පාස්කු ඉරිදා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
පාස්කුව
Alonso López de Herrera - The Resurrection of Christ - Google Art Project.jpg
ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබඳ 16 වන සියවස ඇඳි ස්පාඤ්ඤ සිතුවමකි (ක්‍රිස්තියානි කලාව තුළ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය)
Typeක්‍රිස්තියානි, සංස්කෘතික
Significanceජේසුස් වහන්සේගේ උත්ථානය සැමරීම
CelebrationsChurch services, festive family meals, Easter egg decoration, and gift-giving
Observancesයාච්ඤා, all-night vigil, sunrise service
2020 date12 අප්‍රේල් (බටහිර)
19 අප්‍රේල් (පෙරදිග)
2021 date4 අප්‍රේල් (බටහිර)
2 මැයි (පෙරදිග)
2022 date17 අප්‍රේල් (බටහිර)
24 අප්‍රේල් (පෙරදිග)
Related toඋපරිගමන් මංගල්‍යය, of which it is regarded the Christian equivalent; Septuagesima, Sexagesima, Quinquagesima, Shrove Tuesday, Ash Wednesday, Clean Monday, Lent, Great Lent, Palm Sunday, Holy Week, Maundy Thursday, Good Friday, and Holy Saturday which lead up to Easter; and Thomas Sunday, Ascension, Pentecost, Trinity Sunday, and Corpus Christi which follow it.
 බොහෝ දෙනා සිතා සිටින්නේ නත්තල යනු ක්‍රිස්තියානි බැතිමතුන්ගේ වැදගත්ම උත්සවය බවයි. එනමුත් එය එසේ නොවේ. කිතුනු බැතිමතුන්ගේ වැදගත්ම උත්සවය වන්නේ පාස්කු උත්සවයයි. පාස්කු උත්සවයට පෙර කිතුනුවන් මහා බ්‍රහස්පතින්දා හා මහා සිකුරාදා සමරනු ලැබේ. පාස්කුවේදී කිතුනුවන් සමරන්නේ ජේසිස්වහන්සේ මරණයෙන් උත්තාන වීමයි.

පාස්කු දිනය හෙවත් ඊස්ටර් (Easter) ලෙස ලෝක ජනගහනයෙන් 1/3ක් සමරති. එහෙත් අප දන්නා ඉතිහාසය තුළ දේවාස්තානයකට නොගොස් නිවසේ සිට පාස්කුව සැමරීමට කොවිඩ් 19 නිසා කිතුනුවාට සිදුවිය. පාස්කු ඉරුදින යනු කිතුනු අපගේ නමස්කාරයේ උච්චතම අවස්ථාවක් වන යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වීම සමරන්නේය. එහෙත් අප සමරන්නේ සැබෑ පාස්කුවම ද?

“පාස්කුව” යන වචනය හැදුනේ පැරණි ගිවිසුමේ සදහන් යුදෙව්වන් ඊජීප්තුවේ වහල් බවින් නිදහස් වී සිය පොරොන්දු දේශය බලා නික්මුණු (පසුකර යාම -Passover) යන සිදුවීම පදනම් කරගෙනය.  මෙම උත්සවය හීබෘ භාෂාවෙන් පේසක් (Pesach) ලෙසයි නම් කරන්නේ. මෙය (passover) ලතින් සහ ග්‍රීක් භාෂාවන්හි හැඳින්වුනේ පාස්කා (Pascha) හෝ පාස්ක් (Pasch) නමින්. මෙම ලතින් වචනය පෘතුගීසි භාෂාවෙන් පාස්කොආ (Páscoa) ලෙස භාවිතාවිය. ඉන් පාස්කුව යන යෙදුම අපට උරුම කර දී ඇත.

පාස්කුව යුදෙව්වන්ගේ පළමු මස එනම් නිසාන් මසට යෙදී තිබුණේය. යුදෙව් ලිතද චන්ද්‍ර මාස වලින් සෑදී ඇති අතර නව සද පුන් පොහොදිනට පසු එළඹෙන ඉරුදින පාස්කු ඉරිදා වන්නේය. මේ නිසා මාර්තු 21 සිට අප්‍රියෙල් මස 25 අතර ඕනෑම ඉරිදාවකට වැටිය හැකියි.

ඕණෑම අලුත් ධර්මයක් පවතින සංස්කෘතිය තුළ මාංශවත් වෙමින් වැඩෙන්නේය. මෙම තත්ත්වය එම ධර්මයේ පැවැත්මට හා හරයට යහපත් හා අයහපත් බලපෑම් ඇති කරයි. එම සංසිද්ධිය කිතුනු දහම තුළ ද දැකිය හැකි අතර විශේෂයෙන් පාස්කුව වටා බොහෝ චාරිත්‍රවාරිත්‍ර එක්වී ඇත.  

1. පාස්කුව හැඳින්වීමට ඉංග්‍රීසියෙන් භාවිතාවන්නේ ඊස්ටර් (easter) යන්නයි. ඊස්ටර් වචනයෙහි මූලාශ්‍රය පිලිබදව මත කීපයක් ඇත. එක මතයක් වන්නේ, බොහෝ සභාවන් වතුර බෞතීස්මය පවත්වා ඇත්තේ පාස්කු සෙනසුරාදාය (ශුද්ධ සෙනසුරාදා). එම බෞතීස්මය ලත් අය පාස්කු ඉරුදින සුදු වතින් සැරසී සිටීම නිසා ලතින් භාෂාවෙන් ධවල සතිය ලෙස හදුන්වා ඇත. එහිදී hebdomada alba යන්න යන පදය භාවිතා වී ඇති අතර esostarum ලෙස ජර්මන් භාෂාවට එක්වී ඊස්ටර් ලෙස විකාශනය වූ බවයි.

දෙවැනි මතය වන්නේ, වසන්තයට සහ සශ්‍රීකත්වයට අධිපති ජර්මන් දෙවඟන වූ Ēostre ට ගෞරව කරමින් Eostur-monath හෙවත් අප්‍රියෙල් මාසයේ පැවැත්වූ උත්සව වෙනුවට ක්‍රිස්තියානියේ පාස්කුව පැවැත්වූ බවය. ඒ අනුව ඊස්ටර් යන්න Ēostre යන ජර්මන් දෙවඟනගේ නමින් බිඳී ආවක් සේ සැලකිය හැකියි. Ēostre ඔස්ටාරා, ඊස්ටාරා, අෂ්ටාරා, අෂේරා ලෙස පරිවර්ථනය වන බව සළකන්න.

2. පාස්කුවත් සමඟ බැඳි නොයෙක් සම්ප්‍රදායන් විවිධ රටවල දැකිය හැකිය. ඒ අතර ඉංග්‍රීසිය රටවල්වල ඇති සම්ප්‍රදායක් වන්නේ පාස්කු සෙනසුරාදා පාස්කු බිත්තර (easter eggs) ලෙස නම් කරන බිත්තර වර්ණගැන්වීම සහ ඒවා තැන්-තැන්වල සඟවා පාස්කු දින සොයාගැනීමයි. පාස්කුවට පෙර බිත්තර කෑම ඔවුන්ට අකැපය. ඔවුන් බොහෝ දෙනෙක් චතාරික සමයේ මස් මාලු බිත්තර අනුභව නොකරති. මේ නිසා කුඩා දරුවන් ඒ බිත්තර ඉතා උනන්දුවෙන් එකතු කරන්නෝය. අද ෙමම ඊස්ටර් බිත්තර චොකලට් බිත්තර ලෙසට ප්‍රංශය හා ජර්මනිය විසින් එකතු කළේය. තවද සැටින් රෙදි වලින් ආවරණය කළ කාඩ්බෝඩ් බිත්තර තුළ පාස්කු තෑගි තැන්පත් කිරීම වික්ටෝරියානුවන් විසින් එක් කර ඇත.


තවද  කුඩා දරුවන්ට පවසන්නේ ඒ බිත්තර තැන් තැන්වල සඟවන්නේ පාස්කු හාවා (easter bunny) බවයි. හාවන් බොහෝ පැටවුන් බිහිකරනීය. ඒ නිසාම හාවා අතීතයේ (මිත්‍යාදෘෂ්ටික) දේව වන්දනාවේදී (ලිංගික) සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස යොදා ගෙන ඇත. ඊස්ටාරා සශ්‍රීකත්වයේ දෙවඟනට ගෞරව කිරීමේ උත්සවවලදී හාවා සංකේතාත්මකව යොදාගෙන ඇත.  එලෙසම බිත්තරය අතීතයේදී සිටම නව ජීවය සංකේතාත්මකව පෙන්වීමට ද යොදාගෙන ඇත. තවද යුක්‍රේනියානු ජන කතාවකට අනුව එක්තරා රාක්ෂයෙක් ලෝකය ගිල ගැනීමට බලාසිට ඇත. එම රාක්ෂයා බැඳ ඇති යදම් වලින් නිදහස් වීමට නිරතුරුව උත්සාහ දරා ඇත. සෑම වසන්ත ඍතුවකදීම මෙම යදම් නැවත ශක්තිමත් කරන්නේ එම අවුරුද්දේ හුවමාරු කරගන්නා බිත්තර ගණනට අනුවය. මේ නිසා පාස්කු සමයේ වඩ වඩාත් පාස්කු බිත්තර එකතු කිරීම ආශිර්වාදයක් යන පදනම සෑදී ඇත.

මොහොතක් සිතන්න. පැරණි ගිවිසුමේ එන කානානීය ආගම් වල තිබුණු සශ්‍රීකත්වයේ හා ලිංගිකත්වයේ දෙවගන වන අෙෂ්රා වෙනත් ආගම් වල ඒ ආකල්පයෙන්ම වන්දනාමාන කළ ඔස්ටරා (ඊස්ටරා) යන දෙවගනගේ උත්සවයක් ලෙසට පාස්කු දින වත්පිළිවෙත් සැමරීම තුළ යේසුස් වහන්සේගේ උත්ථානය සමරීම යුතුද? නැද්ද? මාංශවත්වීමක් යැයි පැවසීම සුදුසු ද? නැද්ද? එහි තීරණය ඔබ සතුය.

1. http://en.wikipedia.org/wiki/Easter

2. http://www.history.com/topics/history-of-easter

3. http://www.history.com/topics/easter-symbols

"https://si.wikipedia.org/w/index.php?title=පාස්කු_ඉරිදා&oldid=450109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි