පාතිමාවේ අප ස්වාමිදූ

විකිපීඩියා වෙතින්
පාතිමාවෙ අප ස්වාමිදූ
පාතිමාවේ ශුද්ධවූ ජපමාලයේ අප ස්වාමිදූ
දර්ශනයේ දේවස්ථානය තුළ තැන්පත් කර ඇති කැනොනිකල් ඔටුන්න හිමි දේවමාතා රූපය
Locationපාතිමා, පෘතුගාලය
Date1917 මැයි 13 සිට ඔක්තෝබර් 13 දක්වා
Witness
  • ලුසියා දොස් සන්තොස්; ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තා මාර්තෝ
Typeදේවමාතා දර්ශනය
Approval
  • 1930 ඔක්තෝබර් 13: හොසේ අල්වේස් කොරයා ද සිල්වා, ලිරියාවේ රදගුරු[1][2]
  • 1946 අප්‍රේල් 25: Pope Pius XII ගේ පොන්ටිෆිකල් නියෝගය අනුව ඔටුනු පලන්දන ලදී
Shrineපාතිමාවේ අප ස්වාමිදූගේ අභයභූමිය, කොවා ද ඉරියා, පාතිමා, පෘතුගාලය
Patronage
  • ලිරියා-පාතිමා පදවිය
  • නැගෙනහිර තිමෝරය
Feast dayමැයි 13

පාතිමාවේ අප ස්වාමිදූ(පෘතුගීසි: Nossa Senhora de Fátima, උච්චාරණය: [ˈnɔsɐ sɨˈɲɔɾɐ dɨ ˈfatimɐ]); විධිමත් ලෙස හඳුන්වනු ලබන්නේ පාතිමාවේ ශුද්ධවූ ජපමාලයේ අප ස්වාමිදූ) යනු පෘතුගාලයේ පාතිමා හි කෝවා ද ඉරියා හි එඬේර දරුවන් තිදෙනෙකු විසින් 1917 දී වාර්තා කරන ලද දේවමාතා දර්ශනයක් මත පදනම් වූ ජේසුගේ මව වන මරියාගේ කතෝලික නාමයකි. දරුවන් තිදෙනා වූයේ ලුසියා දොස් සන්තොස්, ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තා මාර්තෝ ය. 1930 ඔක්තෝම්බර් 13 වන දින ලෙයිරියා හි රදගුරු හොසේ අල්වේස් කොරයා ද සිල්වා විසින් මෙම සිදුවීම් විශ්වාස කිරීමට සුදුසු බව ප්‍රකාශ කළේය.[3]

දොලොස්වන පියුස් පාප් වහන්සේ 1946 අප්‍රේල් 25 වන දින "පේපල් බුල්"(Celeberrima solemnia) මාර්ගයෙන් කැනොනිකල් රාජාභිෂේකය පිළිබඳ පාප්තුමාගේ ආඥාවක් ප්‍රදානය කරන ලදී. නම් කරන ලද පාප්තුමාගේ ලෙගට්, කාදිනල් බෙනඩෙටෝ ඇලෝසි මසෙල්ලා විසින් 1946 මැයි 13 වන දින රාජාභිෂේකය සිදු කරන ලදී. මෙම ප්‍රතිමාව දැන් ස්ථිරවම දර්ශනයේ දේවස්ථානය තුළ තැම්පත් කර ඇත. දොලොස්වන පියුස් පාප්තුමා 1954 නොවැම්බර් 11 දින "Luce superna" අපෝස්තලික ලිපියක් මගින් පාතිමා අභයභූමිය සුළු බැසිලිකාවක් බවට පත් කළේය.

1930 ගණන්වල ප්‍රකාශයට පත් කරන ලද ලුසියා සහෝදරියගේ මතක සටහන් වලින් ඇය පවසන රහස් තුනක් කන්‍යා මරිය තුමියගෙන් ලැබුණු බව ප්‍රකාශ කළ අතර තුන්වන රහස 1960 දී කතෝලික සභාව විසින් හෙළි කිරීමට නියමිතව තිබුණි. රහස්, අනාවැකි සහ Eschatological හෙළිදරව් කිරීම් දෙවන ලෝක යුද්ධයට හා අනාගතයේ තවත් ගෝලීය යුද්ධවලට සම්බන්ධ යැයි කියනු ලබන අතර විශේෂයෙන් මරියතිමියගේ නිර්මල හෘදය වෙත රුසියාව කැප කරන ලෙස කන්‍යාවගේ ඉල්ලීමද ඇතුලත් විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Approval by the Bishop (1930)". The Fatima Center. සම්ප්‍රවේශය 2019-10-10. [W]e hereby: 1. Declare worthy of belief, the visions of the shepherd children in the Cova da Iria, parish of Fatima, in this diocese, from the 13th May to 13th October, 1917. 2. Permit officially the cult of Our Lady of Fatima.
  2. "Lúcia dos Santos". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 2019-10-10. After years of investigation, the veneration of Our Lady of Fátima was authorized by the bishop of Leiria, Portugal, on October 13, 1930.
  3. "Results of the Investigative Commission". October 1930. සම්ප්‍රවේශය 3 June 2017.
"https://si.wikipedia.org/w/index.php?title=පාතිමාවේ_අප_ස්වාමිදූ&oldid=523399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි