පරිසර විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(පරිසරවේදය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
පරිසර විද්‍යාව
Vegetation-no-legend.PNG
Blue Linckia Starfish.JPG Male lion on savanna.jpg
Hawk eating prey.jpgEuropean honey bee extracts nectar.jpg
ලෝක ව්‍යාප්තව පරිසරවිද්‍යාව විද්‍යාත්මකව පුහුණුව ලබන ප්‍රදේශ (ඉහළින්), සාමුද්‍රික සහ භූගෝලීය වාසභූමි අධ්‍යයනය(මැද),විලෝපි සතුන් සහ පරාගණය (පහළ).

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාඥයෙකු වන අර්නස්ට් හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තර කර නොමැත. මෙ විෂයට අදාළ පළමු වැදගත් ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිද විද්‍යාඥයෙකු වන Eugenius warming විසිනි. එබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ එතුමාවය.

පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.

බොහෝ පාරිසරික ගැටළු මිනිසාගේ ක්‍රියකරකම් හා සම්බන්ධවන බැවින් ආර්ථික විද්‍යාව නීතිය හා සමජ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම නිරන්තරයෙන් පරිසර විද්‍යාවේදී යොදාගැනේ.

පාරිසරික විද්‍යාව දේශගුණ විපර්යාස, සංරක්ෂණය, ජෛව විව්ධත්වය, ජලයේ ගුණාත්මකබව, භූගත ජල දූෂනය, පස දූෂණය වීම , ස්වභාවික සම්පත් භාවිතා කිරීම, කසළ කළමණාකරනය, තිරසාර සංවර්ධණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ආදී ගැටළු ගණනවක් ආවරණය කරයි.

විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත

පරිසරවේදයේ ප්‍රභේද[සංස්කරණය කරන්න]

පාරිසරික විද්‍යාඥයෙක් ජල නියැදි ලබා ගන්නා අයුරු

වායුගෝලීය විද්‍යාවන්[සංස්කරණය කරන්න]

පෘථිවියේ පිටත වායුමය ස්ථරය හා වෙනත් පද්ධති අතර ඈති අන්තර් සම්බන්ධතාව අවධාරණය කරන නව සංසිද්ධි විද්‍යාව අධ්‍යයනය කිරීමයි. වායුගෝලීය විද්‍යාවන්ට කාළගුණ විද්‍යාත්මක අධ්‍යයනයන්, හරිතාගාරවායු සංසිද්ධිය, වායු දූෂකවල වායුගෝලීය සංසරණය ආදර්ශනය, ශබ්ද දූෂණයට අදාළ හඩ ප්‍රචාරණ සංසිද්ධි සහ ආලෝක දූෂණය පවා ඇතුලත් වේ.උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම් වීමේ සංසිද්ධිය ගතහොත් භෞතික විද්‍යාඥයින් විaojnoihnbohibohboසින් වායුගෝලීය සංසරණය හා අධෝරක්ත කිරණ සම්ප්‍රේෂණය සඳහා පරිගණක අදර්ශණ නිර්මාණය කරයි,රසායන විද්‍යාඥයින් වයුගෝලයේ ඇති රසායන ද්‍රව්‍ය වට්ටෝරු හා ඒවායේ ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය කරයි. ජීව විද්‍යාඥයින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයට සතුන්ගෙ හා ශාකවල දායකත්වය පරීක්ෂා කරයි. කාළගුණ විද්‍යාඥයින් වායුගෝලීය ගති විද්‍යාව තේරුම් ගැනීමේදී අමතර පෘථුල බවක් එක්කරයි.

පරිසර විද්‍යාව[සංස්කරණය කරන්න]

එකිනෙකට සබෑඳි ගහන අතර හෝ ගහනයක් තුළ ගති විද්‍යාව දර්ශීය ලෙස විශ්ලේෂණය කිරීමයි.මෙම අධ්‍යයනය, අවධානමට ලක්වූ විශේෂ, විලෝපික/ගොදුරු අන්තර් ක්‍රියා, වාසභූමි, පරිසර දූෂක වලින් ගහණවලට සිදුවෙන බලපෑම් හෝ යෝජිත ඉඩම් සංවර්ධන ක්‍රියාවලියක් නිසා විශේෂවල ජීව්‍යතාවයට සිදුවෙන බලපෑම් විශ්ලේෂණය ආදියට යොමුවේ.

බලපෑම් එකක් හෝ වැඩිගණනක් මගින් පීඩාවට පත් පරිසර පද්ධතියක් අන්තර් ක්ෂේත්‍රියව අධ්‍යයනය කිරීමෙදී එයට එකිනෙකට සම්බන්ධ පරිසර විද්‍යා යොජිත අංශ කිහිපයක් ඇතුළත් විය හැකිය.උදාහරණයක් ලෙස කර්මාන්ත සංවර්ධන ක්‍රියාවලියක් පිහිටුවන මෝයක් අවට සිදුකරන අධ්‍යයනයකදී එක්තරා ජීවි විශේෂයකට ජල හා වායු දූෂණය මඟින් බලපෑම් එල්ලවිය හැකිබව පරීක්ෂා කෙරේ.මෙම අධ්‍යයනයට ජීව විද්‍යාඥයින් සත්ව ශාක පිළිබඳව විස්තර කරනු ලබයි.රසායන විද්‍යාඥයින් විසින් ජලය දූෂක වගුරට පරිවහනය කිරීම පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.හෞතික විද්‍යාඥයින් වායු දූෂක විමෝචනය පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.භූ විද්‍යාඥයින් විසින් වගුරෙහි ඇති පස් පිළිබඳව හා බොක්ක ආශ්‍රිතව ඇති මඩ පිළිබඳව තේරුම් ගැනීමට අධාර කරනු ලබයි.

පාරිසරික රසායන විද්‍යාව[සංස්කරණය කරන්න]

යනු පරිසරයේ පවතින රසායන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයයි.අධ්‍යයනය කරන ප්‍රධාන ක්ෂේත්‍රවලට පස දූෂණය හා ජල දූෂණයද අයත්ය.අධ්‍යයනය කරන මාතෘකා අතරට පරිසරයේ රසායනික හායනය, රසායනික ද්‍රව්‍යවල බහු-අවධි පරිවහනය.(උදාහරණයක් ලෙස විලක ඇති ද්‍රාවකයක් වායුගෝලයට ඇතුළුවූ විට වායු දූෂකයක් ලෙස ක්‍රියා කිරීම සහ ජීවීන් හට රසායනික ද්‍රව්‍යවලින් සිදුවෙන බලපෑම් අයත්වේ.උදාහරණයක් ලෙස අධ්‍යයනයක් ගත් විට කාන්දු වෙන ද්‍රාවක ටැංකියක ද්‍රාවක, පසට එක්වී වඳවීයාමේ තර්ජනයට ලක්වූ උභය ජීවීන්ගේ වාසස්ථානයකට ඇතුළුවේ.

භෞතික විද්‍යාඥයින් පස දූෂණය වන ප්‍රමාණය මතුපිටින් ප්‍රවාහය වන ද්‍රාවක ප්‍රමාණය, අවබෝධ කරගැනීමට පරිගණක ආදර්ශ තැනිය යුතුය.රසායන විද්‍යාඥයින් එක් එක් පස් වර්ග සමග ද්‍රාවකය ඇති කරගන්නා අණුක බන්ධන පිළිබඳව විශ්ලෙෂණය කළ යුතුය. ජීව විද්‍යාඥයින් වඳවීමේ තර්ජනයට ලක්වූ උභය ජීවියාගේ ආහාර වන ජලාශයේ වාසය කරන copepods‚ ශාකවර්ග හා පසෙහි ජීවත්වන සන්ධිපාදකයින් මත ඇතිවන බලපැඇම පිළිබඳව අධ්‍යයනය කළයුතුය.

පාරිසරික විද්‍යාව - වෘත්තියේ නියැලෙන්නන් පිළිබඳ[සංස්කරණය කරන්න]

පරිසර ගැටළුවල විශාලත්වය හා සංකීර්ණත්වය විද්‍යාඥයින් අතර අන්තර් ක්ෂේත්‍රයේ පුහුණුවක් සඳහා තදබල අවශ්‍යතාවයක් නිර්මාණය කර ඇත.පාරිසරික විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙක් රාජ්‍ය අංශයේ රැකියාව කළත් රජ‍යේ ප්‍රතිපත්ති මඟින් නව නීති රෙගුලාසි නියම කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ වඩා වර්ධනය වීමක් බලාපොරොත්තු විය.පාරිසරික විද්‍යාඥයින් හට පෞද්ගලික අංශයේ උපදේශන ආයතනවල රැකියා වර්ධනය වේගවත් විය යුතුය.ජනගහනය වැඩිවීම නිසා පරිසරය හා ජලසම්පත් කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ යාමෙන් පාරිසරික විද්‍යාඥයින්ගේ රැකියා වර්ධන වේගය ඉතා ඉහළ මට්ටමකට පවති.භූගත ජල නිදර්ශනය, පිරිසිදු වාතය හා ගංවතුර පාලනය වැනි තත්ව සම්බන්ධයෙන් පවතින සංකීර්ණ පාරිසරික නීති සහ රෙගුලාසි නිසාත් රැකියා ඉල්ලුම ඉහළ යා යුතුය.පාරිසරික විද්‍යාඥයින්ගේ රැකියා අවස්ථා 2006 -2016 මට්ටමක් ගෙන අන් සියළු රැකියා අවස්ථාවල සාමාන්‍ය අගයට වඩා 25% කින් ඉහළ යන බව බලපොරොත්තුවේ.පාරිසරික විද්‍යාඥයෙකුට ඇති එක් ප්‍රසිද්ධ රැකියාවක් නම් කසල එකතු කිරීමයි.මෙම රැකියාවේදී පාරිසරික විද්‍යාඥයෙකුට තිබිය යුතු සියළුම කුසලතා උපයෝගීකොට ගනී.

මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව[සංස්කරණය කරන්න]

මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව යනු මනුෂ්‍යයා තමා ජීවත් වන ස්වාභාවික කෘත්‍රිම හෝ සාමාජීය පරිසරයක් සමග තිබෙන සබඳතාව සෙවිමේ ක්‍රියාවලපිය වේ. එහිදි මනුෂ්‍යයාගේ හෝ මනුෂ්‍ය සමාජ පරිසරය සහ වටපිටාව සමග පවත්නා අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබද ගවේෂණය කෙරේ.

මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යා විෂය ස්ථාපනය කිරීම[සංස්කරණය කරන්න]

භූගෝල විද්‍යාඥයන් විසින් පෙර සිටම මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යව යන නාමය භාවිතා කළද 1920 දි ඇමෙරිකා එක්සත් ජනපදය එම නාමය සමාජ විද්‍යාත්මක ශ්‍රේස්ත්‍රයට අදාල නාමයක් ලෙසින් ස්ථාපනය කරන ලදි. 1950 දි අමෝස් එච් නවුලි විසින් මනුෂ්‍ය සහා පාරිසරික විද්‍යාව - සමාජීය සැලැස්ම පිළිබද න්‍යාය යන ග්‍රනථය ප්‍රකාශනයට පත් කරන ලදි. එහු එම ග්‍රන්ථය ආර්.තඩී මැකෙන්සි නම් වු මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යා ශ්‍රේත්‍රයෙහි ප්‍රරෝගාසියෙකු වු මහාචාර්යවරයාට හට පිරිනමන ලදි. ඉන්පසු හනුග් 1961 චී මෙම ශ්‍රේෂ්ත්‍රයෙහි කවයක් එක් වැදගත් ග්‍රන්ථයක් වු මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාන පිළිබද පැවැත්වු පරික්ෂණය ග්‍රන්ථය වලක්වන ලදී. මේ අයුරින් 1970 දි විලියම් ආර්. කැමන් සහ රිලි අයි. ඩන්ලැප් විසින් මනුෂධ්‍යා සහ පාරිසරික විද්‍යාවට අදාල න්‍යායන් වර්ධනය කරන ලදි. ඒ අනුව එවුන් සමාජිය කාරණා සමාජිය තත්වයගේම විස්තර කිරිම සිදු නොකරන ඒ වෙනුවට සමාජිය සැදැල්සට බලපෑම ඇති කරන භෞතික සහ ජෙව විද්‍යාත්මක තත්ත්වයන් ද ඇතුළත් කර ගන්නා ලදි. මෙලෙස සිදුවු වෙනස තුළින් මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යා විෂයට ලබා දි තිබු සමාජ විද්‍යාත්මක පැතිකඩ වෙනුවට නව පෙනුමක් ඇති විය. මෙය කැටන් සහ ඩන්ලැෂ් විසින් ඇති කරන ලද නව මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාත්මක විෂය ලෙසින් හදුන්වනු ලැබිය.

