 2021). "Five lesser-known Sri Lanka players who can make a difference against India". ESPNcricinfo. ESPN Inc. සම්ප්‍රවේශය 28 November 2022.
  2. "Pathum Nissanka". ESPNcricinfo. ESPN Inc. සම්ප්‍රවේශය 28 November 2022.
  3. "SPORTSPathum Nissanka story brings tears to your eyes". The Island. 26 March 2021. සම්ප්‍රවේශය 28 November 2022.
  4. Weerasinghe, Damith (15 September 2016). "U19 Schools' Cricketer of the Week – Pathum Nissanka". The Papare. සම්ප්‍රවේශය 28 November 2022.
  5. Thawfeeq, Sa'adi (18 January 2019). "Pathum Nissanka can be our next Test opener says coach Avishka Gunawardene:". Daily News. සම්ප්‍රවේශය 28 November 2022.
  6. "Districts One Day Tournament, Southern Group: Matara District v Hambantota District at Colombo (Bloomfield), Mar 17, 2017". ESPNcricinfo. ESPN Inc. 17 March 2017. සම්ප්‍රවේශය 28 November 2022.
  7. "Group D, SLC Twenty-20 Tournament at Katunayake, Feb 24 2018". ESPNcricinfo. ESPN Inc. 24 February 2018. සම්ප්‍රවේශය 28 November 2022.
"https://si.wikipedia.org/w/index.php?title=පැතුම්_නිස්සංක&oldid=533715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි