Jump to content

සිංහලයන්ගේ පාණ්ඩ්‍ය ආක්‍රමණය

විකිපීඩියා වෙතින්

පළවෙනි සේන රජ දවස පාණ්ඩ්‍යයන් විසින් රජරටට කැරුණු ආක්‍රමණයන් නිසා සිදු වූ වනසට එරෙහි වැ දෙ වැනි සේන රජු විසින් කිතු වසින් 862 දී එවකට ශ්‍රීමාර ශ්‍රී වල්ලභ විසින් පාලනය කැරුණු පාණ්ඩ්‍ය අධිරාජ්‍යයේ අගනුවර වූ මදුරෙයි නගරය ආක්‍රමණය කැරැ ඒ අල්ලා ගැනිණි.

මහාවංශයට අනුවැ, මේ ආක්‍රමණය ශ්‍රී වල්ලභගේ මරණයත් කුට්ටක සෙන්පතියා විසින් දෙ වැනි වරගුණ කුමරු රාජාභිෂේක කිරීමත් සමඟ වූ සිංහල රජුගේ ජයග්‍රහණයෙන් අවසන් වියැ.

එ නමුදු පාණ්ඩ්‍ය මූලාශ්‍ර පවසනුයේ ආක්‍රමණය සාර්ථකවැ මැඩැපැවැත්වූ බවයි.