ප්‍රේමකීර්ති ද අල්විස්
ප්‍රේමකීර්ති ද අල්විස් | |
---|---|
උපත | සමරවීර මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස් 1947 ජුනි 3 |
මිය යාම | 31 July 1989 | (වයස 42)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | කොළඹ ආනන්ද විද්‍යාලය |
රැකියාව | නිවේදක,ගී පද රචක |
කලත්‍රයා(යන්) |
|
දරුවන් |
|
වෙබ් අඩවිය | www.premakeerthidealwis.com |
සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් (1947 ජූනි 3 - 1989 ජූලි 31), ප්‍රේමකීර්ති ද අල්විස් ලෙස ප්‍රචලිත, ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශකයෙක් සහ ගීත රචකයෙක් විය. ශ්‍රී ලාංකේය ගුවන්විදුලි රූපවාහිනී ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙන ඔහු 1987-89 ජවිපෙ කැරැල්ල අතරතුර වයස අවුරුදු 42 දී ඝාතනය විය.
පෙර අවධිය[සංස්කරණය]
ප්‍රේමකීර්ති ද අල්විස් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් 1947.06.03 දින සවස 6.30 ට කොළඹ ද සොයිසා මහ රෝහලේදී උපත ලැබුවේය. මොහුගේ මව මැස්ටියගේ අමරාදී ගුණතිලක සහ පියා සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් විය. මුල්ම පාසැල වුයේ මාලිගාකන්ද මහා විද්‍යාලයයි. 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් වී 6 වන ශ්‍රේණියට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය. එතැන් සිට උසස් පෙල දක්වා එහි අධ්‍යාපනය ලැබුවේය. මොහු සමාජ විද්‍යා පර්යේෂණ සඟරවේ උපදේශ සංස්කාරක, විද්‍යාලිය වාර්ෂික සඟරව වු ආනන්ද සඟරවේ සංස්කාරක,බෞද්ධ ශිෂ්‍ය සමිති සමිමේලනයේ ධමිම ජයන්ති සඟරවේ සම සංස්කාරක යන තනතුරු දැරුවේය. තවද “වෙර“ නැමති කෙටි චිත්‍රපටයේ තිරනාටක කෙටුමිපත සැකසීම. වයස අවුරුදු 10 සිට ගුවන්විදුලි ළමා වැඩසටහන් වලට සහභාගි විය. 1961 දී ළමා ශිල්පි පරීක්ශනයෙන් සමත් විය.1966 දී විකට වැඩසටහන් ශිල්පි පරීක්ශනයෙන් සමත් විය. 1967 දී සහන නිවේදකයෙකු ලෙස සිට 1971 දින ස්ථිර නිවේදකයකු ලෙස පත් විය. 1974 දී ස්ථිර වැඩසටහන් සම්පාදක වරයෙකු ලෙසද 1975 දි ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පත්විය.
ක්‍රියාන්විතය[සංස්කරණය]
රජරට,රුහුණ හා කඳුරට සේවයන්හිද වරින්වර සේවයට මාරු කරන ලදි. ජනප්‍රිය වු ගුවන් විදුලි වැඩසටහන් වන සොඳුරු සෙවන,ශනිදා සාදය වැඩසටහන්,සමිපත් සාදය,රත්න සභා මණ්ඩපය රූපවාහිනි ආරමිභයත් සමග එහි අඳුණ වැඩසටහනින්ද ළමා වැඩසටහන් රාශියකින්ද,සමිපත් රේඛා, ආයුබෝවන් වැඩසටහනින්ද ජනප්‍රිය විය. ගුවන් විදුලි,චිත්‍රපට හා රූපවාහිනි ගීත රචකයෙකු ලෙස,චිත්‍රපට සහය අධ්‍යකෂවරයෙකු ලෙස,චිත්‍රපට නළුවකු ලෙස විසිතුර පත්‍රයේ විශේෂාංග කතුවරයෙකු ලෙස සිළුමිණ,දිනමිණ,ලංකාදීප ආදී පුවත්පත් වලට නිබඳවම කවි ලිපි සැපයු ලේබයෙකු ලෙස හා වික්ටර් ගී රස හා දයා අල්විස් සමඟ “තනිවිය දෙදෙනකු මෙසේ“ නොසැලෙන් ඉන්ද්‍රකීලය සේ “අන්තිමයා“ හා “සිහින සතක්“ නිර්මාණ ග්‍රන්ථයන්ද ඔහු විසින් නිර්මාණ කරන ලදි.[1]
සම්මාන[සංස්කරණය]
- 1990 ස්වර්ණ සංක සම්මානය-
- හොඳම චිත්‍රපට ගීත රචනය - එචි.ඩී.ප්‍රේමරත්නගේ “සහරවේ සිහිනය“ චිත්‍රපට ගීතයට.
- 1998 හොඳම ගීත රචනා ග්‍රන්ථය වු සිහින සතක් රාජ්‍ය සාහිත්‍ය සමිමානය