Jump to content

පාණ්ඩ්‍ය සිවිල් යුද්ධය (1169–1177)

විකිපීඩියා වෙතින්
සිංහල හමුදාව දකුණු ඉන්දියාවේ දී

පාණ්ඩ්‍ය සිවිල් යුද්ධය යනු කි.ව. 1169 සිටැ 1177 දක්වා පඬි, සොලී හා සිංහල හමුදාවන් අතරැ වූ යුදයෙකි. පරක්‍රම පාණ්ඩ්‍යන් හා ඔහු බෑණා වූ කුලසේකර පාණ්ඩ්‍යන් හා අතරැ සිවිල් යුද්ධය ඇරැඹුණු අතර එය අනුප්‍රාප්තික පඬි රජුන් අතරැ ඊළඟ වසර 15(8?) පුරා පැවතිණි. දෙවෙනි රාජාධිරාජ සොලී රජ හා මහ පැරැකුම්බා සිංහල රජ සටනට අවතීර්ණ වූ අතර, පාණ්ඩ්‍ය රාජධානියේ ඔවුන්ගේ බලපෑම වැඩි කිරීමට උනන්දුවෙන් ගැටුමේ පිළිවිරුදු පාර්ශ්වයන් ගත් විටැ යුදය කෙමෙන් දකුණු ඉන්දියාවේ සෙසු පෙදෙස්වලට පැතිරිණි.

1169 දී පමණ කුලසේකර මදුරෙයි වැටැලූයෙන්, පඬි රජ වූ පළමු වැනි පරාක්‍රම රජු එවක සිංහල රජ වූ මහ පැරැකුම්බා රජුගෙන් උදවු ඉල්ලූ නමුදු සිංහල හමුදාව මදුරෙයි වෙත ළඟා වීමට පෙර, පළමු වැනි පරාක්‍රම මරා, කුලසේකර පාණ්ඩ්‍යන් රජකමට පත් වී. කෙසේ වතදු, පරාක්‍රමගේ පුත්, තුන් වැනි වීර පාණ්ඩ්‍ය, සෙන්පති ලංකාපුර දණ්ඩනාථ ප්‍රමුඛ සිංහල හමුදාවන්ට පක්ෂ වී. සිංහල හමුදාව පාණ්ඩ්‍ය රාජධානිය ආක්‍රමණය කරන අතර කුලසේකර පාණ්ඩ්‍යන්ට පිටැවීමට සිදුවියැ.

යුද්ධයට පෙර[සංස්කරණය]

පාණ්ඩ්‍ය කිරුළට හිමිකම් කියමින් සිටි කුලසේකර පාණ්ඩ්‍යන් 1169 දී පාණ්ඩ්‍ය අගනුවර වූ මදුරෙයි වැටැලූ විටැ එවකට පාණ්ඩ්‍ය රජු වූ පළමු වැනි පරාක්‍රම පාණ්ඩ්‍යයන් එවකට සිංහල රජු වූ මහා පරාක්‍රමබාහුගෙන් හමුදා සහය ඉල්ලූ නමුදු ආක්‍රමණයක් සඳහා හමුදාවක් සංවිධානය කරන විටැ පමා වූ බැවින් පරාක්‍රම පාණ්ඩ්‍යන් පරදා පළමු වැනි කුලසේකර, කුලසේකර පාණ්ඩ්‍යන් ලෙස රජ වී යැ. එ සේ වුවත් පාණ්ඩ්‍ය රාජ්‍යය ආක්‍රමණය කර මදුරෙයි වටලා කුලසේකර බලයෙන් පහ කරන ලෙස මහ පැරැකුම්බා රජ ඔහු සෙන්පති ලංකාපුර දණ්ඩනාථට උපදෙස් දුනි.

සිංහල ප්‍රහාරය[සංස්කරණය]

කුලසේකර පාණ්ඩ්‍යයන් මේ ආක්‍රමණයට එරෙහිවැ දැඩි ප්‍රතිරෝධයක් දැක්වූ අතර හමුදා සහාය සඳහා එවකට සොලී රජු වූ දෙවෙනි රාජාධිරාජා වෙත ආයාචනා කළේය. රාජාධිරාජා විසින් එවි සේනාධිනායක පල්ලවරායර්ගේ නායකත්වයෙන් යුත් බලවත් සොලී හමුදාව හා සිංහල හමුදාව හා අතර කිලේනිලායේ (වත්මන් කිල්නිලෙයි ලෙසින් හඳුනාගෙන ඇත) හා පොන්නමරාවතීහි දී හා සටන් කිහිපයක් සිදු වියැ. සොලීන්ට අමතරවැ ඇතැම් කොංගු ප්‍රධානීන්ට ද කුලසේකර ආයාචනා කළේය. සොලී හමුදාව විසින් යොදවා තිබූ ආරක්‍ෂාව බිඳැදමමින් ලංකාපුර ප්‍රමුඛ සිංහල සේනාව මදුරෙයි වෙත ගොස් වීර පාණ්ඩ්‍යන් රජකමට පත් කිරීමත් සමඟ කුලසේකර මදුරෙයි නගරයෙන් පලා ගියේය.

සොලී ප්‍රහාරය[සංස්කරණය]

පසුවැ, දෙවන රාජාධිරාජා මෙයට ප්‍රතිචාර වශයෙන් සිංහල හමුදාවේ ලංකාපුර හා ජගත් විජය හා මරා දමා මදුරෙයි මාලිගයේ දොරටුවලැ හිස් එල්ලා තැබීමට නිශ්චිත උපදෙස් සහිත වැ ඔහු සෙන්පති තිරුචිත්‍රම්බලමුඩෙයියන් පෙරුමනම්බි සමඟ ප්‍රබල හමුදාවක් එවී යැ. මදුරෙයි ආක්‍රමණය කළ සොලී සේනාව ලංකාපුර හා ජගත් විජය හා මරා ඔවුනගේ හිස් මදුරෙයි මාලිගයේ දොරටුවලැ එල්ලූ හ.

යුද්ධයට පෙර (වමේ) හා පසු (දකුණේ) සොලී බල ප්‍රදේශය.

මේකත් බලන්න[සංස්කරණය]