පශ්චාත් නුතන සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අවධියේ පැවති යම් ප්‍රවණතා විස්තර කිරීමට පශ්චාත් නුතන සාහිත්‍යය යන පදය භාවිතා කෙරේ. එය නුතනවාදි ලේඛකයන්ගේ අත්හදා බැලීම් වල පැවැත්මක් ලෙසද, (එනම් විරුද්ධභාසය, ඛණ්ඩනීකරණය හා සැකමුසු කථකයන් ආදී ලක්ෂණයන්ගෙන් හෙබි) නුතන සාහිත්‍යයේ පැවති සම්බෝධි අදහස් වලට දුන් ප්‍රතිචාරයක් ලෙස ද හැඳින්විය හැක.


පශ්චාත් නුතන සාහිත්‍යය, පශ්චාත් නුතනවාදය මෙන්ම අර්ථ දැක්වීමට අපහසු විෂයයකි. එහි වැදගත්කම, විෂය ක්ෂේත්‍රය, නියම ගතිලක්ෂණ පිළිබඳව ද විධිමත් සම්මතයක් නැත. කෙසේ වුවද, ජෝන් ෆ්රැන්සිස් ලියෝටාඩ්, ජේකස් ඩෙරීඩා සහ ජෝන් බෝඩ්‍රිලාර්ඩ් යන කතුවරුන්ගේ සංකල්ප වල යම් යම් එකඟතාවයක් පවතී. උ‍දාහරණ ලෙස, නුතන සාහිත්‍යයේ පැවති 'ව්‍යාකූල ලොවක අර්ථ සෙවීම" යන තේමාව වෙනුවට පශ්චාත් නුතන සාහිත්‍යයේ එවැනි අර්ථයක් පැවතීමේ සම්භාවිතාව පිළිබඳ (බොහෝ විට හාස්‍යජනක ආකාරයකින්) විග්‍රහ කෙරේ.


මෙම මුළු යාන්ත්‍රණ කෙරෙහි වු අවිශ්වාසය, කතුවරයා තෙක්ම පැතිරෙන බැවින්, එම පශ්චාත් නුතන කතුවරු තම ශිල්ප පරයා 'ප්‍රස්තාව' පැසසුමට ලක් කරති. එසේම ඔවුන් ලේඛකයාගේ 'ඒක වාචික' පාලනය පහත හෙලීමට අභිප්‍රබන්ධ (met fiction) භාවිතා කරයි.


එලෙසම, පශ්චාත් නුතන ලේඛකයෝ සංග්‍රාහණුකරණයෙන්, බහු - සංස්කෘතික අංගයන්ගේ සංයෝජනයෙන් ‍(පෙර සාහිත්‍යයේ භාවිතා නොවුනු විෂයයන් හා ප්‍රභේදයන් ද සමඟ) පැවති උසස් හා පහත් සංස්කෘතික වෙනසට නිග්‍රහ කරන්නට වුහ.


පශ්චාත් නුතන කතුවරුන් සඳහා උදාහරණ ලෙස, විලියම් බරෝස් (1914-1997). කර්ට් වොන්ගට් (1992-2007), ජෝන් බාත් (1930), ඩොනල්ඩ් බාතෙල්මි (1931-1989), ඊ.එල්, ඩොක්ට්‍රෝව් (1931). රොබර්ට් කුවර් (1932), පර්සි කොසින්ස්කි (1933- 1991), දොන් ඩිලිලෝ (1936), තෝමස් පින්චන් (1937), ඉෂ්මයෙල් රීඩ් (1938), කැති ඇකර් (1947-1997), පෝල් ඔස්ටර් (1947) ආදීන් සඳහන් කළ හැකිය.


සටහන්[සංස්කරණය]

Postmodern literature