මනුෂ්‍යයා සහ පරිසරික විද්‍යව යනු මාන වේදය මනෝවිද්‍යාව සමාජ විද්‍යාව සහ පරිසර විදයාවෙහි සංකලනයකි. සමහර වඅස්ථාවන්හිදි මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාව විෂය පාරිසරික සමාජ විද්‍යාවෙහි කොටසක් වන අතර, සමහර අවස්ථාවන්හිදි එම දෙක සම්පුර්ණ වශයෙන්ම විස්මිත වේ. මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව සහ දේශපාලනික පරිසරය විද්‍යාව අතර ද සබසදතා පැවති ඇත.

පරිසර විද්‍යාවේ කොටස්[සංස්කරණය කරන්න]

පරිසර විද්‍යාව උප කොටස් වලින් සෑදි ඇති පුළුල් ක්ෂේත්‍රයකි. එහි පුළුල් වර්ගීකරණයක් දක්නට ලැබේ ඒ අනුව පද්ධතියේ අධ්‍යයනය කළ යුතු අංශ සහ ක්‍රියාවන්ට නැංවිය යුතු අංශ ලෙස අංශ 2ක් අර්ථ දක්වා ඇත.

• පරිසර කායික විද්‍යාව මගින් පරිසරය සමඟ ජීවීන්ගේ දේහ කෘත්‍ය යන්ගේ කෙලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂා කරයි.
• හැසිරීම් පරිසර විද්‍යාව මගින් ජීවීන් ඔවුන් වෙසෙන පරිසරයට අනුගත වීමට ගන්නා හැසිරීමේ භූමිකා පිළිබඳව පරීක්ෂා කරයි.
• ගහණ පරිසර විද්‍යාව මගින් ඒකීය විශේෂවල ගහණයේ ගතික බව අධ්‍යයනය කරයි.
• ප්‍රජා පරිසර විද්‍යාව ( හෝ............) මගින් පරිසර ප්‍රජාව තුළ විශේෂයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරයි.
• පරිසර පද්ධති පරිසර විද්‍යාව මගින් ශක්තිය සහ ද්‍රව්‍ය වල ගලා යාම අධ්‍යයනය කරයි.
• පද්ධති පරිසර විද්‍යාව මගින් අන්තර් ශික්ෂණ ක්ෂේත්‍රයක් වන අතර එහිදී සාකල්‍යවාදී ප්‍රවේශයකින් පරිසර පද්ධති පිළිබඳ අධ්‍යයනය සංවර්ධනය සහ සංවිධානය ගැන අවධානය යොමු කරයි.
• බිම් සකස් කිරීමේ පරිසර විද්‍යාව, බහුවිධ පරිසර පද්ධති හෝ ඉතා විශාල භූගෝලීය ප්‍රදේශයක සිදුවන ක්‍රියාවලිය සහ සම්බන්ධකම් පරීක්ෂා කරයි.
• පරිනාමීය පරිසර විද්‍යාව මගින් විශේෂ වල පරිනාමීය ඉතිහාසය සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි වන ලෙස පරිසර විද්‍යාව අධ්‍යයනය කරයි.
• දේශපාලන පරිසර විද්‍යාව මගින් පාරිසරික පාලනය සහ පරිසර වෙනස්වීම් පිළිබඳ ගැටලු දේශපාලනයට සහ ආර්ථිකයට සම්බන්ධ කිරීම සිදු කරයි.

විශේෂ වල වැදගත්කම අනුව පරිසර විද්‍යාව ක්ෂේත්‍ර වලට බෙදිය හැකිය අතර ඒවා කිහිපයක් නම් සත්ත්ව පරිසර විද්‍යාව, ‍ශාක පරිසර විද්‍යාව, කෘමිනී පරිසර විද්‍යාව, යනාදියයි. අනෙකුත් උප කොටස්වලට බෙදීම ජෛව දර්ශනය වේ. උදාහරණ ලෙස උත්තර ධ්‍රැව පරිසර විද්‍යාව (හෝ ධ්‍රැවීය පරිසර විද්‍යාව), නිවර්තන පරිසර විද්‍යාව, කාන්තාර පරිසර විද්‍යාව යනාදියයි. මෙහිදී අන්වේෂණ මගින් ප්‍රාථමික ශිල්පීය ක්‍රම ශික්ෂණය උප කාණ්ඩ වලට බෙදයි. මේවා රසායන පරිසර විද්‍යාව, ජානමය පරිසර විද්‍යාව, ක්ෂේත්‍ර පරිසර විද්‍යාව, සංඛ්‍යාලේඛණ පරිසර විද්‍යාව, න්‍යායාත්මක පරිසර විද්‍යාව, යනාදියයි.

වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති[සංස්කරණය කරන්න]

රූප විද්‍යාත්මක චිත්‍රණයේදී වර්තමාන සහ වඳවී ගිය සත්ව වර්ග හඳුනා ගැනීම සහ කාලය හා අවකාශය තුල ඔවුන් ගේ පැතිරීම හඳුනා ගැනීමට සම්බන්ධ වන ක්‍රමානුකූල ගවේශණය හා තොරතුරු වගුගත කිරීම ඇතුලත් වේ. 1. පැරණි කාලයේ කෞතුකාගාර සදන්නන් සහ ඔවුන්ගේ නවීන නියොජිතයන් වන සත්ත්ව විද්‍යාත්මක එකතූන්ගේ ආකර්ෂකයන් සහ විස්තර කරන්නන්. 2. පැරණි ගවේශකයන් සහ නවීන ස්වභාවවේදී සංචාරකයන් සහ සත්ව භූවිද්‍යාව පිළිබඳ ලේඛකයන් සහ 3. පොසිල එකතු කරන්නන් සහ පාෂාණිධාතුක විද්‍යඥයින්, මෙම මතෘකාව යටතේ එන ප්‍රධාන කාණ්ඩවල සත්ව විද්‍යාත්මක සෙවකයින්ය. අනුක්‍රමයෙන්, හන්ටර් සහ කුවියර්ගේ කාලය වන තෙක්ම අධ‍්‍යයනයන් සම්බන්ඳ වූයේ වැඩිවශයෙන්ම මතුපිට රෑප විද්‍යාත්මක චිත්‍රණය සමග වන අතර අද වන තුරුම කිසිවෙක් සතුන්ගේ ආකාරය පිළිබඳව වෙනත් අකාරවලට අධ්‍යනය කිරීම ගැන සළකා නැති අතර අභ්‍යන්තර ව්‍යුහය , පටක විද්‍යාව, කළල විද්‍යාව පිළිබඳව සිය විෂය පථයට ඇතුලත් කර නොමැත.සත්ත්ව විද්‍යාවේ නියම අරුණලු උදාවන්නේ මධ‍්‍යතන යුගයේ පෞරණික යුගයට පසු එඩ්වඩ්. එඩ්වඩ්. වොට්න් යන ඉංග්‍රීසි ජාතිකයාගේ නමත් සමඟ සම්බන්ධ වීමෙනි. ඔහු 1492 ඔක්ෆර්ඩ් හි උපත ලබා වෛද්‍යවරයෙක් ලෙස ලන්ඩනයේ ක්‍රියකර 1552දී මිය ගියේය.ඔහු ඩි ඩිෆරන්ටීස් ඇනිමාලියම් යනුවෙන් 1552දී පැරීසියෙදී ග්‍රන්තයක් ප්‍රකාශ කරන ලදී.බොහෝ විෂයන්ගෙන් ඔහු ඇරිස්ටෝටල්ගේ අනුගමිකයකු වන අතර.ඔහු විවිධ මනඃකල්පිත සංකලනයන් උගන්වමින් මධ්‍යතන යුගය පුරා සත්ව විද්‍යාත්මක දැනුමේ පදනම පිහිටුවීය. වෝටන්ගේ දක්ෂතවය වූයේ පෞරණික හා මනඃකල්පිත වර්ධනයන් ප්‍රතික්ෂේපකර ඇරිස්ටෝටල්ගේ මතයන් වෙත නැවත පැමිණීම සහ පරිසරය නිරීක්ෂණයි. ඇරිස්ටෝටල්ගේ සන්තථිකත්වය පිළිබඳ වර්ගීකරනයේ සංකල්පය හා සංසන්දනය කරන විට 16,17, හා 18 වන සියවස් වල සත්ත්ව විද්‍යාවේ දියුණුවක් නොතිබූ තරම්ය.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=පරිසර_විද්‍යාව&oldid=354852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි